BREAKING
Top Ad
Life

නිවසට ඇතුළු වීමට පෙර පාවහන් ගැලවීමේ සරල පුරුද්දෙන් ඔබේ සෞඛ්‍යට ලැබෙන වාසි

T

The Leader

May 11, 2025 • 11:08 AM

නිවසට ඇතුළු වීමට පෙර පාවහන් ගැලවීමේ සරල පුරුද්දෙන් ඔබේ සෞඛ්‍යට ලැබෙන වාසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | ඔබ සපත්තු පැළඳ නිවසට ඇතුළු වන විට, ඔබ රැගෙන එන්නේ ඇසට පෙනෙන කුණු වලට වඩා වැඩි යමකි
  • ඔයා කවුරු වුණත්, පවුලේ කෙනෙක් ද, අසල්වැසියෙක් ද, අමුත්තෙක් ද, ඕනම කෙනෙක් ගෙට ඇතුල් වෙන්න කලින් ඒවා ගලවලා එන්න ඕනේ." කුඩා කාලයේ දී, මා සිතුවේ එය ඇගේ විකාර දෙයක් පමණක් යනුවෙනි.
  • නමුත් මම වයසින් වැඩෙත්ම, එය නිවසේ සෞඛ්‍ය සම්පන්න බව, සුරක්ෂිත බව සහ පිරිසිදුව තබා ගැනීම සඳහා වැදගත් යැයි මට වැටහුණි.
  • එළිමහනේ භාවිත කරන පාවහන්වල බැක්ටීරියා, අසාත්මිකතා සහ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවායින් බොහොමයක් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට සම්බන්ධ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


"මගේ අම්මාගේ තද නීතියක් තිබ්බා: කාටවත් ගේ ඇතුලේ සපත්තු දාගෙන ඉන්න බැහැ. ඔයා කවුරු වුණත්, පවුලේ කෙනෙක් ද, අසල්වැසියෙක් ද, අමුත්තෙක් ද, ඕනම කෙනෙක් ගෙට ඇතුල් වෙන්න කලින් ඒවා ගලවලා එන්න ඕනේ."

කුඩා කාලයේ දී, මා සිතුවේ එය ඇගේ විකාර දෙයක් පමණක් යනුවෙනි. නමුත් මම වයසින් වැඩෙත්ම, එය නිවසේ සෞඛ්‍ය සම්පන්න බව, සුරක්ෂිත බව සහ පිරිසිදුව තබා ගැනීම සඳහා වැදගත් යැයි මට වැටහුණි.

අපි සාමාන්‍යයෙන් පිරිසිදුකම ගැන සිතන්නේ අපේ ඇසට පෙනන කුණුත් එක්ක, නමුත් සපත්තු පතුලේ මඩ හෝ තණකොළ ස්වල්පයකට වඩා බොහෝ හානිකර කුඩා, සැඟවුණු විෂබීජ රැගෙන යා හැකිය.

එළිමහනේ භාවිත කරන පාවහන්වල බැක්ටීරියා, අසාත්මිකතා සහ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවායින් බොහොමයක් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට සම්බන්ධ වේ.

ඔබේ සපත්තු දිනපතා යන්නේ කොතැනටදැයි සිතා බලන්න: ඊට පොදු නාන කාමර, පදික වේදිකා, රෝහල් ශාලා සහ වල් පැලෑටි සහ කෘමීන් විනාශ කිරීමට රසායනික ද්‍රව්‍ය යොදන ලද තණකොළ බිම් ඇතුළත් විය හැකිය.

ඇරිසෝනා විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සපත්තු වලින් 96% ක කොලිෆෝම් බැක්ටීරියා ඇති බවත්, ඒවා සාමාන්‍යයෙන් මළපහවල දක්නට ලැබෙන බවත්ය.

ඊටත් වඩා නරක ම දෙය නම්, සපත්තු වලින් 27% ක බරපතල, සමහර විට මාරාන්තික ආසාදන ඇති කළ හැකි බැක්ටීරියාවක් වන E. coli අඩංගු වී තිබීම ය.
rty656h| නිවස තුළ ඔබට පාවහන් නොමැතිව හෝ නිවස ඇතුළත පමණක් පැළඳිය හැකි පාවහන් භාවිත කළ හැකිය
සමහර ඊ. කොලයි වර්ග හානිකර නොවන නමුත් අනෙක් ඒවා රුධිර පාචනය ඇති කළ හැකි විෂ ද්‍රව්‍ය නිපදවන අතර වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු විය හැකි හීමොලිටික් යුරේමික් සින්ඩ්‍රෝමය නැමති බරපතල රෝග තත්ත්වය ඇති කරයි.

වයස අවුරුදු පහට අඩු දරුවන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින නිසා සහ බොහෝ විට තම මුඛය තුළට දේවල් දමා ගන්නා බැවිනි.

ඔබේ සපත්තු නිවසට ගෙන යා හැකි එකම විෂබීජය ඊ. කොලයි නොවේ. ඒවාට, දරුණු පාචන තත්ත්වයන් ඇති කරන Clostridium difficile සහ බරපතල සමේ ආසාදන, නියුමෝනියාව හෝ මාරාන්තික රුධිර ආසාදන පවා ඇති කළ හැකි ඖෂධ-ප්‍රතිරෝධී සුපිරි බග් එකක් වන MRSA ඇතුළු Staphylococcus aureus යන බැක්ටීරියා ද රැගෙන යා හැකිය.


