BREAKING
Top Ad
Life

ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

T

The Leader

April 17, 2025 • 12:17 AM

ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජලය ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5 ක් පමණ පානය කිරීමට නිර්දේශ කරයි.
  • අපගේ ශරීර බරෙන් 60%ක් පමණ ජලයෙන් සමන්විත වේ.
  • මෙය ජල සමතුලිතතාව ලෙස හැඳින්වේ.
  • අධික ලෙස ජලය පානය කිරීම අනතුරුදායක ද?
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, විද්‍යාඥයින් පවසන්නේ අපගේ ජල අවශ්‍යතා සාධක කිහිපයක් මත රඳා පවතින බව ය.

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම විජලනය වීමට හේතු විය හැකි නමුත් නියමිත ප්‍රමාණය ඉක්මවා පානය කිරීම ද මාරාන්තික විය හැකි ය.

අපගේ ශරීර බරෙන් 60%ක් පමණ ජලයෙන් සමන්විත වේ. එය අපගේ සෛල, අවයව, රුධිර නාල සහ අපගේ ශරීරයේ විවිධ නාලවල පවතී.

ස්කොට්ලන්තයේ ස්ටර්ලිං විශ්වවිද්‍යාලයේ සජලනය පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය නිඩියා රොඩ්‍රිගේ-සැන්චෙස් පවසන පරිදි "ජලය පෝෂ්‍ය පදාර්ථයකි".

gettyimages 1487256441
"අපි ප්‍රෝටීන්, විටමින්, කාබෝහයිඩ්‍රේට් සහ තන්තු අඩංගු ආහාර ගැන අවධානය යොමු කරනවා. ඒත්, වතුර අපේ ජීවිතයේ වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් කියන දේ අපි හිතන්නේ නැහැ."

සෑම ශාරීරික ක්‍රියාවලියකදී ම පාහේ ජලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයට අනුව, එහි ප්‍රධාන භූමිකාවන් කිහිපයක් මෙසේ ය:

* සෛලවලට පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් රැගෙන යාම

* මුත්‍රාශයෙන් බැක්ටීරියා ඉවත් කිරීම

* ආහාර දිරවීමට උපකාර කිරීම

* මලබද්ධය වැළැක්වීම

* රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීම

* අස්ථි දෙකක් හමුවන ස්ථානවල තරගයක් ලෙස ක්‍රියා කිරීම

* අවයව හා පටක ආරක්ෂා කිරීම

* ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම

* විද්‍යුත් විච්ඡේදනයේ (සෝඩියම්) සමතුලිතතාව පවත්වා ගැනීම

ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළහොත් කුමක් සිදුවේ ද?

ageඔබට කොපමණ ජලය අවශ්‍ය ද යන්න වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දේශගුණය සහ ශාරීරික ක්‍රියාකාරකම් වැනි විවිධ සාධක මත රඳා පවතී.

දහඩිය, මුත්‍රා කිරීම සහ හුස්ම ගැනීම හරහා පවා අපට නිතර ම ජලය අහිමි වේ. නිරෝගීව සිටීමට නම්, අප එසේ අහිමි වන ජලය යළි ලබා ගත යුතු ය. මෙය ජල සමතුලිතතාව ලෙස හැඳින්වේ.

ශරීරයට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් අහිමි වූ විට, විජලනය සිදුවිය හැකි ය. මෙය බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට මග විවර කරයි.

විජලනයේ රෝග ලක්ෂණ

* තද කහ, අධික ගන්ධයක් සහිත මුත්‍රා පිටවීම

* සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුවෙන් මුත්‍රා කිරීම

* කරකැවිල්ල හෝ සිහිමඳ ස්වභාවය

* තෙහෙට්ටුව

* වියළි මුඛයක්, වියළි තොල් සහ දිව

* ගිලුණු ඇස්


shutterstock 204320818
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි, බරපතළ අවස්ථාවලදී, විජලන ව්‍යාකූලත්වය, වේගවත් හෘද ස්පන්දන වැඩිවීම සහ අවයව අක්‍රිය වීමට පවා හේතු විය හැක.

