BREAKING
Top Ad
Life

රස වෙනුවට වසෙන් පිරුණු අපේ දරුවන් ගේ 'සීනි බෝල හෝටලේ' | රේණුකා දමයන්ති

T

The Leader

June 23, 2025 • 4:13 AM

රස වෙනුවට වසෙන් පිරුණු අපේ දරුවන් ගේ 'සීනි බෝල හෝටලේ' | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙර පාසල් දරුවන් අතර සීනි සහිත ආහාර පරිභෝජනය අතිශයින් ඉහළ මට්ටමක පවතින බවත්, එය නිර්දේශිත ප්‍රමාණය මෙන් හතර ගුණයක් තරම් ඉහළ මට්ටමක බවත් ඉකුත් 18 වන දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ පවසා තිබේ.
  • එහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින මෘදු පාන ( Soft drink ) වර්ග ලෙස ද හඳුන්වන පාන වර්ග පරිභෝජනය කරන බව ද අනාවරණය කොට තිබේ.
  • බොහෝ අවස්ථාවලදී පෙර පාසල් දරුවන් පාසල් නිමාවීමෙන් නිවස කරා ආපසු පැමිණෙන අතරතුර මෙම පාන වර්ග පරිභෝජනය කරන බව අනාවරණය වී ඇතැයි ඇය තවදුරටත් පවසා තිබේ.
  • අප කවුරුත් දන්නා පරිදි කිවහොත් අතීතයේ කුඩා දරුවන් ගේ ප්‍රියතම අපේක්‍ෂාවන් අතරේ ‘සීනි බෝල’ යන ජන වහරින් හැඳින්වුණු රස කැවිලි මුල් තැනක් ගත් බව අතිශය පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සීනි සහිත ආහාර අතරට කේක් සහ බිස්කට් ද ඇතුළත් ව ඇති බව ද ඇය අවධාරණය කොට ඇත.

ඇය විසින් මෙම කරුණු අනාවරණය කරන ලද්දේ සමාජීය හා චර්යාත්මක වෙනස්කම් තුළින් ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා මහජනතාව දැනුවත් කිරීම සඳහා ය.

Cute asian little child girl drinking red juice water with ice from glass in the summer time

එහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින මෘදු පාන ( Soft drink ) වර්ග ලෙස ද හඳුන්වන පාන වර්ග පරිභෝජනය කරන බව ද අනාවරණය කොට තිබේ.

බොහෝ අවස්ථාවලදී පෙර පාසල් දරුවන් පාසල් නිමාවීමෙන් නිවස කරා ආපසු පැමිණෙන අතරතුර මෙම පාන වර්ග පරිභෝජනය කරන බව අනාවරණය වී ඇතැයි ඇය තවදුරටත් පවසා තිබේ.

දිනකට පරිභෝජනය කළ යුතු නිර්දේශිත එළවළු, පළතුරු සහ කොළ පැහැති ආහාර ප්‍රමාණයක් පවතින බවත්, ඒ අතර එළවළු දෙකක්, පළතුරු දෙකක් සහ එක් කොළ පැහැති ආහාරයක් ද වන බවත් කෙසේවුවද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකරන ලද සමීක්ෂණයකින් ළමුන්ගෙන් 18.2% ක් පමණක් මෙම ප්‍රමාණයන් පරිභෝජනය කරන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ වැඩි දුරටත් අවධාරණය කොට තිබේ.

 



නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත වයස් ඛාණ්ඩයක දරුවන් මුල් කොට සිදු කරන ලද ඉහත සඳහන් විමසුමේ ප්‍රතිඵලය එලෙස වන අතර සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාතික මට්ටමින් පුළුල් විමසුමක යෙදුණහොත් ඉහත සඳහන් ප්‍රතිඵලය වඩාත් විස්තරාත්මක ලෙස සමාජය හමුවේ ඉදිරිපත් වනු ඇත.

රස කැවිලි සහ කුඩා දරුවන් අතර පවත්නා බිඳිය නොහැකි සබඳතාව දුරාතීතයේ සිට ලොව සෑම ජන සමාජයක් වෙතින්ම දක්නට ලැබෙන්නකි. අප කවුරුත් දන්නා පරිදි කිවහොත් අතීතයේ කුඩා දරුවන් ගේ ප්‍රියතම අපේක්‍ෂාවන් අතරේ ‘සීනි බෝල’ යන ජන වහරින් හැඳින්වුණු රස කැවිලි මුල් තැනක් ගත් බව අතිශය පැහැදිලිය.