විෂබිජ පමණක් ම නොවේ

මෙහි සෞඛ්‍ය අවදානම බැක්ටීරියා වලට වඩා වැඩිය.

පාවහන්, රසායනික ද්‍රව්‍ය සහ අසාත්මිකතා සඳහා බලපාන රෝග කාරක විෂබීජ ගෙන යන වාහකයෙකු ලෙසද ක්‍රියා කරයි. නිවසින් බැහැරට යාමේදී භාවිත කරන පාවහන් වල පළිබෝධනාශක, වල් නාශක සහ ඊයම් වැනි බැර ලෝහ අඩංගු විය හැකි බව අධ්‍යයනවලින් පෙන්වා දී ඇති අතර මේ සියල්ල, විශේෂයෙන් කුඩා දරුවන්ට සහ සුරතල් සතුන් සඳහා බරපතල සෞඛ්‍ය අවදානම් ඇති කරයි.

නාගරිකව පවතින දූවිලි හෝ පසෙහි දක්නට ලැබෙන ඊයම් වලට නිරාවරණය වීම දරුවන්ට විශේෂයෙන් හානිකර වන්නේ එය මොළයේ වර්ධනයට බලපාන බැවින් මෙන්ම කල් පවත්නා මානසික ගැටළු ඇති කළ හැකි බැවින් ය.

අසාත්මිකතාවන් ඇති කරන පරාග වැනි දෑ සපත්තු අඩිවල ඇලී තිබිය හැකි අතර මෙවැනි දෑ මගින් හුස්ම ගැනීමේ ගැටළු ඇතිවිය හැකිය.

sdryte56| පරාග ඔබේ සපත්තුවේ පතුලටම ඇලී තිබිය හැකි අතර ඔබ එම සපත්තු ම ගෘහස්ථව පැළඳුවහොත් අසාත්මිකතා ඇතිවීම වර්ධනය විය හැකිය
ඊටත් වඩා භයානක දෙය නම් මාර්ගවල භාවිතා කරන ඇස්ෆල්ට් සීලන්ට්වල පිළිකා කාරක සංයෝග අඩංගු වීම ය. එක්සත් ජනපද අධ්‍යයනයකින් හෙළි වූයේ මෙම රසායනික ද්‍රව්‍ය ගෘහස්ථව සොයාගත හැකි බව සහ ගෘහස්ථ දූවිලි වල පවතින බවයි. ඇතැම් විට එළිමහනේ ඇති ඒවාට වඩා 37 ගුණයකින් වැඩි මට්ටමකින් ගෘහස්තව පවතී.

පොළව මත වැඩිපුරම කාලය ගත කරන්නේ කවුද? දරුවන් සහ සුරතල් සතුන් ය. කුඩා ළමුන් දණගාමීන් ඇවිද යන අතර බොහෝ විට තම අතේ ඇඟිලි මුඛයට දමයි, සුරතල් සතුන් අපිරිසිදු බිම්වල ඇවිදීමෙන් පසු තම පාද ලෙවකයි. නිවසෙන් පිටතදී පළඳින පාවහන් ගෘහස්ථව පැළඳීමෙන් නොදැනුවත්වම හානිකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය විය හැකිය.

පිරිසිදු පස, සෞඛ්‍ය සම්පන්න නිවාස

සියලු සාක්ෂි සලකා බලන විට, මගේ මවගේ රීතිය දැන් එතරම් විකාරරූපී ලෙස නොපෙනේ. ඇත්ත වශයෙන්ම, එය නිවසේදී සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ඇති පහසුම සහ ඵලදායීම ක්‍රමවලින් එකක් විය හැකියි.

නිවසට ඔබ ඇතුළු වන විට ඔබේ සපත්තු ගලවා පැමිණීම මගින් කාපට් පිරිසිදුව තබා ගැනීමට සහය වනවා පමණක් නොව, ඔබේ පවුලේ අය හානිකර විෂබීජ සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම බෙහෙවින් අඩු කර ගත හැකියි.

එය කිරීම අපහසු නොමැත. ඔබට දොර අසල සපත්තු ගලවා තබන ස්ථානයක් සකස් කළ හැකිය එසේ නැත්නම් රාක්කයක් හෝ කූඩයක් තැබිය හැකිය. අමුත්තන් සඳහා සුවපහසු වෙනම සෙරෙප්පු පවා සැපයිය හැකියි.

කෙනෙකුට සපත්තු ගලවන්නැයි පැවසීම මුලදී අපහසුතාවයක් විය හැකි නමුත්, ඔබේ නිවසට ඇතුළු වීම වැනි එදිනෙදා කටයුත්තකදී සැඟවුණු අවදානම් පැමිණිය හැකි බව නොසලකා හැරීම පහසුය.

* මනාල් මොහොමඩ් යනු එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

*මෙම ලිපිය මුලින් The Conversation හි ප්‍රකාශයට පත් කරන ලද අතර Creative Commons බලපත්‍රයක් යටතේ මෙහි නැවත ප්‍රකාශයට පත් කරන ලදී.

(සටහන | මෙනාල් මොහොමඩ්)
බීබීසී මුන්ඩෝ සහ The Conversation

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...