අධික ලෙස ජලය පානය කිරීම අනතුරුදායක ද?

ඔව් - එහි ප්‍රතිඵල බරපතළ විය හැකි ය.

කෙටි කාලයක් තුළ අධික ලෙස ජලය පානය කිරීම හයිපොනෙට්‍රීමියාව ඇති කළ හැකි අතර එය ජලය විෂ වීම ලෙස ද හැඳින්වේ. එය සිදුවන්නේ ඔබේ රුධිරයේ සෝඩියම් සමතුලිතතාව භයානක ලෙස අඩු වූ විට ය, ශරීරයේ සෛල ඉදිමීමට එය හේතු වේ.

drinking water
හයිපොනෙට්‍රීමියා රෝග ලක්ෂණ:

* ඔක්කාරය හා වමනය

* හිසරදය

* ව්‍යාකුලත්වය

* ශක්තිය අඩුවීම, නිදිමත ස්වභාවය සහ තෙහෙට්ටුව

* නොසන්සුන් බව සහ නුරුස්නා බව

* මාංශ පේශි දුර්වලතා, මාංශ පේශි වේදනාව හෝ මස්පිඩු පෙරළීම.

* අපස්මාරය

* දරුණු අවස්ථාවලදී, කෝමා තත්ත්වයට පත්විය හැකි ය.

2018 දී, ජොහානා පෙරී ඇගේ දියණිය සහ බෑණා සමග ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වීම සඳහා පුහුණුවීම්වල නිරත වී සිටියා ය. එය ඉතා උණුසුම් දවසක් වූ අතර, ස්වේච්ඡා සේවකයන් ධාවකයන්ට ලබා දුන් ජලය විශාල ප්‍රමාණයක් ඇය පානය කරමින් සිටියා ය.

"මට මතක තියෙන අවසාන දේ අර්ධ මැරතන් තරගයේ සලකුණ විතර යි," ඇය බීබීසීයේ The Food Chain වැඩසටහනට පැවසුවා ය.

දැඩි සත්කාර ඒකකයේ දින තුනක කාලයක් ගත කිරීමෙන් පසුව ජොහානා අවදි විය. ඇගේ සැමියා විසින් පටිගත කරන ලද වීඩියෝවක ඇය තරගයේ අවසන් රේඛාව පසු කරන ආකාරය පෙන්නුම් කළ ද ඇයට ඒ කිසිවක් මතකයේ නොතිබිණි.

"මගේ හස්බන්ඩ් එක්ක මිතුරන් කිහිප දෙනෙක් එතන හිටියා. ඔවුන් මට අත වනමින් කතා කළා - මගේ ශරීරය වෙව්ලුවා. අපි ගෙදර ආවට පස්සේ මට ගොඩක් අසනීප වෙලා පස්සේ සිහි නැති වුණා," ඇය ආවර්ජණය කළා ය.

"මම ගොඩක් වතුර බිව්වා, ඒකෙන් මගේ ශරීරය නිසි ලෙස ක්‍රියා කරන්න අවශ්‍ය සියලු ම ලවණ සහ පෝෂ්‍ය පදාර්ථ ඉවත් වුණා."

ජොහානාගේ සිද්ධියෙන් ඉස්මතු වන්නේ ශරීරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජලය ප්‍රමාණයක් ගත් විට ශරීරයට සිදුවන දෙය යි.

දියර ඉක්මනින් රුධිරයට අවශෝෂණය වේ. අමතර ජලය වකුගඩු මගින් පෙරීම සිදු කරන අතර එමගින් මුත්‍රා සෑදේ. කෙසේ වෙතත්, වකුගඩුවලට පැයකට ජලය ලීටර් එකක් පමණ සැකසිය හැකි ය.


