BREAKING
Top Ad
Life

සිරිමාවෝ : බැලිය යුතුම චිත්‍රපටියක්

T

The Leader

July 20, 2023 • 1:42 AM

සිරිමාවෝ : බැලිය යුතුම චිත්‍රපටියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ, ඇගේ දරුවන් හා සමීපතමයන්ගේ ඇසින්.
  • 1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබේ.
  • මෙම සිනමාපටය වෙනුවෙන් සිනමාවේදිනි අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් ද හිමිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

බැලිය හැකි, බැලිය යුතුම චිත්‍රපටියක්

ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක ගේ දිගු දිවි ගමන අළලා සිනමාවේදිනි අනෝමා රාජකරුණා විසින් නිර්මාණය කරන ලද ''OUR MOTHER, GRAND MOTHER, PRIME MINISTER: SIRIMAVO'' වාර්තා චිත්‍රපටය හෙට දින සිට සීමිත දින ගණනක් සඳහා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත ය.

361852092 10160679841637559 5747549366787535989 n 1

ඒ අනුව, වාර්තා චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපත ජූලි 21 සිට 27 දක්වාත්, සිංහල පිටපත ජූලි 28 වැනිදා සිටත් සෑම දිනකම පස්වරු 6.30 ට ප්‍රදර්ශනය කෙරෙන්නේ කොළඹ, One Galle Face Mall හි PVR සිනමා ශාලාවේ දී ය.

1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබේ.

2016 වසරේ සිට වසර 5ක කාලයක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අනෝමා රාජකරුණා වැයකර තිබූ අතර ඒ සඳහා සිරිමා මැතිනිය සමීපව ඇසුරු කළ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් සහ චන්ද්‍රිකා, සුනේත්‍රා යන දියණියන් සහ විමුක්ති සහ යශෝදරා යන මුනුබුරු මිනිබිරියන්ගේ ද සම්මුඛ සාකච්ඡා ලබා ගෙන තිබේ.

මෙම සිනමාපටය වෙනුවෙන් සිනමාවේදිනි අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් ද හිමිවිය.

Online bookings are open now

 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...