The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා සුබ ආරංචියක්

T

The Leader Desk

March 24, 2025 • 5:00 AM

මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා සුබ ආරංචියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරේ අවසාන භාගයේ මෙම බැංකුව ස්ථාපිත කර ඇති අතර මෙය රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම ශුක්‍රාණු බැංකුව වේ.
  • මෙහි ලීටර පනහක පමණ ශුක්‍රාණු තැන්පත් කිරීමට හැකියාව ඇත.
  • මෙම බැංකුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කළ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ, මෙය ආරම්භ කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මඳසරුභාවය නිසා දරුඵල නැති මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම බවයි.
  • පසුගිය කාලයේ මෙරට උපත් අනුපාතය සීග්‍රයෙන් පහත බැස ඇති බැවින් මෙම කාර්යය සේවයක් ලෙස සලකා මෙම බැංකුවට පැමිණ ශුක්‍රාණු ප්‍රදානය කරන ලෙස වෛද්‍යවරයා පියවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය වසරේ අවසාන භාගයේ මෙම බැංකුව ස්ථාපිත කර ඇති අතර මෙය රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම ශුක්‍රාණු බැංකුව වේ. මෙහි ලීටර පනහක පමණ ශුක්‍රාණු තැන්පත් කිරීමට හැකියාව ඇත.

මෙම බැංකුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කළ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ, මෙය ආරම්භ කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මඳසරුභාවය නිසා දරුඵල නැති මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම බවයි.

1721911543 34863822

 

පසුගිය කාලයේ මෙරට උපත් අනුපාතය සීග්‍රයෙන් පහත බැස ඇති බැවින් මෙම කාර්යය සේවයක් ලෙස සලකා මෙම බැංකුවට පැමිණ ශුක්‍රාණු ප්‍රදානය කරන ලෙස වෛද්‍යවරයා පියවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙහිදී ශුක්‍රාණු ප්‍රදානය කරන තැනැත්තාගේ මෙන්ම ඒවා තැන්පත් කරන මව්පියන්ගේ රහස්‍යභාවය දැඩිව ආරක්ෂා කරන බවත්, පසුගිය කාලය තුළ මෙම බැංකුව ඉතා සාර්ථකව පවත්වාගෙන ගිය බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

 

59889089

ශුක්‍රාණු ප්‍රදානය කිරීමට කැමැති පියවරුන් ඒ සඳහා පරීක්ෂණ කිහිපයක් සඳහා යොමු විය යුතු වේ. ඒ අනුව ඔවුන් එච්.අයි.වී. සහ හෙපටයිටීස් වැනි රෝගවලට අදාළ පරීක්ෂණ කිහිපයකට භාජනය කරන අතර ඉන් සමත්වන පියවරුන් නැවත මාස තුනකට පසුව එම පරීක්ෂණ සඳහාම යොමු කෙරෙයි. අදාළ පරීක්ෂණවලින් පසු සුදුසුකම් සපුරන පියවරුන්ගෙන් පමණක් මෙම ශුක්‍රාණු ලබා ගන්නා බවද වෛද්‍ය අජිත් දන්තනාරායන කීය.

මේ සඳහා දායකත්වය ලබාදෙන ලෙස කාසල් කාන්තා රෝහල සියලු පියවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර 0112678599 සහ 0112672216 යන දුරකථන ඔස්සේ මෙම බැංකුව සමග සම්බන්ධ වීමේ හැකියාව පවතී.

( aruna : ගයාත්‍රි ගීගනආරච්චි)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...