සැබවින් ම අපට කොපමණ ජලය අවශ්‍ය ද?


watermelan අප ආහාරයට ගන්නා බොහෝ ආහාරවල ජලය බහුල ලෙස අඩංගු වේ. උදාහරණයක් ලෙස කොමඩුවල 92% ක් පමණ ජලය අඩංගු වේ.
නිරෝගීව සිටීමට නම්, දිනකට වතුර කෝප්ප හයේ සිට අට දක්වා ප්‍රමාණයක් පානය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු නිර්දේශ කරති.

යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය කාන්තාවන් සඳහා ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා ලීටර් දෙක හමාරක් නිර්දේශ කරයි. පාන වර්ග පමණක් නොව, ඊට ආහාර ඇතුළු සියලු ම ප්‍රභවයන්ගෙන් ලැබෙන ජලය ඇතුළත් වේ.

පලතුරු, එළවළු, සහල් සහ ධාන්‍ය ඇතුළු බොහෝ ආහාරවල ජලය අඩංගු වේ. උදාහරණයක් ලෙස කොමඩුවල 92%ක පමණ ජලය ඇත.

නමුත් එම නිර්දේශ සෑම පුද්ගලයෙකුට ම සුදුසු නොවිය හැකි ය.

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ස්පීක්මන්, රටවල් 23ක පුද්ගලයින් 5,000කට අධික සංඛ්‍යාවකගේ ජල පරිභෝජනය අධ්‍යයනය කළ ගෝලීය අධ්‍යයනයකට සහභාගී විය.

"වයස අවුරුදු විස්සත් හැටත් අතර පිරිමින්ට දිනකට ලීටර් 1.8ක් පමණ අවශ්‍ය යි. එම වයස් කාණ්ඩයේ ම කාන්තාවන්ට ලීටර් 1.5 සිට 1.6 දක්වා අවශ්‍ය වෙනවා. වයස අවුරුදු 85ක් පමණ වුණා ම, ඔබට අවශ්‍ය වෙන්නේ දවසකට වතුර ලීටරයක් පමණ යි," මහාචාර්ය ස්පීක්මන් පැහැදිලි කරයි.

පුද්ගලයෙකුට කොපමණ ජලය අවශ්‍ය ද යන්න, ශරීර බර, ශාරීරික ක්‍රියාකාරකම්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ පරිසරය වැනි සාධක මත රඳා පවතී.

"ඔබට කොච්චර ජලය ප්‍රමාණයක් අවශ්‍ය ද කියන එකට බලපාන ප්‍රධාන සාධකය ඔබේ සිරුර කොතරම් විශාල ද කියන එක," ඔහු තවදුරටත් පවසයි.

"ඔබ උණුසුම් හා තෙතමනය සහිත ස්ථානයක ජීවත් වෙනව නම්, ඔබේ ජල අවශ්‍යතාව සීතල හා වියළි ස්ථානයක ජීවත් වන කෙනෙකුට වඩා සැලකිය යුතු ලෙස වැඩි වෙන්න පුළුවන්."

wp 1610510331117

පිපාසය යනු ශරීරයට වැඩිපුර ජලය අවශ්‍ය බව පවසන ක්‍රමය යි. ඔබේ මුත්‍රාවල වර්ණය තවත් ලකුණක් - සුදුමැලි කහ පැහැය යනු ඔබ සජලනය වී ඇති බව කියා පායි, තද කහ පැහැය යනු ඔබ විජලනය වී ඇති බවට සලකුණකි.

ඔබට වමනය හෝ පාචනය ඇත්නම්, ඔබ වැඩිපුර ජලය පානය කළ යුතු ය.

බීබීසී පුවත් සේවයේ The Food Chain වැඩසටහන පාදක කරගෙන මෙම ලිපිය සකස් කෙරිණි.


උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...