BREAKING
Top Ad
Life

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ කොන්ඩම් භීතිකාවක් ද?| ආචාර්ය ඉන්දි අකුරුගොඩ

T

The Leader

September 16, 2025 • 1:03 AM

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ කොන්ඩම් භීතිකාවක් ද?| ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් සිසු සිසුවියන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන HIV සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශය තුළට
  • මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගැටුමක් ඇති වී ඇති බවට ද විවිධ වාර්තා පළ විය.
  • වඩාත් ආරක්ෂිතව ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහාත්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වළක්වා ගැනීම සඳහාත්, ජනගහන පාලනය මුල් කරගත් උපත් පාලනය දිරිමත් කිරීම සඳහාත් බොහෝ රාජ්‍යයන්හි කොන්ඩම් භාවිතය සුලභ කර ඇත.
  • එසේම ඒවා භාවිතයට ගැනීමට දිරි ගන්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කොන්ඩම් භාවිතය පිළිබඳ ඉගැන්වීම ද ඇතුළත් කළ යුතු බවට ආණ්ඩුව උනන්දු වන බව සඳහන් වන පුවත් වාර්තා පළ විය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගැටුමක් ඇති වී ඇති බවට ද විවිධ වාර්තා පළ විය.

කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ පාසල් සිසු සිසුවියන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි. කොන්ඩම් භාවිතය පිළිබඳව ඉගැන්වීම එහි එක් කොටසක් පමණි.

උපත් පාලන කොපු, අප කවුරුත් වඩා ලෙහෙසියෙන් උච්චාරණය කරන “කොන්ඩම්”, යනු සෞඛ්‍යාරක්ෂිත උපකරණයකි. වඩාත් ආරක්ෂිතව ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහාත්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වළක්වා ගැනීම සඳහාත්, ජනගහන පාලනය මුල් කරගත් උපත් පාලනය දිරිමත් කිරීම සඳහාත් බොහෝ රාජ්‍යයන්හි කොන්ඩම් භාවිතය සුලභ කර ඇත. එසේම ඒවා භාවිතයට ගැනීමට දිරි ගන්වා ඇත.

Untitled 1 40කොළඹ 07 බුලර්ස් පටුමගේ පිහිටි පළමු ස්මාර්ට් කොන්ඩම් විකුණුම් යන්ත්‍රය
විශේෂයෙන් සංවර්ධිත රාජ්‍යයන්හි කොන්ඩම් යනු, ඉතා පහසුවෙන් තමාටම ලබා ගත හැකි, බොහෝ අවස්ථාවල නොමිලේ ලබා ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානවල සහ පොදු වැසිකිළිවල තබා ඇති දෙයකි. ඒවායේ සඳහන් කර ඇත්තේ, “Take as much as you need” (“ඔබට ඕනෑ තරම් ගන්න”) යනුවෙනි. මීට අමතරව පහසු මිලකට ඉතා ලෙහෙසියෙන් කොන්ඩම් ලබා ගැනීම සඳහා කොන්ඩම් විකිණීමේ යන්ත්‍ර පොදු ස්ථානවල සවිකර තිබීම ද දැකිය හැකිය. අදාළ මුදල ගෙවා මෙම යන්ත්‍ර මඟින් ඕනෑම මොහොතක කොන්ඩම් ලබා ගත හැකිය.

නමුත් ශ්‍රී ලංකාවේ කොන්ඩම් පිළිබඳව තිබෙන්නේ සැඟවුණු විරෝධයකි. ඒවා පොදු ස්ථානවල තබා සුපිරි වෙළඳසැළකවත් පහසුවෙන් ලබාගත හැකි, පාරිභෝගිකයන්ට අත පෙවිය හැකි ආකාරයෙන් තබා නැත. ඒවා ඉල්ලා සිටීම සහ මිලදී ගැනීමට උත්සාහ කිරීම පාරිභෝගිකයා ලැජ්ජාවට පත් කරයි. කොන්ඩම් ඉල්ලා සිටිය යුත්තේ රහසිනි; අන් අයට නෑසෙන පරිදිය.

