BREAKING
Top Ad
Life

ගැහැනු තමන්ගේ අවශ්‍යතා ඕනෑ එපාකම් ගැන කියන්නේ වක්‍රවය | කසුන් රාජපක්ෂ

T

The Leader

September 28, 2025 • 12:54 AM

ගැහැනු තමන්ගේ අවශ්‍යතා ඕනෑ එපාකම් ගැන කියන්නේ වක්‍රවය | කසුන් රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ බිරිදක් නාන කාමරයේ ස්නානය කරමින් සිට එක වරම සැමියා අමතා මෙහෙම කියනවා...
  • ඇය නැවත උස් හඩින් සැමියා අමතා අනේ මගේ ටවල් එක ගෙනල්ලා දෙන්නකෝ යනුවෙන් පවසයි.
  • පසුව ඔහුට කල්පනා උනේ නිවසේ ගේට්ටුව හොදින් වසා ඇති බවයි කිසිවකුට නිවසට ඇතුළු විය නොහැකි බවයි.
  • ටවල් එක ගත්ත පාරට ඇතුළේ තියන ඒවා බිම වැටෙන්න ඇති ඔහු සිතුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


අනේ මගේ ටවල් එක ගෙනල්ලා දෙන්නකෝ...

මේ වෙලාවේ නිවසේ සිටියේද සැමියා බිරිද පමණි..

මෙම වෙලාවේ යම් කටයුත්තක නිරත වෙමින් එයට අවදානය දීගෙන සිටි සැමියාට මෙය ඇසුණා නෑසුනා වගේය. ඇය නැවත උස් හඩින් සැමියා අමතා අනේ මගේ ටවල් එක ගෙනල්ලා දෙන්නකෝ යනුවෙන් පවසයි.

එවර නම් සැමියාට එය හොදින් ඇසුණේය. ඔහු මිදුලේ වැලක වනා තිබූ බිරිදගේ ටවල් එක සොයමින් මුවින් නොබැණ මෙසේ සිතයි.

 


මේ ගෑණුන්ට නාන්න යද්දි ෂැම්පුද සබන්ද පේස් වොෂ්ද අතන ගාන එකයි මෙතන ගාණ එකයි සේරම අරන් යන්න පුළුවන් මේ ටවල් එක විතරක් අරන් යන්න බැහැනේ. ඉන් පසු ඔහු නාන කාමරයේ දොරට තට්ටු කර...

මෙන්න ගෙනාව ටවල් එක යනුවෙන් පවසා ඇය දොර අඩක් විවෘත කළ පසු නාන කාමරය පිහිටි දිශාවට ප්‍රතිවිරුද්ධ දෙස බලා ඇයට ටවල් එක ලබා දුන්නේ ඇය දෙසවත් නොබලාය. ඔහුගේ අවදානය තිබුණේ මෙහෙමය. මම බිරිදට මේක දෙන අස්සෙ වෙන ⁣කවුරු හරි ගෙදරට ආවොත් ඉවරයි මෙයාගේ සේරම දකිනවා. පසුව ඔහුට කල්පනා උනේ නිවසේ ගේට්ටුව හොදින් වසා ඇති බවයි කිසිවකුට නිවසට ඇතුළු විය නොහැකි බවයි.

එහෙම හිතනවාත් එක්කම බිරිද දඩාස් ගා මහ හඩින් නාන කාමරයේ දොර වසා ගත්තෙ සැමියා වෙතින් ටවල් එක ගනිමින් නොව උදුරා ගනිමින්ය. ඉන් පසු ඔහුට ඇසුණේ නාන කාමරය තුළ යම් යම් දේවල් බිම වැටෙන හඩයි. ටවල් එක ගත්ත පාරට ඇතුළේ තියන ඒවා බිම වැටෙන්න ඇති ඔහු සිතුවාය.

අනිත් දවසේ නාන්න යනකොට ටවල් එකත් අරන් යන්න එතකොට හරිනේ. යනුවෙන් ඔහු කිව්වා නොව ඔහුට කියවුණාය. එයට ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් හිමි නොවුණි. එය ඔහු කිව්වේ වඩාත් හොදටය.

ඔහු තවදුරටත් සිතුවා මෙහෙම, අද මම ගෙදර හිටිය නිසා හොදයි. නැත්නම් ඉතින් මෙයාට වෙන්නෙ හෙලු වැල්ලෙන් මිදුලට ඇවිල්ල ටවල් එක අරන් යන්න. ඔව් ඉතින් මම නැති දවසට එහෙමත් වෙනවා ඇති.

gugu878
මේ වෙලාවේ නාන කාමරයේ සිටි බිරිදරට හොදටම තරහා ගිහින්ය.

