BREAKING
Top Ad
Life

අපේ වටිනාකම තීරණය වන්නේ පාට මත නොවෙයි | සංජිවනී රූපසිංහ

T

The Leader

May 7, 2025 • 12:36 AM

අපේ වටිනාකම තීරණය වන්නේ පාට මත නොවෙයි | සංජිවනී රූපසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුදු කියන්නේ පිස්සුවක්
  • පසුගිය දිනක මට අහන්න වුන සිදුවීමක් වුණේ වයස අවුරුදු 13ක ළමයෙක් ගැබ්ගෙන තිබීමේ අවාසනාවන්ත පුවත.
  • ඇයට ඇගේ මව ඇතුළු වැඩිහිටියන් ඥාතීන් කලු යැයි කුඩා කළ සිට අපහාස කර තිබුණා.
  • ජීවිතේ පළමුවර එවැනි ආදරයක් ලැබුණේ රැවටිලිකාර වයස 36ක මිනිසෙකුගෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

කවුරු හරි ගෑණු ළමයෙක් සුදු වෙන්න උත්සාහ කරන එකේ වරදක් නැහැ. ඒක එයාගේ කැමැත්ත. ඒත් ඒ කැමැත්ත පහළ වෙන්නේ ඉබේ නෙමෙයි.

ඒ වගේමයි කවුරු හරි කෙනෙක් සුදු නැතැයි කියා හෝ කලුයි කියා ඇයට අපහාස කරනවා නම් එතන ප්‍රශ්නයක් තියනවා. ඒක අපේ සමාජ සංස්කෘතික ප්‍රතිමානයන් පිළිබඳ ප්‍රශ්නයක්. අපේ පසුගාමී ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. මේක ඔය තරම් කියන්න තරම් ප්‍රශ්නයක් ද?

 

ඔව්. ඒකනේ මේ කියන්නේ. පසුගිය දිනක මට අහන්න වුන සිදුවීමක් වුණේ වයස අවුරුදු 13ක ළමයෙක් ගැබ්ගෙන තිබීමේ අවාසනාවන්ත පුවත. ඒක දිගේ හාරගෙන හාරගෙන යද්දී මට තේරුණු කරුණු දෙකක් තිබුණා. ඉන් එකක් මේ පාට පිළිබඳ ප්‍රශ්නය. අනික මම ඊළඟ කොළමෙන් ලියන්නම්.

ඇයට ඇගේ මව ඇතුළු වැඩිහිටියන් ඥාතීන් කලු යැයි කුඩා කළ සිට අපහාස කර තිබුණා. ඇයට ඕන වුණා කාගේ හෝ ආකර්ශණයක්. පිළිගැනීමක්. ආදරයක්. ජීවිතේ පළමුවර එවැනි ආදරයක් ලැබුණේ රැවටිලිකාර වයස 36ක මිනිසෙකුගෙන්.

මේ පුංචි දුවට තේරුමක් නැහැ මේ මිනිහා මාව රවටනවා කියලා. ඒ අහිංසක මල් කැකුළ රැවටුනා. ඇය දන්නේ නැහැ ගැබ් ගන්නේ කොහොමද කියලා. මොකද ලිංගික අධ්‍යාපනය දෙන්න එපා කියලා අපේ රටේ කට්ටියක් කෑ මොර දෙනවානේ. ඉතිං ළමයින්ට අහසින් දැනුම පහළ වෙන්නේ නැහැනේ.

 

සිසුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්
මේ දැරිය අනාත වුනාටත් පස්සේ එහෙම දෙයක් වුනාම ගැබ් නොගැනීම පිණිස ගත යුතු බෙහෙත් පෙති ඇති බව ඇය දන්නේත් නැහැ. ඇය ගැබ් ගත්තේ එහෙම.

කිසිම දවසක දරුවෙකුගේ හමේ පාටට අගෞරව කරන්න එපා. අපි එංගල්තයේ සුද්දන්ට ගානට මොන ක්‍රීම් ගෑවත් සුදු වෙන්නේ නැහැ. නයිජීරියාවේ කලල්න් ගානට කොයි තරම් අව්වේ සෙල්ලම් කළත් කළු වෙන්නේත් නැහැ. හමේ පාට කියන්නේ ගෞරවයට හෝ අගෞරවයට හේතුවක් නෙමෙයි.

colord

 

එහෙම අපහාස කිරීමෙන් ඔබ කී වරක් ගැහැණු ළමුන් කී දෙනෙක් මරා දමා ඇද්ද? පද්මා එදිරිසිංහ නම් කථිකාචාර්යවරිය ඇගේ ස්විය චරිතාපදානයේ කියනවා ඇගේ නංගී ගොඩාක් සුදුයි. ඇය ගොඩාක් කලුයි. නංගී පුංචි කාලේම මිය යනවා. ගමේ මිනිස්සු මළ ගෙදර ඇවිත් කියනවා “අනේ සුදු බබානේ මැරිලා තියෙන්නේ” ඒකෙන් වක්‍රව කියවෙන්නේ “කලු බබා මැරුණා නම් තව කමක් නෑ” වගේ එකක්. ඇය කියනවා ගමේ සියලු දෙනා නංගීගේ මළ ගෙදරින් තමාවත් මරාගෙන පිටවූ හැටි.

 

c54y46u

අපි හැමෝටම ආවේණික පාටක් තියනවා. ඒ පාට ලස්සනයි. අපේ වටිනාකම් තීරණය වන්නේ පාට මත නොවේ. අපේ පෞරුෂය තීරණය වන්නේ පාට මත නොවේ.

යටත් විජිත මානසිකත්වයෙන් ගැලවෙන්න බැරි අපි තාම සුද්දාගේ පාට තමයි ලස්සන කියලා හිතනවා. ඒත් ලෝක රූ රැජිනන් පවා කලු අය ඉන්නවා.
පාටට කළ හැකි මඟුලක් නැහැ. පාට අතහැර හොඳින් ඉගෙන ගන්න හිතට ගන්න.

(සටහන | සංජිවනී රූපසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.

උපුටා ගැනීම: lankadailymail



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...