BREAKING
Top Ad
Life

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader

July 19, 2026 • 12:58 AM

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි.
  • එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි.
  • එම නිසා එන්නත ලබා ගැනීමෙන් පසු අලුතෙන් ඇතිවන පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හෝ හෘද ස්පන්දන වේගය වැඩිවීම වැනි රෝග ලක්ෂණ මතුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවට උපදෙස් දී තිබිණි.
  • කෙසේ වෙතත් නිරීක්ෂණය වූ බොහෝ අවස්ථා සුළු රෝග තත්ත්වයන් බවත්, සාමාන්‍ය ප්‍රතිකාරවලට හොඳින් ප්‍රතිචාර දක්වන බවත්, එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ එම අවදානමට වඩා බොහෝ සෙයින් වැඩි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල නිගමනයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන PubMedහි පළ වූ සම සමාලෝචිත පර්යේෂණ, සහ ඇමරිකාව කේන්ද්‍ර කොට ගත් ලොව ප්‍රමුඛතම ලාභ නොලබන වෛද්‍ය ආයතනයක් වන Mayo Clinic යන ප්‍රධාන ආයතන තුනම නවීනතම mRNA COVID-19 එන්නත් සහ හෘදය වස්තුවේ පටක ඉදිමීම් හෙවත් ප්‍රදාහයන් වශයෙන් හඳුන්වන myocarditis/pericarditis අතර සම්බන්ධය සම්බන්ධයෙන් එකම මූලික නිගමනයකට පැමිණ තිබේ. මෙය ඉතා වැදගත් සුවිශේෂ එකඟතාවකි.

 

1623332053 COVID vaccination Sri Lanka L

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව (GACVS) 2021 මැයි 26 සහ ජූලි 09 යන දිනවල නිකුත් කළ යාවත්කාලීන කිරීම් මගින් Pfizer-BioNTech සහ Moderna වැනි mRNA එන්නත් ලබා ගැනීමෙන් පසුව myocarditis හෙවත් හෘද පේශි ප්‍රදාහය සහ pericarditis හෙවත් හෘදය වටා ඇති පටලයේ ප්‍රදාහය පිළිබඳ සිදුවීම් වාර්තා වී ඇති බව පිළිගෙන තිබිණි. එම නිසා එන්නත ලබා ගැනීමෙන් පසු අලුතෙන් ඇතිවන පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හෝ හෘද ස්පන්දන වේගය වැඩිවීම වැනි රෝග ලක්ෂණ මතුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවට උපදෙස් දී තිබිණි. කෙසේ වෙතත් නිරීක්ෂණය වූ බොහෝ අවස්ථා සුළු රෝග තත්ත්වයන් බවත්, සාමාන්‍ය ප්‍රතිකාරවලට හොඳින් ප්‍රතිචාර දක්වන බවත්, එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ එම අවදානමට වඩා බොහෝ සෙයින් වැඩි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල නිගමනයයි. එම ස්ථාවරයම U.S. News හරහා ද “Myocarditis: Benefits Outweigh the Risks” යනුවෙන් අවධාරණය කර ඇත.

PubMed හි පළ වී ඇති විචාර ලිපි සහ තත්ත්ව අධ්‍යයන ගණනාවකින් ද මෙම ප්‍රතිඵලය තවදුරටත් තහවුරු වේ. මෙම අතුරු ආබාධය ඉතා දුර්ලභ ය. ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලට අනුව වයස 12-29 අතර පිරිමි පුද්ගලයින් තුළ දෙවන මාත්‍රාවෙන් පසු මිලියනයකට අවස්ථා 40 ක් පමණ වාර්තා වේ. වැඩි අවදානමක් ඇතිව තිබුණේ වයස 12-39 අතර පිරිමි පුද්ගලයින්ට, විශේෂයෙන් දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් දින 2-4 ඇතුළත ය. සාමාන්‍ය රෝග ලක්ෂණ වන්නේ උග්‍ර පපුවේ වේදනාව, ට්‍රොපොනින් (troponin) මට්ටම ඉහළ යාම, ECG හි ST elevation සහ රෝග ලක්ෂණ දින 1-7 තුළ ආරම්භ වීමයි.

