BREAKING
Top Ad
Life

රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයක මුල් වරට නළ දරු ගැබ් ගැන්වීමක්

T

The Leader

June 4, 2025 • 12:47 AM

රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයක මුල් වරට නළ දරු ගැබ් ගැන්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නළ දරු තාක්ෂණයෙන් ගැබ් ගැන්වීමක් සාර්ථක කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සමත් වී තිබේ.
  • කාලයක සිට සිදුකරන ලද අධ්‍යනයක ප්‍රතිඵලයක් ලෙස මෙම නළ දරු ගැබ් ගැන්වීම සිදු කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශය සඳහන් කරයි.
  • මෙම නළදරු තාක්ෂණ ගැබ්ගැන්වීම ප්‍රසව නාරිවේද හා මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණගේ මෙහෙයවීමෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ සිදුකර ඇත.
  • ඒ අනුව මෙම ගැබ්ගැන්වීම සිදුකළ කාන්තාවගේ දරුගැබට මේ වන විට මාස හයක් සම්පූර්ණ වී ඇති බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් සිදුකළ මෙරට ප්‍රථම නළ දරු ගැබ් ගැන්වීම මෙය වෙයි.

කාලයක සිට සිදුකරන ලද අධ්‍යනයක ප්‍රතිඵලයක් ලෙස මෙම නළ දරු ගැබ් ගැන්වීම සිදු කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශය සඳහන් කරයි.

මෙම නළදරු තාක්ෂණ ගැබ්ගැන්වීම ප්‍රසව නාරිවේද හා මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණගේ මෙහෙයවීමෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ සිදුකර ඇත.

ඒ අනුව මෙම ගැබ්ගැන්වීම සිදුකළ කාන්තාවගේ දරුගැබට මේ වන විට මාස හයක් සම්පූර්ණ වී ඇති බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

වෛද්‍ය පීඨ පරිශ්‍රයේ ආරම්භ කර ඇති මෙම සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැන්වීමේ කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට එම සේවාව වගකීම් සහිතව ලබා ගැනීමට හැකියාව තිබේ. ඒ සඳහා අවශ්‍ය වුවහොත් සාධාරණ මුදලක් අය කර ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍ය පිඨය සඳහන් කරයි. එහෙත් ඒ සඳහා අය කරන මුදල සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැත.

සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයෙන් මෙවැනි උපතක් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දහසයක් පමණ වැය වෙයි.

Kelaniya IVF
( aruna.lk | වරුණි පෙරමුණ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...