 

1 sd10rTpOxDKrCIegY0acEA

එහෙත් එවක ලොසින්ජර් ( Lozenge) කෝටුවක ඇමුනූ සීනි බෝල ( Lollipop) ඇතුළු පළතුරු රස කැවූ තද සූකිරි (Hard candy) වැනි තැම්බූ පැණි රස (Boiled sweet) ආදී වර්ග කිහිපයකට පමණක් සීමා වූ සීනි බෝල වපසරිය අදටත් සිතින් මවා ගැනීමට අපට බැරි කමක් නැත.

එහි දී එක් වරම අපගේ සිහියට නැංවෙනුයේ අප ළමා අවදියේ ජාතික ගුවන් විදුලියෙන් නිරත රස විඳි “සීනි බෝල හෝටලේ” නම් ගීතයයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී සංකල්පනාවකට සහ සංගීත විශාරද ඩී. ආර්. පීරිස් ගේ තනු නිර්මාණයකට අනුව එවක ප්‍රමුඛ පෙළේ ළමා ගායිකාවකව සිටි පුෂ්පමාලා සුභසිංහ විසින් ගැයූ ඒ ගීතයේ සම්පූර්ණ පදවැල් මෙලෙසිනි.


සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජමනාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//

පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩිහාමී….//
පිඟන් කෑලි සල්ලි අරන්
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//

බයිසිකලෙන් කාර් එකෙන්
අස්ව කරත්තෙන් ආවත්….//
එක මේසේ කෑම කන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ

Lollipop History And Fun Facts
මෙම ගීතය සේම මීට පදනම්ව ‘සීනි බෝල’ යන්න ද ජන සමාජයෙන් වියැකී ගිය සමයක අප මෙය ඔබ වෙත ඉදිරිපත් කරනුයේ මෙහි දැක්වෙන සංකල්පය නූතන ළමා සමාජයේ අධික පැණි රස පරිභෝජනයට වඩා කෙතරම් වෙනස් ද යන්න ඔබට වටහා දෙනු පිණිස ය.

වර්තමාන සමාජමය සිතුම් පැතුම් මාධ්‍ය අනුරූපව සැකසී ඇති බවක් විද්වත්හු පවසති. එය හැඳින්වෙනුයේ මාධ්‍ය සංතෘප්තතාව (Media saturation) යනුවෙනි. එහි දී වත්මන් ජනසමාජය හා තීව්‍ර ලෙස බැඳ ගත් මාධ්‍යය වනුයේ රූපවාහිනිය බවට සැක නැත.

 

sinbolla3
ඒ අනුව අප රටේ ඕනෑම රූපවාහිනී චැනලයක එක් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ විකාශනය වන අනේක විධ වෙළඳ දැන්වීම් වලින් ප්‍රවර්ධනය කෙරෙන නිෂ්පාදනයන් තුළ පවත්නා සීනි සංයුතීන් සම්බන්ධයෙන් යමකුට විමසීමක් කළ හැකි නම් ඉන් ප්‍රධාන වශයෙන් අනාවරණය කර ගත හැකි සත්‍යයක් අප හමුවට එනු ඇත.

එනම් එසේ රූපවාහිනී මාධ්‍ය මගින් නන් විසිතුරු පැහැයෙන් ප්‍රධාන වශයෙන් දරුවන් ඉලක්ක කොට ප්‍රචාරණය කෙරෙන එම නිෂ්පාදනයන් සමූහය පොදුවේ ගත් කල අප රටේ කුඩා දරුවන් ඉදිරියේ අටවන මර උගුලක් වැනි බවකි.

sinbolla4

ඒ අනුව මෙම ආහාර විවිධාංගීකරණය මුල් කොට ගත් නව ආහාර සංස්කෘතිය අතුරින් ළමා වියට පිවිසෙන අප රටේ බාල පරපුර තම ජීවිතවල යොවුන් වියට පා තබත්ම ඔවුන් දියවැඩියාව වැනි අන්තරාසර්ග රෝගයන්ට බිළි වීමේ අවදානම පහසුවෙන් අමතක කළ නොහැක. ඒ අනුව ඉහත සඳහන් ජාතික උවදුර පිටු දැකීම පිණිස ඉතා ක්‍රමවත් විධිමත් විද්‍යාත්මක ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ වගකීම රාජ්‍ය යාන්ත්‍රණය සතු බව අනිවාර්යෙන් පැවසිය යුතුය.


Renuka Damayanthi
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...