BREAKING
Top Ad
Life

තාක්ෂණය භාවිතයෙන් කතුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් ගොඩනගමු

T

The Leader

April 25, 2025 • 5:48 AM

තාක්ෂණය භාවිතයෙන් කතුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් ගොඩනගමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොහොතකට, ඔබගේ දර්ශන ඩිජිටල් තාක්ෂණික මෙවලම් ආධාරයෙන් වෙනස් කොට විකෘති කරන ලද අන්තර්ගතයක් අන්තර්ජාලය පුරා විසිරී ඇති බව සොයාගැනීමට හැකිවුවහොත් ඔබට දැනෙන කම්පනය ගැන සිතා බලන්න.
  • තව ද ලෝකයේ විවිධ කලාපවලින් ලබාගත් තොරතුරු මගින් තහවුරු වන්නේ තාක්ෂණයෙන් පහසුකම් සැපයූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලොව සෑම තැනක ම සිදුවන බවයි.
  • මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ වාර්තාවකට අනුව ප්‍රධාන අභියෝග 3ක්  හදුනාගෙන ඇත.
  • ගෝලීය අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ තරුණ කාන්තාවන් සහ ගැහැනු ළමයින්ගේ 58%ක් යම් ආකාරයක හෝ මාර්ගගත හිරිහැරයකට මුහුණ දී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේවා හුදෙක් උපකල්පිත අවස්ථාවන් නොවේ. මේවා අද ඩිජිටල් ලෝකයේ සැරිසරන දහස් සංඛ්‍යාත කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අත්විදීමට සිදුවන අවාසනාවන්ත ඉරණමකි.

තාක්ෂණයත් සමග ඉදිරියට යන ලෝකය තුල, ඩිජිටල් ලෝකය සැමට ආරක්ෂිත අවකාශයක් විය යුතු ය. ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් ගොඩනගා, කාන්තාවන්ට එරෙහි තාක්ෂණයෙන් පහසුකම් සපයන ප්‍රචණ්ඩත්වය දුරලන ආකාරය පිළිබඳව මෙම ලිපිය තුලින් විමසා බලමු.

 


තාක්ෂණයෙන් පහසුකම් සපයන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය

තාක්ෂණයෙන් පහසුකම් සපයන ලද ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් හෝ වෙනත් ඩිජිටල් මෙවලම් භාවිතයෙන් සිදු කළ, සහාය වූ, උග්‍ර කළ හෝ විස්තාරණය කළ: ශාරීරික, ලිංගික, මානසික, සමාජීය, දේශපාලනික හෝ ආර්ථික හානියක් හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හේතු වන හෝ ඇති කිරීමට ඉඩ ඇති ඕනෑම ක්‍රියාවකි.

 

තාක්ෂණික විප්ලවය තුළ දැනට පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ විවිධ ආකාරවලට අමතරව ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සිදු කරන අනවසරයෙන් ඇතුළු වී පෞද්ගලික තොරතුරු සොරාගැනීම, වීඩීයෝ සහ රූප ආශ්‍රයෙන් සංස්කරණය කළ අපයෝජන නිර්මාණ, සයිබර් හිරිහැර කිරීම, සාවද්‍ය පුවත් සංස්කරණය මඟින් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීම යනාදි විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්ව කාන්තාවන් ඉලක්කගත කර ඩිජිටල් අවකාශය තුළ සිදුවන බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ.

ලෝකය තුළ තාක්ෂණය භාවිතා කර සිදු කරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අත්විදින කාන්තාවන් සහ ගැහැනු ළමයින් පිළිබඳ දත්ත විකාශණය

 

ශ්‍රී ලංකාවේ සිදුවන ළමා ගැබ් ගැනීම්: 2024 වසරේ දී වාර්තා වූ 'ළමා මව්වරුන්'  අතර වයස අවුරුදු 10ක දැරියක්
ලොව පුරා සිදු කළ අධ්‍යයන පර්යේෂණවලින් පෙනී යන්නේ කාන්තාවන්ගෙන් 16%-58%ත් අතර ප්‍රමාණයක් මෙවැනි ප්‍රචණ්ඩත්වයට මුහුණ පා ඇති බවයි. (එක්සත් ජාතීන්ගේ, කාන්තාවන් පිළිබඳ වූ කාර්යාලය).

තව ද ලෝකයේ විවිධ කලාපවලින් ලබාගත් තොරතුරු මගින් තහවුරු වන්නේ තාක්ෂණයෙන් පහසුකම් සැපයූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලොව සෑම තැනක ම සිදුවන බවයි.

මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ වාර්තාවකට අනුව ප්‍රධාන අභියෝග 3ක්  හදුනාගෙන ඇත. ඒවා නම්:

 

කොරෝනා: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනයට මහජන සෞඛ්‍යය ප්‍රවේශයක් අවශ්‍යයි
*කාන්තා අයිතිවාසිකම් වලට එරෙහිව ගොඩ නැගෙන විරෝධය,

*කෘතීම බුද්ධියේ (AI) වේගවත් වර්ධනය සහ මනෝගෝලයේ ප්‍රසාරණය තුළින් ප්‍රධාන ධාරාවේ කාන්තාවන්ට එරෙහි මහජන ආකල්ප හැඩගස්වන සහ

*ප්‍රචණ්ඩත්වයට හේතුවන ස්ත්‍රී විරෝධී අන්තර්ගත්යෙන් යුතු පරිසරයක් නිර්මාණය වීමයි.