බොහෝ රටවල සුලභ කර ඇති සෞඛ්‍යාරක්ෂිත උපකරණයක් ලාංකීය සන්දර්භය තුළ රහසිගත තහනම් භාණ්ඩයක් වී ඇත්තේ ඇයි? දිනකට නීති විරෝධී ගබ්සා සිය ගණනක් සිදු කරන, ස්ත්‍රීන් සහ ගැහැනු දරුවන් මොහොතින් මොහොත අපයෝජනය කරන රටක, වඩාත් ආරක්‍ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කිරීම තහනම් කාර්යයක් වී ඇත්තේ කෙසේද?

EMyxF36WkAAIl0S

 

මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගයක් වුවත් ඇතැම් රාජ්‍යයන්හි මුල් බැසගත් ආගමික හා සංස්කෘතික වටිනාකම් හේතුවෙන් කොන්ඩම් භාවිතය, උපත් පාලනය, ගබ්සාව ආදිය කෙරෙහි පවතින්නේ සමාජ විරෝධයකි. ප්‍රජනක සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව වැනි රටවලට ලබා දෙන විදේශාධාර සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය මතභේදවලට තුඩු දී ඇත.

දේශපාලන පක්ෂ සහ නායකයන් ලිංගික අධ්‍යාපනය, උපත් පාලන ක්‍රම, අනපේක්ෂිත ගැබ්ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළැක්වීම ආදිය වෙනුවෙන් පෙනී සිටින්නේ සහ සහාය දක්වන්නේ ඔවුන්ගේ දේශපාලන අනාගතයට අවාසියක් නොවන ආකාරයෙනි.

School girls hold hands while looking out at the Indian Ocean at Galle Face beach in Colombo on December 9, 2022. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඇතැමුන් සිතන්නේ පාසල්වල කොන්ඩම් ප්‍රවර්ධනය කිරීම සහ බෙදා හැරීම නව යොවුන් වියේ පසුවන පාසල් සිසු සිසුවියන් අතර ලිංගික ක්‍රියාකාරකම් දිරි ගැන්වීමට හේතු වන බවයි. මෙය සමාන කළ හැක්කේ ගබ්සාව නීතිගත කළහොත් නව යොවුන් වියේ පසුවන්නන් වඩාත් වැඩි වශයෙන් ලිංගික කාර්යයන්ට පෙළඹෙනු ඇති බවට ඇති මිත්‍යා විශ්වාසයටයි. ශ්‍රී ලංකාවේ නම් ගබ්සාවලට වැඩියෙන්ම පෙළඹෙන්නේ විවාහක කාන්තාවන්ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ රජයේ පාසල්වලට කොන්ඩම් ලබා දීමේ වැඩසටහනක් හඳුන්වාදීම හේතුවෙන් 1990 ගණන්වල එරට දේශපාලන සහ ආගමික නායකයින් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකිව යුත්තන් ද මතභේද ඇති කරගත් අතර, අවසානයේ එම වැඩසටහන සඳහා මුල්වූ උපදේශකයෙකු සේවයෙන් පහ කිරීමට ද සිදු විය. නමුත් පසුකාලීන පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ පාසල්වල කොන්ඩම් ප්‍රවර්ධනය කිරීම සහ බෙදා හැරීම නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගික ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට හෝ වැඩි වීමට හේතු වී නොමැති බවයි. 


image 2
මෙවැනි පසුබිමක් තුළ අන් සියලු කාරණා මෙන් කොන්ඩම් භාවිතය පිළිබඳ කාරණය ද දේශපාලනික මුහුණුවරක් ගැනීම අනිවාර්ය සාධකයකි. ශ්‍රී ලංකාව වැනි ලිංගික වශයෙන් පසුගාමී සහ ලිංගික සබඳතාවලට සීමිත නිදහසක් පවතින සමාජයන්හි ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙන්ම, පාසල් සිසු සිසුවියන්ට කොන්ඩම් හඳුන්වා දීම සම්බන්ධයෙන් ද සෘණාත්මක ආකල්ප කරළියට පැමිණීම පුදුමයට කාරණයක් නොවේ. ආණ්ඩු නියෝජනය කරන්නේ ද, රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ ද මෙම පසුගාමී සමාජයේම පුද්ගලයන් වන බැවින් ඉහත ආකාරයේ ප්‍රතිපත්ති හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පහසු කටයුත්තක් වන්නේ නැත.


Indi 1(සටහන | ආචාර්ය ඉන්දි අකුරුගොඩ)
අධ්‍යයනාංශ ප්‍රධාන,
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය,
රුහුණ විශ්වවිද්‍යාලය.

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...