BREAKING
Top Ad
Life

හෘද රෝග සඳහා පැරසිටමෝල් වෙනුවට ඇස්ප්‍රීන් නියම කරන්නේ ඇයි? | හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader

April 24, 2026 • 10:40 PM

හෘද රෝග සඳහා පැරසිටමෝල් වෙනුවට ඇස්ප්‍රීන් නියම කරන්නේ ඇයි? | හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකු නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබේ. ඉන් එක් පැනයක් වන්නේ තමන්ගේ රෝගයට ප්‍රතිකාර ලෙස භාවිතයට එතරම් නුසුදුසු බව පැවසෙන ඇස්ප්‍රීන් (Aspirin) නියම කරන්නේ මන්ද යන්නයි.
  • මීට දශක කිහිපයකට පෙර සාමාන්‍ය වේදනා නාශකයක් ලෙස ඉතා ජනප්‍රියව පැවති ඇස්ප්‍රීන් සඳහා තිබූ ජනප්‍රියත්වය වර්තමානය වන විට පැරසිටමෝල් විසින් අත්පත් කරගෙන ඇත.
  • ඇස්ප්‍රීන් භාවිතය සාමාන්‍ය වේදනා නාශකයක් ලෙස සීමා වීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ එය නිතර භාවිත කිරීම නිසා ආමාශය ඇතුළු ආහාර මාර්ගයට ඇති වන අහිතකර බලපෑම්ය.
  • විශේෂයෙන්ම, නිරන්තරයෙන් ඇස්ප්‍රීන් භාවිතය මඟින් බඩේ දැවිල්ල හට ගැනීමට ඉඩ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් වැඩිදුරටත් විමසා සිටින්නේ ඒ සඳහා ආදේශකයක් ලෙස පැරසිටමෝල් (Paracetamol) යොදාගත නොහැකිද යන්නයි.

මීට දශක කිහිපයකට පෙර සාමාන්‍ය වේදනා නාශකයක් ලෙස ඉතා ජනප්‍රියව පැවති ඇස්ප්‍රීන් සඳහා තිබූ ජනප්‍රියත්වය වර්තමානය වන විට පැරසිටමෝල් විසින් අත්පත් කරගෙන ඇත. ඇස්ප්‍රීන් භාවිතය සාමාන්‍ය වේදනා නාශකයක් ලෙස සීමා වීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ එය නිතර භාවිත කිරීම නිසා ආමාශය ඇතුළු ආහාර මාර්ගයට ඇති වන අහිතකර බලපෑම්ය.

daily aspirin desktop

විශේෂයෙන්ම, නිරන්තරයෙන් ඇස්ප්‍රීන් භාවිතය මඟින් බඩේ දැවිල්ල හට ගැනීමට ඉඩ ඇත. එනිසාම ඇස්ප්‍රීන් භාවිතයේදී පෙති වශයෙන් නොව ජලයේ තනුක කොට පානය කරන ලෙස ද වෛද්‍ය උපදෙස් පවා නිකුත් කරන ලදී. ඒ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අනුව ඇස්ප්‍රීන් මඟින් ආමාශයේ ආරක්ෂිත ස්ථරයට හානි සිදු කරමින් ආමාශයික තුවාල (Gastric Ulcers) ඇති කළ හැකි අතර, මේ හේතුවෙන් ලේ වමනය හෝ මළපහ සමඟ රුධිරය පිටවීම වැනි බරපතල අභ්‍යන්තර ලේ ගැලීම් (Gastrointestinal Bleeding) ඇති විය හැකිය. මීට අමතරව, වෛරස් උණ පවතින කුඩා දරුවන්ට ඇස්ප්‍රීන් ලබා දීමෙන් මොළයට සහ අක්මාවට හානි සිදුවන “රයිස් සහලක්ෂණය” (Reye’s Syndrome) වැනි මාරාන්තික තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද පවතින බව අනාවරණය විය.

කෙසේ වෙතත්, මෙවැනි අතුරු ආබාධ තිබුණද, හෘද රෝග කළමනාකරණයේදී ඇස්ප්‍රීන් සතු සුවිශේෂී ගුණාංගය පැරසිටමෝල් මඟින් ඉටු කළ නොහැක. පැරසිටමෝල් යනු ප්‍රධාන වශයෙන් වේදනාව සහ උණ සමනය කරන ඖෂධයක් වන අතර, ඇස්ප්‍රීන් සතු රුධිරය කැටි ගැසීම වැළැක්වීමේ (Anti-platelet) හැකියාව එයට නොමැත. හෘදයාබාධ සහ ආඝාතය (Stroke) ඇති වන්නේ බොහෝ විට හෘදයට හෝ මොළයට රුධිරය සපයන නාල තුළ රුධිරය කැටි ගැසීමෙනි. ඇස්ප්‍රීන් මඟින් රුධිරයේ ඇති පට්ටිකා (Platelets) එකිනෙක ඇලීම වළක්වා රුධිරය කැටි ගැසීමේ වේගය අඩු කරයි. මෙම සුවිශේෂී ක්‍රියාවලිය නිසා හෘදයාබාධ වැළැක්වීම සඳහා වෛද්‍යවරුන් විසින් මෙය කුඩා මාත්‍රාවලින් නියම කරනු ලබයි. ඒ එමඟින් ශරීරයට සැලකිය යුතු අහිතකර බලපෑම් සිදු නොවන නිසාය.

 

 94894513 151223111547 heart attack 624x351 thinkstock.jpg

සාරාංශයක් ලෙස, ඇස්ප්‍රීන් සහ පැරසිටමෝල් යනු ක්‍රියාකාරීත්වය අතින් සම්පූර්ණයෙන්ම වෙනස් ඖෂධ දෙකකි. හෘද රෝග ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය, පෙර පැවති රෝගාබාධ සහ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ගවේෂණය කර සුදුසු ඖෂධය සුදුසු මාත්‍රාවෙන් නියම කිරීමේ වගකීම වෛද්‍යවරයා සතු වේ. ඒ අනුව රෝගියාගේ ජීවිතාරක්ෂාව තහවුරු වන්නේ වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම ඖෂධ භාවිත කිරීමෙනි.

Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...