The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ලංකාවේ ඉස්කෝල දරුවෝ ලෙඩ කරවන 'කෙටි කෑම' මාෆියාව: සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තහනමක්!

T

The Leader Desk

June 20, 2026 • 4:44 PM

ලංකාවේ ඉස්කෝල දරුවෝ ලෙඩ කරවන 'කෙටි කෑම' මාෆියාව: සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තහනමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් පවත්වන ලද විශේෂ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.
  • සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 13-14 අතර පසුවන මෙරට පාසල් දරුවන්ගෙන් 12%ක් අධිබරින් (Overweight) සහ 3%ක් ස්ථූලතාවයෙන් (Obesity) පෙළෙති.
  • මීට අමතරව, දරුවන්ගේ දෛනික ආහාර රටාව වස විසෙන් පිරී ඇති ආකාරය දත්ත මඟින් පැහැදිලි වේ: 17.4%ක් දරුවන් දිනපතා කාබනීකෘත පැණි බීම පානය කරති.
  • %ක් දරුවන් අධික ලුණු සහ තෙල් සහිත ආහාරවලට ඇබ්බැහි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර බෝ නොවන රෝග (NCDs), අධිබර සහ ස්ථූලතාවය සීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති ආක්‍රමණශීලී "කෙටි කෑම" (Short Eats) සහ පැණි බීම සංස්කෘතිය පාලනය කිරීම සඳහා පාසල් ආපනශාලා තුළ දැඩි නීති සහ තහනමක් පැනවීමට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව පියවර ගෙන තිබේ.

2026 ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් පවත්වන ලද විශේෂ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 13-14 අතර පසුවන මෙරට පාසල් දරුවන්ගෙන් 12%ක් අධිබරින් (Overweight) සහ 3%ක් ස්ථූලතාවයෙන් (Obesity) පෙළෙති. මීට අමතරව, දරුවන්ගේ දෛනික ආහාර රටාව වස විසෙන් පිරී ඇති ආකාරය දත්ත මඟින් පැහැදිලි වේ:


17.4%ක් දරුවන් දිනපතා කාබනීකෘත පැණි බීම පානය කරති.

28.5%ක් දරුවන් අධික ලුණු සහ තෙල් සහිත ආහාරවලට ඇබ්බැහි වී ඇත.

41%ක් දරුවන් දිනකට එක් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් අහිතකර සීනි සහිත කෑම වර්ග පරිභෝජනය කරති.


විසඳුම: "කෙටි ආහාර ගැන නැවත සිතමු"

මෙවර ජාතික පෝෂණ මාසයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ "කෙටි ආහාර ගැන නැවත සිතමු" යන්නයි. නිවසේ සාදන ගුණදායී ආහාර වෙනුවට වෙළෙඳපොළේ ඇති, පෝෂණ ගුණයෙන් තොර, අධි කැලරි සහිත අති-සැකසූ (Ultra-processed) ආහාර දෛනිකව ගැනීම නිසා වැඩිහිටියන් මෙන්ම දරුවන් ද දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි මාරක රෝගවල ගොදුරක් බවට පත්වෙමින් සිටී.


ජූනි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන නව මාර්ගෝපදේශ

පසුගිය පෙබරවාරි මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයට අනුකූලව සකස් කළ "සෞඛ්‍යමත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය" එළැඹෙන ජූනි 22 වැනිදා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් එළිදැක්වේ.

මේ යටතේ දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග පාසල් කැන්ටිම් තුළ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඒ වෙනුවට ස්වභාවික හා දේශීය කෙටි ආහාර විකල්ප හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.

දරුවන් සඳහා පාසල් ආපනශාලා තුළ අලෙවි කළ හැකි සහ නොහැකි ආහාර ලැයිස්තුව පහතින්,

dffgdgerter

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ ඉස්කෝල දරුවෝ ලෙඩ කරවන 'කෙටි කෑම' මාෆියාව: සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තහනමක්! | The Leader