BREAKING
Top Ad
Life

ජෝන් ද සිල්වා සියවස් ගුණ සමරුව 29 : නාඩගම් ගී 16 ක ගී තැටියක් එළිදකී

T

The Leader

January 26, 2022 • 11:27 PM

ජෝන් ද සිල්වා සියවස් ගුණ සමරුව 29 : නාඩගම් ගී 16 ක ගී තැටියක් එළිදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ඉතිහාසයට අදාළ පුරාවෘත්ත, ජාතක කතා, සිංහල සාහිත්‍ය, ඉංග්‍රීසි අනුවාද සහ සමාජ අත්දැකීම් පදනම් කර ගනිමින් නිර්මාණය කළ විශිෂ්ට
  • එය සමරනු වස් පවත්වන නීතීඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ සියවස් ගුණ සමරුව සහ නාඩගම් ගී ඇතුළත් සංයුක්ත තැටිය දොරට වැඩීමේ උත්සවය 2022.01.29 පෙ:ව: 9.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
  •   සෞන්දර්ය විෂය හදාරනු ලබන පාසල් සහ විශ්වවිද්‍යාල දරු දැරියන් ඇතුළු සමස්ත ග්‍රාහකයින් සඳහා නාඩගම් ගී ශ්‍රවණය කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා අල්ප බැවින්, ඔවුන්ගේ අධ්‍යයන කාර්යයන් සඳහා මෙම සංයුක්ත ගී තැටිය මහෝපකාරී වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගණයේ නිර්මාණ රැසක් දැයට දායාද කර, දෙස් විදෙස් කලාකාමීන් අමන්දානන්දයට පත් කළ නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ සිය වන ගුණානුස්මරණය ‍2022 ජනවාරි 28 වැනි දිනට යෙදී ඇත.

එය සමරනු වස් පවත්වන නීතීඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ සියවස් ගුණ සමරුව සහ නාඩගම් ගී ඇතුළත් සංයුක්ත තැටිය දොරට වැඩීමේ උත්සවය 2022.01.29 පෙ:ව: 9.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

IMG 20220125 WA0014 2

මෙම අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විදුර වික්‍රමනායක සහ අමාත්‍යාංශ ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වීමට නියමිත ය

වර්තමාන ජන සමාජයෙන් දුරස්වී යන කලා නිර්මාණ සඳහා නව පණක් ලබාදී, ඒවා ඉදිරි පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින්, ටවර් හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත නාඩගම් ගී 16 කින් සමන්විත මෙම සංයුක්ත තැටිය සඳහා ගීත ගායනයෙන්: විජේරත්න වරකාගොඩ, මහානාම වික්‍රමසිංහ, නිශ්ශංක දිද්දෙණිය, සමන් ලෙනින්, ඉන්දීවරී අබේවර්ධන, නිලක්ෂි හැලපිටිය, උදේනි චන්ද්‍රසිරි, නිහාරි සෝමසිරි, රත්නශීලා පෙරේරා, ෆර්නි රෝෂිණී, රශ්මි සංගීතා, මහේන්ද්‍ර ගුණසිංහ, නන්දන ගුණසිංහ, චන්දි රණතුංග හා රොඩ්නි වර්ණකුල දායකත්වය ලබා දී ඇත.

 

සෞන්දර්ය විෂය හදාරනු ලබන පාසල් සහ විශ්වවිද්‍යාල දරු දැරියන් ඇතුළු සමස්ත ග්‍රාහකයින් සඳහා නාඩගම් ගී ශ්‍රවණය කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා අල්ප බැවින්, ඔවුන්ගේ අධ්‍යයන කාර්යයන් සඳහා මෙම සංයුක්ත ගී තැටිය මහෝපකාරී වනු ඇත.

 

මෙදින පැවැත්වෙන නීතිඥ ජෝන් ද සිල්වා ගුණ සමරු දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබීමට නියමිත අතර, සන්නිදර්ශන සහිත නාඩගම් ගී හඳුන්වාදීමේ රසවින්දනාත්මක දේශනය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දකුණු ඉන්දීය සංගීත අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ විසින් සිදුකරනු ලැබීමට නියමිතය.

මෙම මහඟු අවස්ථාව සඳහා සහභාගී වන මෙන් ටවර් හෝල් රඟහල පදනම ඔබ සැමට ආරාධනා කර සිටී.

 


Leader Whats app


 
 
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...