BREAKING
Top Ad
Life

විටමින් අපට අත්‍යවශ්‍ය වන්නේ කොහොමද ? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader

March 10, 2026 • 12:01 AM

විටමින් අපට අත්‍යවශ්‍ය වන්නේ කොහොමද ? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විටමින් කියන්නේ මොනවද?Vitamin = Vita + amine
  • පසුකාලීනව විද්‍යාත්මකව හැම vitamin එකක්ම amine නොවන බව හෙළිවුණත්, “vitamin” යන නාමය අදටත් භාවිත වෙනවා.
  • නමුත් ඇත්තටම බොහෝ අවස්ථාවල දී අපට එලෙස විටමින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නෑ.
  • මෙලෙස විටමින් ලබා ගැනීමෙන් ශරීර ශක්තිය, ශාරීරික යෝග්‍යතාව වැඩි වෙනවා කියලා සමහරුන් තුළ මතයක් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


Vita කියන්නේ ලතින් භාෂාවෙන් “ජීවිතය” හෙවත් life කියන අර්ථය යි. Amine කියන්නේ රසායනික සංයෝගයක වර්ගයක් (amine group).

ඒ නිසා මුල්කාලේ “Vitamin” කියන නාමය දැමීමේ අර්ථය වූයේ “ජීවිතයට අත්‍යවශ්‍ය amine” කියන අදහසයි. පසුකාලීනව විද්‍යාත්මකව හැම vitamin එකක්ම amine නොවන බව හෙළිවුණත්, “vitamin” යන නාමය අදටත් භාවිත වෙනවා.

විටමින් යනුවෙන් පොදුවේ හඳුන්වන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන රසායනික සංඝටක යි. මොන තරම් අත්‍යවශ්‍ය වුණත් විටමින් අපේ ශරීරයට අවශ්‍ය වන්නේ අංශු මාත්‍ර ප්‍රමාණයෙන් පමණයි. ඒ වගේම ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුණත් විටමින් අපේ ශරීරය තුළ නිෂ්පාදනය කළ නොහැකියි. ඒ නිසා මේවා අනිවාර්යයෙන්ම ආහාර සමග පිටතින් අපට ලබා ගන්නට සිදු වෙනවා.

 

food vitamin

සමබර ආහාර වේලක් ගන්න අයට අවශ්‍ය විටමින් ප්‍රමාණය එම ආහාරවලින්ම ලැබෙනවා. නමුත් බොහෝ දෙනෙකු ගෙ විශ්වාසය වන්නේ විටමින් වෙනමම ලබා ගැනීමෙන් අපේ ශරීර සෞඛ්‍යයට විශාල යහපතක් වෙනවා කියලයි. නමුත් ඇත්තටම බොහෝ අවස්ථාවල දී අපට එලෙස විටමින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නෑ.

විටමින් සම්බන්ධයෙන් බොහෝ අය තුළ තිබෙන වැරදි මත පිළිබඳව අපි දැන් සොයා බලමු.

මෙලෙස විටමින් ලබා ගැනීමෙන් ශරීර ශක්තිය, ශාරීරික යෝග්‍යතාව වැඩි වෙනවා කියලා සමහරුන් තුළ මතයක් තිබෙනවා. නමුත් එවැනි දෙයක් සිදු වන්නේ නෑ. ශරීර ශක්තිය, ශාරීරික යෝග්‍යතාව වැඩි වන්නට නම් අවශ්‍ය වන්නේ සමබර ආහාර වේලක් අරගෙන නිතිපතා ව්‍යායාම කිරීමයි.

reading book

 

තවත් සමහර අයගේ මතයක් තමයි විටමින් ලබාගැනීමෙන් මතක ශක්තිය වැඩි වෙනවා කියන එක. එනිසා කුඩා ළමුන්ට විටමින් වෙනම ලබා දීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම සඳහා මතක ශක්තිය වැඩි කර ගන්නට, විභාග සමත් වන්නට, නිදිමරාගෙන පාඩම් කරන්නට හැකියාවක් ලැබෙන බවට විශ්වාසයෙන් සමහර දෙමාපියන් දරුවන්ට නොයෙකුත් විටමින් වර්ග ලබා දීමට පෙළඹෙනවා. නමුත් විටමින් නිසා එවැනි වාසි ලැබෙන්නේ නෑ. 

ඒ වගේම විටමින් ලබා ගත්තම හොඳට කෑම කන්න පුළුවන් කියලත් සමහරුන් තුළ විශ්වාසයක් තිබෙනවා. නමුත් එහෙම දෙයක් වෙන්නෙත් නෑ. කෑම රුචිය අඩු නම් වෛද්‍යවරයකු හමුවී ඊට හේතුව කුමක් හෝ රෝගයක් ද කියලා සොයාගෙන ඖෂධ ලබා ගැනීම සුදුසු යි. එහෙම නැත්නම් ආහාර රුචිය වඩවන වෙනම ඖෂධ තිබෙනවා. එවැන්නක් වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකියි.