image 236419af53

එංගලන්තයේ මිලියන 43 කට ආසන්න ජනගහනයක් යොදාගෙන කළ විශාලතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ COVID-19 එන්නත නිසා myocarditis හේතුවෙන් රෝහල් ගතවීම හෝ මරණය සිදුවීම 0.007% ක් හෙවත් මිලියනයකට 70ක් පමණ වන ඉතා අඩු අගයක් බවයි. එම අධ්‍යයනයන්හිම වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ COVID-19 ආසාදනය නිසා ඇතිවන myocarditis අවදානම එන්නත නිසා ඇතිවන අවදානමට වඩා සැලකිය යුතු ලෙස වැඩි බවයි. එක් විශාල අධ්‍යයනයකට අනුව SARS-CoV-2 ආසාදනය තහවුරු වූ (positive test) පුද්ගලයන් අතර, ආසාදනයෙන් පසු දින 28 ඇතුළත මිලියනයකට අමතර ඉතා ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එබැවින් සියලුම සමාලෝචන ලිපිවල අවසන් නිගමනය වන්නේ එහි ආරක්ෂිත පැතිකඩ ඉහළ බවත් ප්‍රතිලාභ අවදානමට වඩා වැඩි බවත් ය.

ge45y6y

 

Mayo Clinic ප්‍රතිශක්තිකරණ එන්නත් ලේඛණය භාවිතා කරමින් සිදු කරන ලද ප්‍රතිචාරාත්මක තත්ත්ව අධ්‍යයනයකදී පුද්ගලයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, දැඩි නිර්ණායකවලට අනුව ඉන් 7 දෙනෙකුට පමණක් එන්නත හා සම්බන්ධ myocarditis ඇති බව තහවුරු කර ඇත. Mayo Clinic හි හෘද රෝග විශේෂඥ වෛද්‍ය ලෙස්ලි ටී. කූපර් පැහැදිලි කරන්නේ ඕනෑම ආකාරයක හෘද රෝගයක අවදානම සැබෑ වෛරස් ආසාදනයකට සාපේක්ෂව එන්නතකින් බොහෝ අඩු බවයි. ඔහුගේ ප්‍රකාශයට අනුව mRNA එන්නතකින් පසු myocarditis අවදානම සැබෑ COVID-19 ආසාදනයකින් පසු ඇතිවන අවදානමට වඩා බෙහෙවින් අඩුය. තවද hypersensitivity myocarditis එන්නත්වලින් පසු ඉතා දුර්ලභ බවත්, වසූරිය එන්නත හැර අනෙකුත් එන්නත්වලදී එය අතිශයින් අඩු බවත් Mayo Clinic පෙන්වා දෙයි.

සාරාංශයක් ලෙස මෙම ආයතන තුනම සාමාන්‍ය ජනගහනය තුළ “හෘද රෝග අනුපාතය ඉහළ යනවා” යනුවෙන් පොදු අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. ඔවුන් පිළිගන්නේ mRNA එන්නත්වලට පසු තරුණ පිරිමි පුද්ගලයින් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන, බොහෝ විට ඉතා සුළු myocarditis/pericarditis අවදානමක් පවතින බවයි. එහෙත් COVID-19 ආසාදනය වීමෙන් ඇතිවන Myocarditis, රෝහල් ගතවීම සහ මරණ අවදානම එන්නත් ආශ්‍රිත අවදානමට වඩා කිහිප ගුණයකින් වැඩි බැවින් එන්නත්කරණයේ ප්‍රතිලාභ අවදානමට වඩා වැඩි බව යන්න නිල ස්ථාවරයයි. එන්නත ලබා ගැනීමෙන් පසු දින කිහිපයක් ඇතුළත පපුවේ වේදනාව, හුස්ම හිරවීම හෝ හෘද ස්පන්දන වේගය වැඩිවීම වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසු බව නිර්දේශ කොට තිබේ.

 

wg45645

එම කතාව පසෙක තබමින් “ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්නට ඉහත සඳහන් ආයතන ලබා දෙන පොදු පිළිතුරු ගණනාවක්ම තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි හෘද වාහිනී රෝග ලොව පුරා මරණ සඳහා ප්‍රමුඛතම හේතුව වන අතර 2022 දී පමණක් මිලියන 19.8 කට ආසන්න මරණ ඊට හේතු වී ඇත. එමෙන්ම වයස යනු හෘද සෞඛ්‍යයේ වැදගත්ම නිර්ණායකය බව ඔවුන් අවධාරණය කරයි. අතීතයේ මිනිසුන් මියගියේ ක්ෂය රෝගය, පාචනය, නියුමෝනියාව වැනි බෝවන රෝගවලිනි. දැන් එම රෝග පාලනය වීම නිසා මිනිසුන් ස්වභාවිකවම හෘද රෝග හැදෙන වයස දක්වා ජීවත් වේ. සරලව කිවහොත් අතීතයේ හෘද රෝග හැදෙන්නට පෙර මිනිසුන් වෙනත් රෝගයකින් මියගිය අතර දැන් මිනිසුන්ට හෘද රෝග වැළඳෙන වයසට පැමිණෙන තෙක් ජීවත් වීමේ අවස්ථාව ලැබී ඇත.

