BREAKING
Top Ad
Life

ඩුබායි චොක්ලට්: කාන්තාවකගේ දොළදුක් ආශාව ලෝකයේ ම උමතුවක් ඇති කළ චොක්ලට් වර්ගයක් වූ හැටි

T

The Leader

May 2, 2025 • 3:29 AM

ඩුබායි චොක්ලට්: කාන්තාවකගේ දොළදුක් ආශාව ලෝකයේ ම උමතුවක් ඇති කළ චොක්ලට් වර්ගයක් වූ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝන පිස්ටාෂියෝ පිරවුම සහ නෆේ (Knafeh) අතුරුපසක ඇති රසය නිසා ඩුබායි චොක්ලට් ජනප්‍රිය වී තිබේ
  • ඔබ TikTok භාවිත කරන්නේ නම්, චොකලට්, පිස්ටාෂියෝ සහ ටහීනි රසැති ෆිලෝ පේස්ට්‍රි සමග ඒකාබද්ධ කරන සහ අරාබි අතුරුපසක් වන නෆේවලින් ආභාසය ලැබූ චොක්ලට් බාර් එක දැක ඇතුවාට සැකයක් නැත.
  • FIX Chocolatier සමාගම නිපදවූ Can't Get Knafeh of It නම් චොක්ලට් වර්ගය 2022 සිට අලෙවි කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණකි.
  • FIX හි සම හිමිකරු වන යෙසෙන් අලානි සහ ඔහුගේ බිරිඳ සාරා හමූදා, බීබීසීයට පැවසුවේ ඩුබායි චොක්ලට්වලට ලැබෙන ගෝලීය අවධානය "ප්‍රශංසනීය" බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) නිවාඩුවක් ගත කරමින් සිටියදී, මගේ සිතේ තිබුණේ එක ම එක අරමුණක් පමණි - ඒ, අතිශය ජනප්‍රිය වූ "ඩුබායි චොකලට්" එකක් අතට ගැනීම ය.

ඔබ TikTok භාවිත කරන්නේ නම්, චොකලට්, පිස්ටාෂියෝ සහ ටහීනි රසැති ෆිලෝ පේස්ට්‍රි සමග ඒකාබද්ධ කරන සහ අරාබි අතුරුපසක් වන නෆේවලින් ආභාසය ලැබූ චොක්ලට් බාර් එක දැක ඇතුවාට සැකයක් නැත.

FIX Chocolatier සමාගම නිපදවූ Can't Get Knafeh of It නම් චොක්ලට් වර්ගය 2022 සිට අලෙවි කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණකි. එය සමාජ මාධ්‍ය හරහා කොතරම් ජනප්‍රිය වී ද යත් එය දිනකට පැය දෙකක කාලයක් පමණක් අලෙවි කරන අතර, බොහෝවිට සියල්ල මිනිත්තු කිහිපයකින් විකිණී අවසන් වේ.

එහෙත්, මේ වන විට "ඩුබායි චොක්ලට්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අනුකරණ චොක්ලට්, Waitrose, Lidl සහ Morrisons ඇතුළු එක්සත් රාජධානියේ සුපිරි වෙළෙඳසල්වලට ද ඇතුළු වී ඇති අතර, ඇතැම් සුපිරි වෙළෙඳසල් පාරිභෝගිකයින්ට මිල දී ගැනීමට අවසර දී ඇති චොක්ලට් බාර් ගණන සීමා කර තිබේ.

FIX හි සම හිමිකරු වන යෙසෙන් අලානි සහ ඔහුගේ බිරිඳ සාරා හමූදා, බීබීසීයට පැවසුවේ ඩුබායි චොක්ලට්වලට ලැබෙන ගෝලීය අවධානය "ප්‍රශංසනීය" බව ය.

 

සැමියා සහ බිරිඳ යෙසන් අලානි සහ සාරා හමූදා එක්ව ඔවුන්ගේ චොකලට් ව්‍යාපාරය ආරම්භ කළහ

 

FIX චොකලට් බාර් එක මුලින් ම සිතින් මවා ගනු ලැබුවේ, 2021 දී හමූදා විසින් වන අතර, ඇය ගැබ්ගෙන සිටියදී එහි රසයන්ට ආශා කළා ය.

වසරකට පසුව අලානි සහ හමූදා එක්ව චොක්ලට් වර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කළ අතර, ඔවුන් සිය ආයතනික රැකියා සමග ව්‍යාපාරය ද පවත්වාගෙන ගියහ.

"සාරා සහ මම එක්සත් රාජධානියේ හැදී වැඩුණේ. අපි වසර 10කට පෙර ඩුබායිවලට ගියා. ඒ නිසා අපට බටහිර හා අරාබි ආභාසයන් තියෙනවා."

"අපට ඕන වුණා ඒ අභාසයන් මුල් කරගෙන අලුත් රසයක් නිර්මාණය කරන්න," අලානි පවසයි.

