BREAKING
Top Ad
Life

ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක් ද?

T

The Leader

January 5, 2025 • 5:48 AM

ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප බොහෝ දෙනෙක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු පරිභෝජනය කරති
  • ලුණුවල ඇති සෝඩියම්, ශරීරයේ නිවැරදි ජල ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර, එය සෛලවලට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වේ.
  • ලුණුවල වැදගත්කම "ලුණු ජීවිතයට අවශ්‍ය යි," එක්සත් ජනපදයේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් බ්‍රෙස්ලින් පවසයි.
  •   එක්සත් රාජධානියේ නිෂ්පාදකයින්ට, ඔවුන්ගේ ආහාරවල ඇති ලුණු ප්‍රමාණය අඩු කරන ලෙස නීතියෙන් අණ කර තිබේ   "අපගේ සියලු ම නියුරෝනවල, මොළයේ, කොඳු ඇට පෙළේ, සහ සියලුම මාංශ පේශිවල සෛල විද්‍යුත් ක්‍රියාකාරී කිරීම සඳහා ලුණු විශේෂයෙන් වැදගත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලුණු අපේ ආහාරවල රසය වැඩි කරන අතර එය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය වේ.

ලුණුවල ඇති සෝඩියම්, ශරීරයේ නිවැරදි ජල ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර, එය සෛලවලට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වේ.

බීබීසී ලෝක සේවා වැඩසටහනක් වන ද ෆුඩ් චේන්, ලුණු, මිනිස් සිරුරට ඉටු කරන කාර්යභාරයේ වැදගත්කම සහ, 'පමණට වැඩි ලුණු ප්‍රමාණයක්' යනු කොපමණ ප්‍රමාණයක් ද යන්න සොයා බලා තිබේ.

ලුණුවල වැදගත්කම

"ලුණු ජීවිතයට අවශ්‍ය යි," එක්සත් ජනපදයේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් බ්‍රෙස්ලින් පවසයි.

 salt1

එක්සත් රාජධානියේ නිෂ්පාදකයින්ට, ඔවුන්ගේ ආහාරවල ඇති ලුණු ප්‍රමාණය අඩු කරන ලෙස නීතියෙන් අණ කර තිබේ

 

"අපගේ සියලු ම නියුරෝනවල, මොළයේ, කොඳු ඇට පෙළේ, සහ සියලුම මාංශ පේශිවල සෛල විද්‍යුත් ක්‍රියාකාරී කිරීම සඳහා ලුණු විශේෂයෙන් වැදගත් වේ. එය සම සහ අස්ථි සඳහාත් අත්‍යවශ්‍ය අංගයකි".

"ප්‍රමාණවත් පරිදි සෝඩියම් නොමැති නම් අපි මිය යනවා."යැයි මහාචාර්ය බ්‍රෙස්ලින් අනතුරු අඟවයි.

සෝඩියම් ඌනතාවය හයිපොනට්රේමියාවට හේතු වන අතර එයට මානසික ව්‍යාකූල බව, නුරුස්නා බව, ප්‍රතිචාර දැක්වීම දුර්වල වීම, වමනය, වෙව්ලීම් සහ කෝමා තත්ත්වයන් ඇති කළ හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සෝඩියම් ග්‍රෑම් දෙකක් අඩංගුවන, ග්‍රෑම් පහක දෛනික ලුණු පරිභෝජනයකි. එය දළ වශයෙන් තේ හැන්දක ප්‍රමාණයට සමාන වේ.

නමුත් සාමාන්‍ය ගෝලීය පරිභෝජනය ග්‍රෑම් 11 ක් පමණ වේ. මෙය හෘද වාහිනී ආශ්‍රිත රෝග, ආමාශ පිළිකා, තරබාරුකම, ඔස්ටියෝපොරෝසිස් සහ වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව අතිරික්ත ලුණු පරිභෝජනය හේතුවෙන් සෑම වසරකම මිලියන 1.89 ක පිරිසක් මිය යති.

 salt2

කසක්ස්තානය, ශීත සෘතුවේදී මස් කල් තබා ගැනීම සඳහා ලුණු විශාල ප්‍රමාණයක් භාවිත කරයි

 

ප්‍රධානතම ලුණු පරිභෝජකයා

බොහෝ රටවල ලුණු අධිපරිභෝජනය ඇති වී ඇත්තේ, සැකසූ ආහාරවල ඇති සැඟවුණු ලුණු ප්‍රමාණයෙනි.