uiu

 

1960 සිට 2020 දක්වා හෘද වාහිනී රෝග නිසා සිදුවන මරණ අනුපාතය ස්ථාවරව අඩු වූ අතර එයට හේතුව වඩා හොඳ ඖෂධ, බයිපාස් සැත්කම් සහ ස්ටෙන්ට් වැනි ප්‍රතිකාර ක්‍රම විය. එහෙත් PubMed හි පළ වූ 2023-2024 පර්යේෂණවලට අනුව 2020 න් පසු මෙම අඩුවීම ආපසු හැරී ඇත. එම අධ්‍යයනයන්හි සඳහන් වන්නේ හෘද වාහිනී රෝග නිසා සිදුවන මරණ අනුපාතයේ පහත වැටීම 2020 දී ආපසු හැරී 2022 දක්වා ඉහළ මට්ටමක පැවති බවත්, එය 228,000 කට වඩා අමතර මරණ නියෝජනය කරන බවත්ය. මෙය දශකයක පමණ ලබාගත් ප්‍රගතිය අහිමි වීමක් ලෙස විස්තර කර ඇත. Mayo Clinic ඇතුළු ආයතන පෙන්වා දෙන්නේ පසුගිය වසර 30 තුළ විශේෂයෙන් කාන්තාවන් අතර දක්නට ලැබුණු අවදානම අඩුවීමේ ප්‍රවණතාවය දැන් හීන වී ඇති බවයි.

තෙවනුව, පැරණි අවදානම් සාධක වෙනුවට නව අවදානම් හතරක් ආදේශ වීම. අතීතයේ ප්‍රධාන හේතු වූයේ දුම්පානය, අධික මේද සහිත ආහාර සහ පරම්පරාවයි. වර්තමානයේ Mayo Clinic සහ PubMed යන දෙඅංශයම අවධාරණය කරන නව ප්‍රවණතා හතරකි.

 

0 xnoWZZIcgp81Rj 0

එකක්, තරබාරුකම, දියවැඩියාව සහ වකුගඩු රෝග වසංගතයයි. දෙවැන්න, නිශ්චල ජීවන රටාවයි. එක තැන වාඩි වී කරන රැකියා, ව්‍යායාම නොමැතිකම සහ ක්ෂණික ආහාර භාවිතය හෘද රෝග අවදානම ඉහළ නංවයි. තෙවැන්න, මානසික ආතතිය සහ සමාජීය සාධකයි. මුදල් හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කනස්සල්ල පවා සාම්ප්‍රදායික අවදානම්වලට වඩා හදවත වේගයෙන් වයස්ගත කරන බව නවතම අධ්‍යයන පෙන්වා දෙයි. සිව්වැන්න, COVID-19 පසු බලපෑමයි. COVID ආසාදනය වූ පුද්ගලයන්ට වසරකට පසුවත් myocarditis, රුධිර කැටි ගැසීම් සහ හෘදයට හානිවීමේ අවදානම වැඩි බව Mayo Clinic හා සම්බන්ධ සායනික සමාලෝචනවල සඳහන් වේ. නමුත් මේ වන විට ඒ අවදානම් සමය ද ඉක්ම ගොසිනි.

එබැවින් ඔවුන්ගේ අවසාන නිගමනය ඉතා සරල ය. අතීතයේ හෘද රෝග අඩුවෙන් වාර්තා වූයේ ඒවා අඩුවෙන් තිබූ නිසා නොව හඳුනාගැනීම අඩු නිසාත් වෙනත් රෝගවලින් මියයාම වැඩි නිසාත් ය. වර්තමානයේ හෘද රෝග සැබවින්ම වැඩි ය. ඊට හේතුව අප වැඩි කල් ජීවත් වීම, කායික ක්‍රියාකාරකම් අඩු වීම, වැඩියෙන් ආහාර ගැනීම, වැඩි මානසික ආතතියකට ලක්වීම සහ ජනගහන වර්ධනය හා වයස්ගත වීමත් සමඟ සුපුරුදු ජීවන රටාවේ හදවත් රෝග අවදානම ඉහළ යාමයි.

Namal Wijesinghe Prof(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...