BREAKING
Top Ad
Life

එන්ටරොවෛරස් මෙනින්ජිටිස් රට පුරා ව්‍යාප්ත වෙයි - වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්!

T

The Leader

May 25, 2026 • 10:16 AM

එන්ටරොවෛරස් මෙනින්ජිටිස් රට පුරා ව්‍යාප්ත වෙයි - වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව එන්ටරොවෛරස් මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය
  • මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.
  • ප්‍රධාන රෝග ලක්ෂණ සහ ව්‍යාප්ත වන ආකාරය මෙම වෛරස් මෙනින්ජිටිස් තත්ත්වයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වන අතර, ප්‍රධාන රෝග ලක්ෂණ 3ක් කෙරෙහි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • (සමහර විට බෙල්ලේ තද ගතිය හෝ ආලෝකය දෙස බැලීමට අපහසුතා ද ඇති විය හැක).
අකුරු ප්‍රමාණය (Font Size):

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම, වළක්වා ගැනීම, පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සකස් කරන ලද විශේෂ මාර්ගෝපදේශ මාලාවක් පසුගිය සතිඅන්තයේදී දිවයිනේ සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත නිකුත් කර තිබේ.

මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.

ප්‍රධාන රෝග ලක්ෂණ සහ ව්‍යාප්ත වන ආකාරය

මෙම වෛරස් මෙනින්ජිටිස් තත්ත්වයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වන අතර, ප්‍රධාන රෝග ලක්ෂණ 3ක් කෙරෙහි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රධාන රෝග ලක්ෂණ:
තද උණ, හිසරදය සහ වමනය. (සමහර විට බෙල්ලේ තද ගතිය හෝ ආලෝකය දෙස බැලීමට අපහසුතා ද ඇති විය හැක).

සුව වීමේ කාලය:
මෙම මෙනින්ජිටිස් රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළත සුව අතට පත්වේ.


රෝගය බෝවන්නේ කෙසේද?

dgdfgdtt

මල-මුඛ මාර්ගයෙන් (Fecal-oral route):
පවිත්‍ර නොවන ජලය, ආහාර පරිභෝජනය සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින්.

ශ්වසන බිඳිති (Respiratory Droplets):
රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා.

රෝගය පාලනය සහ වැළැක්වීමේ ප්‍රධාන පියවර

වසංගත රෝග විද්‍යා අංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවට අනුව මහජනතාව සහ පාසල් දරුවන් පහත සඳහන් සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුය:

දෑත් පිරිසිදුකම:
සබන් සහ ජලය යොදා නිතරම දෑත් හොඳින් සේදීම.

ශ්වසන ආචාරශීලීත්වය:
කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින්/ටීෂු එකකින් මුඛය සහ නාසය වැසීම.

සමීප සබඳතා සීමා කිරීම:
රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සමග සමීප ඇසුර පැවැත්වීමෙන් වැළකීම.

වාතාශ්‍රය:
නිවෙස්, පන්තිකාමර සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම (ජනෙල් දොරවල් විවෘතව තැබීම).


පාසල් සහ උත්සව සඳහා විශේෂ උපදෙස්

ළමුන් අතර රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් පරිශ්‍රයන්, ළදරු පාසල් මෙන්ම පොදු උත්සව සහ ප්‍රජා රැස්වීම් පවත්වන ස්ථානවල විශේෂ පාලන පියවරයන් ක්‍රියාත්මක කළ යුතු බව නිවේදනයේ දැක්වේ.

දරුවෙකුට උණ, හිසරදය හෝ වමනය පවතී නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අතර රෝගය සුව වන තෙක් පාසල් හෝ දහම් පාසල් වෙත නොඑවා නිවසේ රඳවා තැබීමට දෙමාපියන් වගබලා ගත යුතුය.

සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම

මෙම විශේෂ මාර්ගෝපදේශණ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, ප්‍රතිකාර, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය මෙන්ම ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර ආදී සියලුම තාක්ෂණික කරුණු ඇතුළත් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා මඟපෙන්වීම් යටතේ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ (Chief Epidemiologist) විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම උපදෙස් මාලාව සකස් කර තිබේ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන්, පළාත් සහ දිස්ත්‍රික් උපදේශක ප්‍රජා වෛද්‍යවරුන්, වසංගත රෝග විද්‍යා වෛද්‍ය නිලධාරින් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් (MOH) වෙත ද ක්‍රියාත්මක වීම සඳහා මෙම නිල නියෝගය මේ වන විටත් යොමු කර ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...