විටමින් ලබා ගැනීමෙන් ලිංගික ශක්තිය වැඩි වෙලා කාන්තාවන්ට සහ පිරිමින්ට තම ලිංගික කාර්යයන් සාර්ථකව කර ගන්න ලැබෙනවා කියලත් ඇතමුන් තුළ මතයක් තිබෙනවා. නමුත් විටමින් මගින් එවැනි දෙයක් වෙන්නෙත් නෑ.

සමහර අය තුළ තිබෙන විශ්වාසයක් තමයි විටමින් නිසා පිළිකා, හෘද රෝග වැනිදෑ සෑදීමේ අවදානම නැති වෙන බව සහ බොහෝ කලක් නිරෝගී ව ජීවත් වන්නට හැකි බව. නමුත් ඒකත් වැරදි විශ්වාසයක්. විටමින්වලින් එවැනි දේ ලැබෙන්නෙත් නෑ.

සමහර අවස්ථාවල දී අවශ්‍ය ප්‍රමාණයට වඩා විටමින් ගත්තම අපේ ශරීරයට අයහපතක් වෙන්නත් පුළුවන්. මේදයේ දියවෙන විටමින් A, විටමින් D, විටමින් E, විටමින් K වැනි විටමින් වැඩිපුර ගත්තොත් එයින් ශරීරයට විෂ සහිත තත්ත්වයක් (toxicity) ඇති වීමේ අවදානමක් තිබෙනවා.

 

vitamin tab

සමහර විටමින් අප ගන්නා අනෙක් ඖෂධත් සමග ක්‍රියා කර ඒ ඖෂධවල ක්‍රියාකාරිත්වය අඩු කරන්නත් පුළුවන්.

විටමින් වර්ග පෙති හෝ දියර වශයෙන් ගන්නවාට වඩා එය ආහාරවලින්ම ශරීරයට ලබා දීම වැදගත් වන්නේ ඇයි කියන කරුණ තවදුරටත් මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්.

ආහාරවලින් විටමින් සමග ඛනිජ, තන්තු (fiber), ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක වගේ තවත් වැදගත් ද්‍රව්‍යත් එකට ලැබෙන නිසා එයින් ස්වභාවික සම්පූර්ණ පෝෂණයක් ශරීරයට හිමි වෙනවා. විටමින් පෙතිවලින් සාමාන්‍යයෙන් ලැබෙන්නේ එකක් හෝ කිහිපයක් පමණයි.

ආහාරයෙන් ලැබෙන විටමින් ශරීරයට ස්වභාවිකව හොඳින් උරාගන්න පුළුවන්. සමහර පෙතිවලින් ලැබෙන විටමින් හොඳින් උරා ගැනීම සිදු නොවිය හැකියි.


ඉහතද සඳහන් කළාක් මෙන් විටමින් පෙති අධිකව ගත්තොත් විෂ වීම හෝ වෙනත් අතුරුඵල ඇතිවෙන්න පුළුවන් (විශේෂයෙන් Vitamin A, D, E, K). ආහාරයෙන් සාමාන්‍යයෙන් එම අවදානම අඩුයි.
 
heart disease in women
පලතුරු, එළවළු, ධාන්‍ය වගේ ස්වභාවික ආහාරවලින් ශරීරයට අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වගේම විටමින් ද ලැබෙන අතර හෘද රෝග, දියවැඩියාව, අධික බර වැනි රෝග අවදානම ද එම ආහාර මගින් අඩු කරනවා. එනිසා සෞඛ්‍යයට දීර්ඝකාලීන වාසියක් එයින් සැලසෙනවා.
සාමාන්‍යයෙන් සමබල ආහාර ගන්නා කෙනෙකුට වෙනම විටමින් වර්ග (vitamin supplement) ගැනීම අවශ්‍ය වන්නේ නෑ. නමුත් ගර්භණී කාන්තාවන්, විශේෂ අසනීපවලින් පෙළෙන අය, ශරීරයේ විටමින් හිඟයක් තියෙන අය වෛද්‍ය උපදෙස් අනුව supplement ගැනීම යෝග්‍ය යි.
 
channel doctor

මේ නිසා අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ ඔබට මොනවා හෝ විටමින් වර්ගයක් අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඔබගේ අනෙකුත් ඖෂධත් සමග එකට ගැනීම සුදුසු ද නැද්ද යන්න දැනගෙන අවශ්‍ය නම් පමණක් ගන්න.

Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...