BREAKING
Top Ad
Life

තරුණ ජනගහනයට දරුවන් හදන්න තියෙන අවශ්‍යතාව අඩු වෙලා

T

The Leader

February 28, 2026 • 12:30 PM

තරුණ ජනගහනයට දරුවන් හදන්න තියෙන අවශ්‍යතාව අඩු වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ළමා හා තරුණ ජනගහනයට සාපේක්ෂව වියපත් ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය පවසයි.
  • කොළඹ පැවති එම වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණය අමතමින් එහි සභාපති මනෝරි වීරතුංග පැවසුවේ, මේ හේතුවෙන් අනාගතයේදී සෞඛ්‍ය සඳහා වැඩි වියදමක් දැරීමට රජයට සිදුවන බවයි.
  • එහිදී වැඩිදුර අදහස් දැක්වූ මනෝරි වීරතුංග, ''සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්නේ අවුරුදු 60ට ආවට පස්සේ'' "වර්තමානයේ දකින ප්‍රධාන දෙයක් තමයි වයස්ගත ජනගහනය වැඩි වීගෙන යනවා.
  • 2024 ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 18%ක ප්‍රමාණයක් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යුහය වේගවත් පරිවර්තනයකට ලක්ව සිටින සමයක ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (27) ආරම්භ කෙරුණි.

කොළඹ පැවති එම වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණය අමතමින් එහි සභාපති මනෝරි වීරතුංග පැවසුවේ, මේ හේතුවෙන් අනාගතයේදී සෞඛ්‍ය සඳහා වැඩි වියදමක් දැරීමට රජයට සිදුවන බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ මනෝරි වීරතුංග,

''සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්නේ අවුරුදු 60ට ආවට පස්සේ''

gdgsdgsdg

"වර්තමානයේ දකින ප්‍රධාන දෙයක් තමයි වයස්ගත ජනගහනය වැඩි වීගෙන යනවා. 2024 ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 18%ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ එක්කම වෙන තව ප්‍රධාන ගැටලුව තමයි තරුණ ජනගහනයට දරුවන් හදන්න තියෙන අවශ්‍යතාව සහා අවධානය ක්‍රමිකව අඩු වෙලා තියෙනවා. අපේ රටේ විශාල වශයෙන් තියෙන ගැටලුව තමයි සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්නේ අවුරුදු 60ට ආවට පස්සේ. වයස අවුරුදු 40-60 අතර සෞඛ්‍ය ගැන හිතන්නේ නෑ. හැබැයි ඒ වයස තමා වැඩිපුරම සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න ඕනි වයස"

මේ අතර, රටක පැවැත්ම, ආර්ථික සංවර්ධනය ආදී කරුණු රැසක් කෙරෙහි එම රටෙහි ජීවත්වන ජනගහනය වැදගත් වෙයි.

තරුණ ජනගහනය වැඩිවීමෙන් රටක ශ්‍රම බලකාය ශක්තිමත්වන සේම වියපත් පිරිස රැකබලා ගැනීමටත් එමගින් අවස්ථාව ලැබේ.

| aruna

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...