BREAKING
Top Ad
Life

ආහාර නැවත රත් කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ

T

The Leader

May 4, 2025 • 11:42 AM

ආහාර නැවත රත් කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | නැවත රත් කිරීමට පෙර ශීත කළ ආහාරවල අයිස් සම්පූර්ණයෙන් ම ඉවත් කරන්න
  • මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් ඔබේ ආහාර ආරක්ෂිතව තබා ගැනීමට සහ ආහාර මගින් රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.
  • ආහාර වැඩි වේලාවක් එළියේ තබන්න එපා පැය 2 ත් 4 කටත් වඩා ආහාර කාමර උෂ්ණත්වයේ පිටත තැබීමෙන් වළකින්න.
  • ගෙදර පිසූ ආහාර ශීතකරණයේ වැඩි වේලාවක් තබා නොගන්න ඉතිරි වූ ආහාර පැය 24-48ක් ඇතුළත පරිභෝජනය කරන්න හෝ ඉක්මනින් ආහාරයට ගැනීමට අදහස් නොකරන්නේ නම් අධිශීතකරණය කර ඝන ද්‍රව්‍යයක් බවට පත් කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ආහාර නැවත රත් කිරීමෙන් නොපෙනෙන සෞඛ්‍ය අවදානම් ඇති විය හැකිය. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් ඔබේ ආහාර ආරක්ෂිතව තබා ගැනීමට සහ ආහාර මගින් රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.

මේ, ඔබ ආරක්ෂිතව සිටින්නේ කෙසේ ද යන්න පිළිබඳ උපදෙස් මාලාවකි.

නොකළ යුතු දේ


1. ආහාර වැඩි වේලාවක් එළියේ තබන්න එපා

පැය 2 ත් 4 කටත් වඩා ආහාර කාමර උෂ්ණත්වයේ පිටත තැබීමෙන් වළකින්න. බැසිලස් සීරියස් බීජාණු ඉක්මනින් වර්ධනය කරන බැවින් බත් සඳහා මෙම කාල සීමාව පැයකටත් වඩා අඩුයි.


2. කඩෙන් රැගෙන යන බත් නැවත රත් කරන්න එපා

ආහාර අලෙවි කරන ව්‍යාපාර විසින් බොහෝ විට විකිණීමට පෙර පෙර පිසූ ආහාර සහ නැවත රත් කරනු ලබන බැවින්, එම ආහාර නැවතත් රත් කිරීම අවදානම් සහගත වේ. එම ආහාර මිලදී ගැනීමෙන් හෝ බෙදා හැරීමෙන් ටික වේලාවකට පසු එය අනුභව කිරීම වඩාත් සුදුසු ය.


3. ගෙදර පිසූ ආහාර ශීතකරණයේ වැඩි වේලාවක් තබා නොගන්න

ඉතිරි වූ ආහාර පැය 24-48ක් ඇතුළත පරිභෝජනය කරන්න හෝ ඉක්මනින් ආහාරයට ගැනීමට අදහස් නොකරන්නේ නම් අධිශීතකරණය කර ඝන ද්‍රව්‍යයක් බවට පත් කරන්න.


4. උණු වතුරෙන් කුකුල් මස්වල මිදුණු අයිස් දියකර හරින්න එපා

මෙය අසමාන දියවීමකට හේතු විය හැකි අතර, අයිස් සම්පූර්ණයෙන් දිය වී යාමට පෙර මස්වල කොටස් 'අනතුරුදායක කලාපයට' ඇතුළු වේ. සෑම විට ම කුකුළු මස් ශීතකරණයනේ ගෙන අයිස් දියකර හැරීමෙන් පසු හොඳින් පිස ගන්න. කුකුළු මස් වල ඇති කැම්පිලොබැක්ටර් බැක්ටීරියා දරුණු ආමාශ ආබාධ, වමනය සහ රෝහල්ගත වීමට පවා හේතු විය හැකිය.
xdgt| බත් සමග ඉතිරි වූ ආහාර පරිභෝජනය කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන්න
ඔබ කළ යුතු දේ

1. නැවත රත් කිරීමට පෙර සෑම විට ම ආහාර ශීතකරණයේ ගබඩා කරන්න

පර්යේෂණවලින් පෙනී යන්නේ ආහාර ශීතකරණයේ තැබීමෙන් (5°C හෝ ඊට අඩු) හානිකර රෝග කාරක වර්ධනය සීමා කරන බවයි.