 

සුලභව සිදුවන තාක්ෂණය භාවිතා කර සිදුකරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ විවිධ ආකාර

Phones 31
ඩිජිටල් අවකාශ තුළ සිදුවන ලිංගික හිරිහැර සහ ලුහුබැඳීම් යනු කාන්තාවන් සහ ගැහැනු ළමයින් විසින් අත්විඳින ලද, තාක්ෂණයෙන් පහසුකම් සපයන ලද ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන ආකාර වේ.

රූප මත පදනම් වූ අපයෝජන, අනුමැතියකින් තොරව පෞද්ගලික ඡායාරූප බෙදාගැනීම, අනවශ්‍ය පණිවිඩ, සමාජ මාධ්‍ය සටහන් සහ දුරකතන ඇමතුම් මගින් සිදුකරන ලිංගික අල්ලස් සහ බලපෑම්ද   මෙම තාක්ෂණයෙන් පහසුකම් සැපයූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ අනෙකුත් පැතිකඩ වේ.

තාක්ෂණය භාවිතා කර සිදුකරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සඳහා හඳුනාගෙන ඇති අවදානම් කණ්ඩායම්

තරුණ කාන්තාවන් සහ ගැහැනු ළමයින්

කොරෝනා: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනයට මහජන සෞඛ්‍යය ප්‍රවේශයක් අවශ්‍යයි
ඉගෙනීමේ කටයුතුවලට, සමවයසේ මිතුරන් සමග සම්බන්ධ වීමට සහ විවිධ තොරතුරු ප්‍රවේශයට ගැහැනු ළමයින් සහ තරුණ කාන්තාවන් වැඩි වශයෙන් අන්තර්ජාලය සහ අනෙකුත් තාක්ෂණික මෘදුකාංග භාවිතා කරන බැවින් ඔවුන් මේ සඳහා වැඩි අවධානමකට මුහුණ දෙයි.

ගෝලීය අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ තරුණ කාන්තාවන් සහ ගැහැනු ළමයින්ගේ 58%ක් යම් ආකාරයක හෝ මාර්ගගත හිරිහැරයකට මුහුණ දී ඇති බවයි.

බහුවිධ වෙනස්කොට සැලකීම්වලට මුහුණදෙන කාන්තාවන්

 

ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය 'අකැප' ද?
ආබාධ සහිත කාන්තාවන්, ආදිවාසී කාන්තාවන්, කළු සහ අනෙකුත් වර්ණ කාන්තාවන් සහ සංක්‍රමණික කාන්තාවන් ඩිජිටල් අවකාශය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වයේ ඉහල අවධානමකට මුහුණ දෙයි.

දේශපාලනයේ සහ පොදු කටයුතුවල නිරතවෙන කාන්තාවන්

 

මාධ්‍යවේදිනියන්, දේශපාලනයේ නිරතවන කාන්තාවන්, මානව හිමිකම් ආරක්ෂකයින්, ක්‍රියාකාරනියන් සහ රංගන ක්ෂේත්‍රයේ නියැළෙන කාන්තාවන් මෙම ප්‍රචණ්ඩත්වයට වැඩි වශයෙන් මුහුණදෙයි. යුනෙස්කෝ අධ්‍යයනයකින් හෙළි වූයේ කාන්තා මාද්‍යවේදීන්ගෙන් 73%ක් තම වෘත්තිය අතරතුර මාර්ගගත ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති බවයි.

තරුණ මාධ්‍ය ජාලයකට එක්වන්න අවස්ථාවක් !

 

තාක්ෂණය භාවිතා කර සිදුකරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග

*  කාන්තාවන් ආරක්ෂා කිරීම සහ ප්‍රචණ්ඩත්වයේ මුල් අවධි ඇතිවීම වැළැක්වීම සඳහා  ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට, රජය, තාක්ෂණික අංශ, සිවිල් සමාජය සහ කාන්තා අයිතිවාසිකම් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම.

* මෙවැනි ප්‍රචණ්ඩත්වයට හේතු, අපරාධකරුවන්ගේ පැතිකඩ පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම සහ වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ උත්සාහ දැනුම් දීම සඳහා වන දත්තවල පවතින අඩුපාඩු ආමන්ත්‍රණය කිරීම.

* ඩිජිටල් වේදිකා හරහා දත්ත භාවිතය පිළිබඳ විනිවිදභාවය සහ වගවීමේ ප්‍රමිති ස්ථාපනය කිරීමෙන් තාක්ෂණික කර්මාන්තය පවත්වාගැනීම.

* තාක්ෂණය භාවිතයෙන් සිදු කරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විධිමත් නීති සහ රෙගුලාසි සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම.

* ප්‍රචණ්ඩත්වයෙන් තොර ආරක්ෂිත ඩිජිටල් මෙවලම් සහ අවකාශ සැලසුම් කිරීම සහ භාවිතය පිළිබඳ දැනුවත් කිරීම සඳහා, තාක්ෂණික අංශයේ සහභාගී වීමට සහ නායකත්වය දීමට කාන්තාවන් සහ ගැහැනු ළමයින් බල ගැන්වීම.


ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය' කාගේ ද?
තාක්ෂණය භාවිතා කර කාන්තාවන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වය අද රට සහ ලෝකය තුල ගැඹුරින් මුල් බැස ගෙන පවතී. මේ සම්බන්ධව සාමූහිකව ක්‍රියාකිරීම තුලින් ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් නිර්මාණය කිරීම අප සැමගේම යුතුකම වේ.

WhatsApp Image 2025 04 25 at 3.51.52 PM(සටහන | විමුක්ති ධනංජය)
සමාජ ක්‍රියාකාරී
wimukthi97baduge@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...