එසේ තීරණයකට එළඹ තමන් වාසය කරන ස්ථානයට නුදුරුව ම පිහිටි ව්‍යායාම් මධ්‍යස්ථානයක් (ජිම් එකක්) වෙත යන්නට තීරණය කරයි.
මෙලෙස ව්‍යායාම් මධ්‍යස්ථානයකට යෑම සඳහා බලපාන හේතු කිහිපයක් ද පවතී. එනම්: ව්‍යායාම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා හෝ කණ්ඩායම ඔවුනොවුන්ගේ සිරුර පවත්වාගෙන යන ආකාරය සියැසින් ම දැකගැනීමට හැකි වීම ය; එම සිරුරු දැකීමෙන් තමන්ගේ සිරුර ද ඒ ආකාරයට සකසා ගත යුතු බවට තීරණය කිරීම ය.
නමුත් ව්‍යායාම් කළ ද කිලෝ ග්‍රෑම් අසූවකින් අනූවකින් සමන්විත සිරුරක් එලෙස ඉක්මනින් හැඩැති, බර අවම සිරුරක් බවට පත් කරගත නොහැකි ය.
එසේ නම් තමන්ගේ සිරුර බර අවම, හැඩැති සිරුරක් බවට සකසා ගන්නේ කෙසේ ද යන්න නිවැරැදිව අවබෝධ කරගැනීම සඳහා පෝෂණ වෛද්‍ය විශේෂඥ (MBBS, Msc, MD) වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මෙම විඩියෝව නරඹන්න.
(සටහන | ජයසිරි අලවත්ත)