 

Dubaipistachioknafehchocolatebar

චොකලට්වල ආකර්ෂණීයභාවයේ කොටසක් වන්නේ එහි ඇති සුවිශේෂීත්වය යි. එනම්, ඔබට එය ඇණවුම් කළ හැක්කේ ආහාර ඇණවුම් කිරීමේ යෙදුමක් හරහා පමණක් වන අතර සාප්පුවකට ඇතුළු වීමෙන් හෝ සුපිරි වෙළෙඳසලකින් එය මිල දී ගත නොහැක.

චොක්ලට් බාර් එකක් සඳහා ස්ටර්ලිං පවුම් 15ක් පමණ වැය වන අතර සමාගමට ඔවුන්ගේ සියලු ම ඇණවුම් ඉටු කළ හැකි බව සහතික කිරීම සඳහා දවසේ නිශ්චිත වේලාවන් තුළ පමණක් මිල දී ගත හැකි ය.

"ඩුබායි චොකලට්" ලෙස නම් කර ඇති, පිස්ටාෂියෝ සහ ෆිලෝ පේස්ට්‍රිවල පින්තූරවලින් ආවරණය කර ඇති සමාන චොක්ලට් බාර් ද කලාපයේ බොහෝ වෙළෙඳසල්වල අලෙවි කරනු මම දුටුවෙමි.

"අනුකරණය කළ" චොක්ලට් ගැන "හුඟක් කලකිරෙනවා. මොක ද අනුකරණ නිෂ්පාදනවලින් අපගේ වෙළෙඳ නාමයට හානියක් වෙනවා," ඇලනි පවසයි.

 kunafa 3

කනේෆා යනු මැද පෙරදිග ජනප්‍රිය අතුරුපසක් වන අතර එය පැණිරස චීස් පිරවුම් සහ පිස්ටාෂියෝවලින් සාදා ඇත.

 

මෙම චොක්ලට් වර්ගයේ ජනප්‍රියතාව ඉහළ යාමට එක් හේතුවක් වූයේ සමාජ මාධ්‍ය යි - 2023 දී ටික්ටොක් භාවිත කරන්නියක වන මාරියා වෙහෙරා විසින් පළ කරන ලද වෛරස් වීඩියෝවක් එහි ප්‍රමුඛත්වයට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.

එහි දැක්වුණේ වෙහෙරා පළමු වරට නෆේ චොක්ලට් බාර් එකක් කමින් සිටින කරන ආකාරය යි. එම චොක්ලට් නිෂ්පාදකයා විසින් ම සාදන ලද තවත් චොක්ලට් කිහිපයක් සමග එය මිලියන හතකට ආසන්න වාරයක් ලයික් කර තිබිණි.

චොක්ලට් බාර් එකේ පෙනුම සමාජ මාධ්‍ය වෙනුවෙන් නිර්මාණය කර ඇත - සිනිඳු කිරි චොකලට් මුදුනේ ඇති ආකර්ෂණීය තැඹිලි සහ කොළ පැහැති බින්දුවල සිට ඉන් කැබැල්ලක් කඩා ගත් විට ඇති වන ශබ්දය දක්වා සමාජ මාධ්‍ය ඉලක්ක කර තිබේ.

චොක්ලට් පිස්ටාෂියෝ සමග මිශ්‍ර කිරීම අලුත් දෙයක් නොවේ, නමුත් සැබෑ කැපී පෙනෙන අංගය වන්නේ පිරවුමේ ඇති නැවුම් ස්වභාවය යි. ෆිලෝ පේස්ට්‍රි එම චොක්ලට් බාර් එකට මෝස්තරයක් සහ ඝනකමක් එක් කරයි.

 kunafa 4

ඩුබායි සහ ගෝලීය වශයෙන් බොහෝ රටවල අනුකරණ චොක්ලට් මතු වෙමින් තිබේ

 

Can't Get Knafeh of It චොක්ලට් බාර් එක එක් රටකින් පමණක් මිල දී ගත හැකි බැවින්, අනෙකුත් වෙළෙඳ නාම එක්සත් රාජධානියේ අනුකරණ විකිණීමට පටන්ගෙන ඇති අතර, ස්විට්සර්ලන්ත චොක්ලට් නිෂ්පාදකයෙකු වන Lindt ද ඇතුළුව, ඔවුන්ගේ ඩුබායි චොක්ලට් සුපිරි වෙළෙඳසල්වල පවුම් 10කට අලෙවි කෙරේ.

එම චොක්ලට් බාර් සිය අලෙවි සල්වල අලෙවියට තැබූ දා සිට, තොග මට්ටම් නියාමනය කිරීම සඳහා චොක්ලට් බාර් දෙකක් පමණක් මිල දී ගත හැකි බවට සීමාවක් පැනවීමට සිදුවූ බව Waitrose සුපිරි වෙළෙඳසල පවසයි.

