BREAKING
Top Ad
Life

අශෝක හඳගම වසර 31 කට පසුව වේදිකාවට

T

The Leader

February 7, 2021 • 12:41 PM

අශෝක හඳගම  වසර 31 කට පසුව වේදිකාවට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඉතිහාසයේ අඳුර ඉරන් ටෝච් ගහන් ඔබ යනකොට අඳුර මැදින් හැංගි හොරා තව දහසක් මූණු අතර ඔබට ඔබම හමුවනු ඇත."
  •   "Antique කඩයක මරණයක්" මාර්තු 19, 20, 21 රාත්‍රී 7ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
  • ඒවා නම්, 1987 දී හෙණ සහ 1989 දී මාඝාත යන නිර්මාණ යි.    නාට්‍ය කලාවෙන් විරාම ගෙන සිටියත් නාට්‍ය කලාව මුළුමනින්ම අත්හැර සිටීමේ උවමනාවක් නොතිබූ බව පසුගිය වසර අග දී අශෝක හඳගම සිය සමාජ මාධ්‍ය ගිණුමක සඳහන් කර තිබුණි.
  • එය අතීතයට වඩා දියුණු බවයි මගේ තක්සේරුව.
අකුරු ප්‍රමාණය (Font Size):
"Antique කඩයක මරණයක්" වේදිකා රංගය සමඟින් සම්මානිත සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම වසර 31 කට පසුව නැවත වරක් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ය.
 
සම්මානිත රංගවේදී සෞම්‍ය ලියනගේ, නිපුනි ශාරදා, ක්‍රිෂාන්ත ජයබාහු, ස්ටෙෆන් තිරිමාන්න, පසන් රණවීර රංගනයෙන් එක්වන මෙම වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි විසිනි.
 
"Antique කඩයක මරණයක්" මාර්තු 19, 20, 21 රාත්‍රී 7ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
 
අශෝක හඳගම මීට ඉහත දී වේදිකා නාට්‍යය දෙකක් නිර්මාණය කළේ ය. ඒවා නම්, 1987 දී හෙණ සහ 1989 දී මාඝාත යන නිර්මාණ යි. 
 
නාට්‍ය කලාවෙන් විරාම ගෙන සිටියත් නාට්‍ය කලාව මුළුමනින්ම අත්හැර සිටීමේ උවමනාවක් නොතිබූ බව පසුගිය වසර අග දී අශෝක හඳගම සිය සමාජ මාධ්‍ය ගිණුමක සඳහන් කර තිබුණි.
 
"නාට්‍යයක් කිරීමට නැවත අත ගැසීම විශාල අභියෝගයක්. ලංකාවේ වේදිකා නාට්‍ය පිරිහිලා යැයි කීම මා පිළිගන්නේ නැහැ. එය අතීතයට වඩා දියුණු බවයි මගේ තක්සේරුව. ප්‍රේක්ෂකාගාරය හැකිලීම ප්‍රේක්ෂකයින් ගේ ගැටලුවක් මිසක් නාට්‍ය කරුවන් ගේ ගැටලුවක් නොවෙයි. ඒ නිසා කාලෙකට පස්සේ වේදිකාවට පය තබන විට දැනෙන්නේ පරණ පුරුදු මහ ගෙදරට කාලෙකට පස්සේ ගොඩ වෙනකොට දැනෙන චකිතය මුසු ආශාවක්."   
 
 146259705 3454623927981264 6336284856403771219 o
(අවාරා)
##############

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...