BREAKING
Top Ad
Life

සමනලයකුට වෙඩි තබා අදට වසර 35ක්...!

T

The Leader

February 16, 2023 • 4:10 AM

සමනලයකුට වෙඩි තබා අදට වසර 35ක්...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජය කුමාරණතුංගව ඝාතනය කරන්න ටික දවසකට කලින් ඔහුගේ සමීපතම හිතවතුන් විජයට ඔහුගේ ආරක්ශාව වෙනුවෙන් ආරක්ශකයින් වැඩි කරගන්න කියලා ඉල්ලීමක් කරාලු.
  • ඒත් හරියටම මීට අවුරුදු 35කට කලින් 1988 පෙබරවාරි 16 දා විජයගේ ඒ මුහුණ අඳුනගන්න බැරි වෙන තරමටම වෙඩි වරුසාවක් ඔහුට එල්ල වෙනවා.
  • එතැනදී බානි රේමන්ඩ් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඔවුන්ගේ කාර්යය ඉටු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

" ඔය තුවක්කු හරස් කරගෙන මම කොහොමද දවස් පතා කරන මේ වැඩ ටික කරන්නේ. කොටින්ම ඔය ආයුධ ගැන මගේ විශ්වාසයක් නෑ. මගේ මූණ බලාගෙන මට වෙඩි තියන්න පුළුවන්ද? "  කියලා ඒ වෙලාවෙදි විජය උත්තර දුන්නාලු.

ඒත් හරියටම මීට අවුරුදු 35කට කලින් 1988 පෙබරවාරි 16 දා විජයගේ ඒ මුහුණ අඳුනගන්න බැරි වෙන තරමටම වෙඩි වරුසාවක් ඔහුට එල්ල වෙනවා.

" විජය මහත්තයාගේ බොඩි එක මොචරියේ ඉඳන් ගෙනාවේ බානි රේමන්ඩ් එකට. එතැනදී බානි රේමන්ඩ් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඔවුන්ගේ කාර්යය ඉටු කළා. නමුත් විජය මහත්තයාගේ මුහුණ පෙන්වන්න බැරි තත්වයෙනුයි තිබුණේ. මෙතනට ඇවිල්ලා හිටියා කමල් අද්දරආරච්චි. මම කමල් මහත්තයගෙන් ඉල්ලුවා කොහොම හරි විජයගේ මුහුණ පෙන්වන්න හදන්න ඕන කියල. එදා ඒ වැඩේට මහන්සි වුණේ කමල් අද්දරආරච්චියි. මමත් මහ රෑ කොටුවට ගිහින් ලේස් රෙද්දක් එහෙම ගෙනාව මතකයි”
 
- එම්.එස්.එම් කබීර්

" මට මිනිස්සු ආදරෙයි. මගේ මූණ බලාගෙන කිසිම මනුස්සයෙක් මට වෙඩි තියන්නෙ නෑ..
විජය එහෙම තමයි කිව්වෙ.
කතාව හරි.
විජය කිව්වෙ මනුස්සයෙක් වෙඩි තියන්නෙ නැහැ කියලයි."
 
- Bharathi weerasinghe
 
 
330471346 3246152272381723 364642012429277717 n
 
"සුවඳ විහිදා පිපුණු මලකි ඒ - පරවුණේ ගස පල දරන්නයි
ඔබෙන් ගලාගිය ලෙයින් කුමරුනේ - ඔබ උපන් ලොව සුව කරන්නයි" - තිස්ස අබේසේකර
 
අදට විජයව ඝාතනය කර වසර තිස් පහක්
 
- චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
 
 
331349080 871083310853969 6351577081137703504 n
 
 
ජේආර්ගේ ආණ්ඩුව විජයව අත්අඩංගුවට ගත්ත වෙලාවේ 82.12.4 දින විජය විසින් යශෝදරාට යවපු ලියුමක්
 
මූලාශ්‍ර - Chandrika Bandaranaike Kumaratunga ලියූ “විජය” කෘතිය
 
 
- Bharatha Prabhâshana Thennakoon
 
 
 
 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...