තවත් නිෂ්පාදනයක් Home Bargains වෙළෙඳසල අලෙවි කර ඇති අතර, Lidl සුපිරි වෙළෙඳසලේ පවුම් 4.99කට තමන්ගේ ම නිෂ්පාදනයක් ඇති අතර එය මිල දී ගැනීමට ද සීමා පනවා තිබේ.

මේ හේතුවෙන් චොක්ලට් වෙළෙඳසල්වල සඟවා තබා ඇති ආකාරය එක් ඉන්ෆ්ලුවන්සර්වරයෙක් සටහන් කර තිබේ.

 

intro 1739304808
Lindt චොක්ලට් සහ අසල කඩවල විකුණන තවත් අනුකරණ කිහිපයක රස බැලීමෙන් පසු, වැටහුණේ, ඒ වර්ග දෙක අතර පැහැදිලි වෙනසක් පවතින බව ය.

FIX චොකලට් "අතුරුපස චොක්ලට්" ලෙස හඳුන්වනු ලබන අතර බොහෝ කිරි නිෂ්පාදන මෙන් කෙටි කල් ඉකුත් වීමේ දිනයක් සහිත ඒවා ශීතකරණයේ තබා ගත යුතු ය.

දීර්ඝ කාලයක් කල් ඉකුත් නොවීම සඳහා නිර්මාණය කර ඇති අනෙක් ඒවා එසේ නොවේ.

රසයේ සහ පෙනුමෙහි වෙනස ඔබට දැකගත හැකි ය - මුල් තීරුව Lindt තීරුවේ පළල මෙන් දෙගුණයක් පමණ වන අතර එය සම්මත චොකලට් තීරුවක ප්‍රමාණයට සහ හැඩයට වඩාත් ගැලපේ.

b5y534534
අලානි සහ හමූදා මුලින් ම චොක්ලට් නිෂ්පාදනය ආරම්භ කළ විට, දිනකට ඇණවුම් හයක් හෝ හතක් පමණ ඉටු කිරීම සඳහා ඔවුහු එක් පුද්ගලයෙකු යොදවා ගත්හ.

නමුත් ප්‍රධාන වශයෙන් TikTok නිසා ජනප්‍රියත්වය වර්ධනය වීමත් සමග, ඔවුන්ගේ ව්‍යාපාරය දැන් දිනකට ඇණවුම් 500ක් ලබා දෙන පුද්ගලයින් 50 දෙනෙකුගේ සේවය ලබා ගනී.

දැඩි කතාබහට ලක්වූ කරුණක් වූයේ නිෂ්පාදනයේ මිල වන අතර, චොක්ලට් බාර් එකක මිල පවුම් 15 කි.

"ඒක තනිකර ම අතින් හදන්නේ. හැම එකක් ම හදන්නේ අතින් ම යි," අලානි පවයසි.

 

WhatsApp Image 2024 08 05 at 11.36.59 AM 1
"අපි උසස් අමුද්‍රව්‍ය භාවිත කරනවා. මේ ක්‍රියාවලිය අනිත් චොක්ලට් බාර් හදනවා වගේ නෙවෙයි - ඔබට බේක් කිරීම, චොක්ලට් සැකසීම සහ පිරවුම සමග ම පිස්ටාෂියෝ පවා අතින් තෝරාගෙන සකස් කරන්න පුළුවන්."

පසුගිය වසරේ ඇරබියන් බිස්නස් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් හමූදා මෙසේ පැවසීය: "මගේ අම්මා නෆේ හැදුවා, ඒක මට මගේ ම ආකාරයෙන් ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය වුණා."

"අපේ රස නහර පිනවූ පළමු රසය නෆේ. නැවුම් බව, පිස්ටාෂියෝ රසය, ඒවා හරියට ම නිවැරදි විය යුතු යි," ඇය තවදුරටත් පැවසුවා ය.

නිෂ්පාදනයේ සාර්ථකත්වය නොතකා, අලානි පවසන්නේ, ඔවුන් පූර්ණ කාලීනව එකට වැඩ කරන අතර ම ඔවුන්ගේ දරුවන් දෙදෙනා ද ඇති දැඩි කරන බැවින් "එය දුෂ්කර ගමනක්" බව ය.

"අපිට මේක අත්හරින්න පවා හිතුණ අවස්ථා තිබුණා, නමුත් අපි අපට ම කියා ගත්තා 'කුලිය ගෙවිය හැකි තාක් කල් අපි ඉදිරියට යනවා' කියලා. දැන් ඒක සාර්ථක වුණ නිසා පසුතැවීමක් නැහැ."

(සටහන | ඇනබල් රඛාම්)
සංස්කෘතික වාර්තාකරු

උපුටා ගැනීම - BBC සිංහල සේවය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

චොකලට් හදන ලාංකික මහාචාර්යවරයා: 'අපි කන්නේ හැබෑම චොක්ලට් නෙමෙයි'


මෙරිල් ජේ. ප්‍රනාන්දු: 'ඉටුකරගත නොහැකි සිහින' සැබෑ කරගත් ඩිල්මා නිර්මාතෘවරයා'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...