2. ශීතකරණයේ තැබීමට පෙර ඔබේ ආහාර සිසිල් කරන්න


උණුසුම් ආහාර කෙලින්ම ශීතකරණයට දැමීමෙන් ඔබේ ශීතකරණයේ උෂ්ණත්වය ඉහළ යා හැකි අතර, අනෙකුත් ආහාර අවදානමට ලක් විය හැකි අතර බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ සලසයි. ඉතා මැනවින්, ඔබේ ආහාර කාමර උෂ්ණත්වයේදී සිසිල් වීමට ඉඩදී සිසිල් වූ වහා ම ශීතකරණයේ තබන්න. උණුසුම් වාතාවරණයක් තුළ, ආහාර එළිමහනේ තබන කාලය අඩු වන තරමට එය ආරක්ෂිත වනු ඇත.

3. 'අනතුරුදායක කලාපය' තේරුම් ගන්න

8°C සහ 63°C අතර, බැක්ටීරියා වේගයෙන් වර්ධනය කළ හැකි ය. ඔබේ ශීතකරණය 5°C ට වඩා අඩුවෙන් තබා ගැනීම ආහාර විෂ වීම වැළැක්වීමට උපකාරී වන අතර, -18°C දී ආහාර ශීත කිරීම මගින් බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නවතා දමයි. කෙසේ වෙතත්, අධිශීත කිරීමේදී බැක්ටීරියා මිය යන්නේ නැත - ආහාරවල අයිස් දිය වූ පසු ඒවා නැවත පණ ගැන්විය හැකිය.

4. සිසිල් කළ ආහාර අධිශීතකරණයේ තබා පසුව අයිස් දියවී යාමට හරින්න

ඔබට ආහාර භාවිතයට ගන්නා දිනය තෙක් අධිශීතකර තැබිය හැක, එයට පාන් වැනි නිෂ්පාදන ඇතුළත් වේ, ඒවායේ අයිස් හොඳින් දිය වී යන අතර ශීතකරණය තුළද දිගු කාලයක් තැබිය හැකිය.

5. නැවත රත් කිරීමට පෙර ශීත කළ ආහාරවල අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න

ශීකරණය තුළදී ආහාරවල අයිස් ඉවත් වීමට පැය 24ක් දක්වා ගතවන අතර එය එක් එක් ආහාර වර්ගය අනුව වෙනස් වෙයි. සම්පූර්ණ කුකුළෙකුගේ අයිස් ඉවත් වීමට වැඩි කාලයක් ගත වන අතර කුඩා ආහාරවල අයිස් ඉක්මනින් ඉවත් වේ. ඇතැම් ආහාරවල අයිස් මයික්‍රෝවේව් උදුන මගින් ඉවත් කරගත හැකි නමුත්, නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කිරීම වඩාත් සුදුසු ය. ශීතකරණය තුළදී අයිස් ඉවත් කිරීමෙන් ආහාර 'අනතුරුදායක කලාපයෙන්' බැහැරව පවතින බව සහතික කෙරේ.

xdfw4t| කුකුළු මස් වල ඇති කැම්පිලොබැක්ටර් බැක්ටීරියාව දරුණු ආමාශ ආබාධ, වමනය සහ රෝහල්ගත වීමට පවා හේතු විය හැක
1. පිසීමට පෙර ආහාර සම්පූර්ණයෙ ම දියවී ඇති බවට වග බලා ගන්න

අර්ධ වශයෙන් ශීත කළ ආහාර අසමාන ලෙස පිස ගත හැකි අතර, එමඟින් හානිකර බැක්ටීරියා නොනැසී පැවතීමට ඉඩ සලසයි.


2. ඉතිරි වූ බත් පැය 24ක් ඇතුළත නැවත රත් කර පරිභෝජනය කරන්න

බත් පිසීමේදී නොනැසී පවතින බැසිලස් සීරියස් බීජාණු අඩංගු විය හැක. බත් සිසිල් කිරීම සහ ශීතකරණයේ තැබීමෙන් අවදානම ඉක්මනින් අඩු වේ, නමුත් නැවත රත් කිරීම එක් වරක් පමණක් කළ යුතුය. පිසූ බත් අධිශීත කිරීමෙන් බීජාණු වර්ධනය නතර කළ හැකිය.

3. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා ආහාර නැවත රත් කිරීමේදී අමතර සැලකිල්ලක් දක්වන්න.

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්, ගර්භණී කාන්තාවන්, කුඩා දරුවන් සහ වයස්ගත වැඩිහිටියන් ආහාර මගින් ඇතිවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.

4. ආහාර සම්පූර්ණයෙන්ම තැම්බෙන තුරු නැවත රත් කරන්න

මයික්‍රෝවේව් උඳුනේ ආහාර රත් කරන්නේ නම්, ඒකාකාරව රත් වීම සහතික කිරීම සඳහා එය අඩක් කලවම් කරන්න.

(සටහන | නසානින් මොටමෙඩි)
බීබීසී පර්සියානු

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...