ඇය නාන කාමරයෙන් එළියට විත් දොර වේගයෙන් වසා දැමුවාය. ඒ ශබ්දයට සැමියා එදෙස බලන විට ඔහු දුටුවේ බිරිද වෙන ටවල් එකක් ඇද සිටි අතර ඔහු ගෙනගොස් දුන් ටවල් එක හිසේ කොණ්ඩ වැසෙන සේ ජටාවක් බැද තිබෙන අයුරුයි. මට කියලා ටවල් එකක් ගෙන්නගෙන තියෙන්නෙ මේ කොණ්ඩේ ජටාවක් බැද ගන්න, ඉතින් ඕක මට කියලා ගෙන්න ගත්තෙ ගෙනිච්ච එක ඇදගෙන එළියට ඇවිල්ලා ඒක කර ගන්න තිබුණා නේ.

ඇයට අද අද දින වැඩ රාජකාරි අඩු දවසක්ය. නිවසේද සැමියා සහ තමන් ඇරෙන්න වෙන කවුරුත් නැත. ඉතින් ඇයට හොදින් නා ගැනීමට අවශ්‍ය විය. ඇය නාන කාමරයට ගියේද එහි දොර ලොක් කර ගැනීමකින් තොරවය. ගෙදරට කවුරු ආවත් සැමියා සාලයේය. අනෙක එක පාර නිවසට කාටවත් ඇතුළු වෙන්නත් බැරිය ගේට්ටු වසා අගුලු දමලාය. ඇයට තම වටපිටාව ගැන විශාල සැහැල්ලුවක් ඇති විය. ඇය හොදින් නා ගත්තාය. ඇය නාන ගමන් දොරගුලු නොදැමූ දොරින් එලිය පෙනෙන තීරුවෙන් සැමියා දෙස විටින් විට බලයි. ඔහු බැරි වෙලාවත් නාන කාමරය දෙස බලනවාද යන්න ඇයට දැකීමට අවශ්‍ය විය. එදෙස බැරි වෙලාවත් ඔහු බලන්නෙ නැත. ඔහුගේ වැඩ කරගෙන යයි.

ඇය නාන කාමරයේ නාන අතර..

කන්නාඩියේ තම නිරුවත් සිරුර⁣ දෙස බලන විට ඇයට සිතෙයි මම දැන් ඉස්සරට වඩා ලස්සනයි ඇස්වල අමුතු කාමුක බවක් ඇත ඇස් නලියයි. නැවත සැමියා දෙස බැලෙයි. ඔහු ඔහුගේ වැඩ කරගෙන යයි.

ඇය තම කාමරයට ගොස් ඇදුමක් ඇද ගෙන කාමරයට වී දොර තදින් වසාගෙන ඇදෙහි වැතිරෙයි.

සැමියාට එදා උදේ වරුවේ තේද දවල් කෑමද නැත.

 

Husband and wife are arguing at home. Angry man is yelling at his wife.
සවස තේ එකද නැත. සැමියා යන්තම් මොනවා හරි ආහාරයට ගෙන තේද තමන්ම හදාගෙන පානය කර දවස ගෙවා දැමුවාය.

රාත්‍රිය උදා විය. එම නිවසේ විශාල රංඩුවක් ඇති විය. බිරිද විසින් සැමියාට තදින් දොස් පවරයි.

ඔහු කල්පනා කරන්නෙ දවසම මමත් එක්ක හොදට ඉදලා කිසිම සද්දයක් බද්දයක් නැතුව බිරිද මේ රෑ කිසිම අදාලත්වයක් නැති කරුණක් හේතුව කරගෙන මේ තරම් කෝපයෙන් තමා සමග රංඩු කරන්නේ ඇයි.

මෙය කියවන ඔබට හිතා ගන්න පුළුවන් ද ඇය ඒ තරම් කෝපයට පත් උනේ ඇයිද කියලා. පිරිමි අයට තේරුම් ගන්න අපහසු උනත් මෙය කියවන කාන්තාවන්ට එය හොදින් තේරුම් ගත හැකි බව මම විශ්වාස කරනවා.

ඉතින් පිරිමි අයගේ දැන ගැනීම උදේසා ඔබේ අදහස පහළින් ලියන්න.

360 F 240483004 bqHZD3Xcyp8lV2ihCPmW2ETr9HTPaok2
මම මෙහෙමත් ලියලා සටහන අවසන් කරන්නම්.

මනෝ විද්‍යාවට අනුව ගැහැනු තමන්ගේ අවශ්‍යතා ඕනෑ එපාකම් ගැන කියන්නේ වක්‍රවය.

ඔවුන්ට අවශ්‍ය තමන් වක්‍රව පවසන දේ තේරුම් ගන්න පිරිමිය ස්වාමිපුරුෂයින්ය.

(සටහන | කසුන් රාජපක්ෂ)
#Kasunrajapaksha
ප්‍රවීණ මනෝ උපදේශක

(උපුටා ගැනීම -Red Zone ෆේස්බුක් පිටුවෙන්..)
September 26

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...