එහෙත් ඊට ඇති ඇතැම් හේතු ඓතිහාසික ය. කසකස්තානයේ ජනතාව දිනකට ලුණු ග්‍රෑම් 17 ක් පමණ පරිභෝජනය කරන අතර එය නිර්දේශිත ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි අගයකි.

මරියම් ජීවත් වන්නේ කසකස්තානයේ අගනුවර වන ඇස්ටානාහිය.

"ඒ අපේ උරුමය නිස යි", ඇය පවසයි. "ශතවර්ෂ ගණනාවක් තිස්සේ අපි ලුණු භාවිතයෙන් කල් තබාගත් මස් පරිභෝජනය කළා."

"පවුල්, ශීත සෘතුව සඳහා අහාර ගබඩා කරවා. ඔවුන්ට සම්පූර්ණ ගවයෙක්, බැටළුවෙක් පමණක් නොවෙයි, අශ්වයෙකුගෙන් අඩක් වුණත් කල්තබා ගත හැකියි."

මෙයට අට වසරකට පෙර, මරියම්ගේ දියණියට සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට විය. ඇගේ වෛද්‍යවරයා උපදෙස් දුන්නේ සීනි, මේදය මෙන්ම ලුණු අධික ආහාර ගැනීම අඩු කරන ලෙසටයි. එවිට පවුලේ අය වහාම ඔවුන්ගේ ආහාරවලට ලුණු එකතු කිරීම නැවැත්වූහ.


"ඊළඟ දවසේ අපේ නව ආහාර ඉතාම අප්පිරිය විදිහට අපිට දැනුණේ. අපි ආහාරයට ගත්තේ මොනවද කියාවත් අපි දන්නේ නෑ..."
 
නමුත් මේ පිළිකුල වැඩි කල් පැවතුණේ නැත. මරියම්ගේ පවුල ලුණු එකතු නොකර ආහාර ගැනීමට හුරු වූහ.
 
salt5
මරියම් පවසන්නේ කසකස්තාන වැසියන්ගේ අධික ලුණු පරිභෝජනය කරන අහාර සංස්කෘතිය ඔවුන්ට ලැබුණේ සංචාරක ජීවන රටාවක් ගත් කළ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගෙන් බවයි
 
ශරීරය ලුණුවලට ප්‍රතික්‍රියා කරන ආකාරය

අපි ලුණු අනුභව කරන විට, එය අපගේ දිවේ රස අංකුර සහ උගුරේ මෘදු තල්ල මගින් හඳුනා ගනී.

"ලුණු, අපගේ ශරීරය සහ මනස විද්‍යුත්කරණයට ලක් කරනවා." යැයි මහාචාර්ය බ්‍රෙස්ලින් පවසයි.

"ලුණු ස්ඵටික සෑදී ඇති සෝඩියම් අයන ඔබේ කෙළ සමග දිය වෙනවා".

එවිට එම අයන රස අංකුර සෛලවලට ඇතුළු වී සෘජුවම සෛලය සක්‍රීය කරයි.

"ඒකෙන් පොඩි විද්‍යුත් උත්තේජ්කයක් ඇති කරනවා."

ලුණු අපගේ සංවේදනයන් උද්දීපනය කරනු ලබන්නේ විද්‍යුත් සංඥා යැවීමේ සමත් ය. ඒ නිසා අපේ ශරීරය සහ මනස ප්‍රබෝධමත් වේ.

"ඕනෑවට වඩා වැඩි ප්‍රමාණයක්" යනු කොපමණ ප්‍රමාණයක් ද?

ලුණු මට්ටමෙන් ශරීරයට ඇති කරවන නිශ්චිත බලපෑම රඳා පවතින්නේ පුද්ගලයෙකුගේ ජානමය සැකැස්ම මතය.
 
ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින අතර, ලුණු පරිභෝජනය සීමා කිරීම අධි රුධිර පීඩනය වැළැක්වීමට සහ එයට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ.

" අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ශරීරයේ තිබෙන විට, ඔබේ ශරීරය මුලින්ම කරන්නේ ශරීරයේ ඇති ජලය රඳවාගෙන එය තනුක කිරීමයි. එබැවින් අමතර තරලය ශරීරයේ පුරා පොම්ප කිරීම සඳහා ඔබේ රුධිර පීඩනය ඉහළ දානවා." යැයි ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්‍යායේ පෝෂණ හා ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්ලෙයාර් කොලින්ස් පැහැදිලි කරයි.
 
මෙහි ප්‍රතිවිපාක අතිශය විනාශකාරී විය හැකිය.

"ඔබේ රුධිර නාලවල යම් දුර්වලතාවයක් තියෙනවා නම්, මොළයේ රුධිර නාල මෙන්ම ඒවා පුපුරා ආඝාත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්"

එක්සත් රාජධානියේ, සාමාන්‍ය ලුණු පරිභෝජනය දිනකට ග්‍රෑම් අටක් පමණ දක්වා පහත වැටී ඇති නමුත් එය තවමත් ග්‍රෑම් හයකින් පමණ නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා තිබේ. මෙලෙස ලුණු මට්ටම අඩු වීමට උපකාරී වී ඇත්තේ ආහාර නිෂ්පාදකයින්ට ලුණු මට්ටම අඩු කරන ලෙස බල කරන රෙගුලාසි ය.

නිර්දේශිත ලුණු පරිභෝජනය රටින් රටට වෙනස් වේ. මුත්‍රා පරීක්ෂණයකින් ඔබේ ශරීරයේ ලුණු ප්‍රමාණය අවශ්‍ය තරමට වඩා වැඩිද හෝ අඩුද යන්න හඳුනා ගත හැකි ය.

ඔබේ දෛනික ලුණු පරිභෝජනය ඇස්තමේන්තු කිරීමට ඔබට ආහාර දිනපොතක් හෝ ආහාර ලේබලවල දැක්වෙන සෝඩියම් අන්තර්ගතය ගණනය කරන යෙදුමක් භාවිතා කළ හැකි. මේ කිසිදු ක්‍රමයක් විශේෂයෙන් නිවැරදි යැයි කිව නොහැකි නමුත්, එය ඔබට ප්‍රයෝජනවත් දර්ශකයක් විය හැකි යයි කොලින්ස් පවසයි.
 
salt6
මරියම් තවමත් ලුණු අධිකව ඇති ඇති සාම්ප්‍රදායික බෙෂ්බර්මාක් වැනි මස් ආහාර රස විඳියි
 
ලුණු භාවිතය අවම කිරීමට ක්‍රම
 
ඔබේ ලුණු පරිභෝජනය ඉහළ මට්ටමක පැවතුනද, එය කපා හැරීම එතරම් පහසු නොවනු ඇත. ඇස්ටානාහි මරියම් තවමත් සිටින්නේ කසකස්තානයේ ජාතික ආහාරයක් වන පැස්ටා සමඟ තම්බා මස් ඇති බෙෂ්බර්මාක්වලට ඇති ඇල්ම නවතාගත නො හැකිව ය. ඇගේ වයෝවෘද්ධ මව්පියන් ද අධික ලුණු පරිභෝජනයේ අවදානම දැන සිටියද ලුණු අත්හැරීම ගැන උනන්දුවක් නො දක්වති.

මහාචාර්ය කොලින්ස් අපෙන් ඉල්ලා සිටින්නේ පාන්, පැස්ටා හෝ ලුණු අන්තර්ගතය ඉතාම අඩු අහාරයක් කෙරෙහි නැඹුරු වන ලෙසට ය.
 
"ඔබේ ආහාර වේල පිසින්නේ ඔබම නම්, ලුණු වෙනුවට ඖෂධ පැළෑටි සහ කුළුබඩු ඊට එකතු කරන්න."
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...