BREAKING
Top Ad
Life

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර් නඩුවලට ඩොලර් බිලියන 5.5ක දැවැන්ත වන්දියක් – වසර 15ක නීතිමය සටන නිමාවට?

T

The Leader

July 30, 2026 • 1:43 AM

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර් නඩුවලට ඩොලර් බිලියන 5.5ක දැවැන්ත වන්දියක් – වසර 15ක නීතිමය සටන නිමාවට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ඩිම්බකෝෂ පිළිකා චෝදනා එල්ල වූ නඩු 76,000ක් විසඳාලීමට ජාත්‍යන්තර ඖෂධ සමාගමෙන් නව යෝජනාවක්
  • මෙම යෝජිත එකඟතාවට අනුව 2027 වසරේදී ඩොලර් බිලියන 3ක මුදලක් ගෙවීමටත්, ඉතිරි මුදල 2028 වසරෙන් පසුව ගෙවීමටත් සමාගම යෝජනා කර ඇත.
  • ඇමෙරිකාව පුරා ගොනුකර ඇති නඩු 76,000කට ආසන්න ප්‍රමාණයකට මෙම යෝජනාව අදාළ වන අතර, එය ක්‍රියාත්මක වීමට නම් නඩු පවරා ඇති පාර්ශ්ව නියෝජනය කරන නීතිඥ සමාගම්වලින් අවම වශයෙන් 95%ක එකඟතාවක් හිමිවිය යුතුවේ.
  •   පැමිණිලිකාර පාර්ශ්ව නියෝජනය කරන ප්‍රමුඛ නීතිඥයෙකු වන ක්‍රිස් සීගර් (Chris Seeger) ප්‍රකාශ කළේ, මෙම එකඟතාව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ සාධාරණත්වය ඉටුවීමක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

*විද්‍යාත්මක පදනමක් නැතැයි කියමින් චෝදනා ප්‍රතික්ෂේප කළද නඩු පාර්ශ්වවලින් 95ක එකඟතාව අපේක්ෂාවෙන් එකඟතාවට

 

දැවැන්ත වන්දි යෝජනාව සහ කොන්දේසි

 

ලොව ප්‍රමුඛතම ඖෂධ සහ පාරිභෝගික නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) සමාගම, සිය ටැල්කම් පවුඩර් (Talcum Powder) ඇතුළු නිෂ්පාදන භාවිතය නිසා ඩිම්බකෝෂ පිළිකා (Ovarian Cancer) වැළඳුණු බවට එල්ල වී ඇති නඩුවලට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5ක මුදලක් ගෙවීමට යෝජනා කර තිබේ. වසර 15ක පමණ කාලයක් පුරා ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින නඩු දස දහස් ගණනක් අවසන් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම යෝජිත එකඟතාවට අනුව 2027 වසරේදී ඩොලර් බිලියන 3ක මුදලක් ගෙවීමටත්, ඉතිරි මුදල 2028 වසරෙන් පසුව ගෙවීමටත් සමාගම යෝජනා කර ඇත. ඇමෙරිකාව පුරා ගොනුකර ඇති නඩු 76,000කට ආසන්න ප්‍රමාණයකට මෙම යෝජනාව අදාළ වන අතර, එය ක්‍රියාත්මක වීමට නම් නඩු පවරා ඇති පාර්ශ්ව නියෝජනය කරන නීතිඥ සමාගම්වලින් අවම වශයෙන් 95%ක එකඟතාවක් හිමිවිය යුතුවේ.

 

ඇස්බැස්ටස් චෝදනාව සහ විද්‍යාත්මක මතභේද

 

jonsan and jonsan

 

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ බේබි පවුඩර් ඇතුළු ටැල්ක් නිෂ්පාදනවල පිළිකාකාරක ඇස්බැස්ටස් (Asbestos) අඩංගු බවටත්, ඒවා දීර්ඝ කාලීනව භාවිත කිරීමෙන් කාන්තාවන්ට ඩිම්බකෝෂ පිළිකා ඇතිවන බවටත් කාලයක සිට චෝදනා එල්ල විය. එහෙත් සමාගම එකී චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කරන අතර එම චෝදනාවලට විද්‍යාත්මක පදනමක් නොමැති බව තදින්ම අවධාරණය කරයි. 

විද්‍යාත්මක පර්යේෂණ දෙස බැලීමේදී, ටැල්කම් පවුඩර් ලිංගික ප්‍රදේශයන්හි භාවිත කිරීම සහ ඩිම්බකෝෂ පිළිකා අතර යම් සබඳතාවක් පවතින බවට ඇතැම් අධ්‍යයනයන්ගෙන් අනාවරණය වී තිබුණද, තවත් පර්යේෂණ ගණනාවකින් එවැනි සබඳතාවක් තහවුරු වී නොමැත. කෙසේ වෙතත්, නීතිමය ගැටලු නිරාකරණය කරගැනීමේ අරමුණින් සමාගම විසින් 2020 වසරේදී උතුරු ඇමෙරිකානු වෙළඳපොළෙන් ටැල්ක් අඩංගු පවුඩර් ඉවත් කර ඉරිඟු පිටි (Cornstarch) මත පදනම් වූ නිෂ්පාදන හඳුන්වා දුන් අතර, 2023 වසර වන විට ගෝලීය වශයෙන්ද එම වෙනස සිදුකිරීමට පියවර ගන්නා ලදී.

නීතිමය ක්‍රියාමාර්ග සහ ආයතනික ස්ථාවරය

 

eki hass

 

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ නීතිමය කටයුතු පිළිබඳ උප සභාපති එරික් හාස් (Erik Haas) සඳහන් කරන්නේ, මෙම නඩුවලට එරෙහිව අධිකරණය හමුවේ ජයග්‍රහණය කිරීමට සමාගමට පූර්ණ විශ්වාසයක් තිබුණද, වසර ගණනාවක් තිස්සේ ඇදී යන නීතිමය ආරවුල අවසන් කරමින් සමාගමේ මූලික ඖෂධ සහ සෞඛ්‍ය මෙහෙයුම් කෙරෙහි අවධානය යොමුකිරීම සඳහා මෙම වන්දි යෝජනාව ඉදිරිපත් කළ බවයි.

 

පැමිණිලිකාර පාර්ශ්ව නියෝජනය කරන ප්‍රමුඛ නීතිඥයෙකු වන ක්‍රිස් සීගර් (Chris Seeger) ප්‍රකාශ කළේ, මෙම එකඟතාව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ සාධාරණත්වය ඉටුවීමක් බවයි. එසේම සුදුසුකම් ලබන සංඛ්‍යාව අනුව වන්දි මුදල ඩොලර් බිලියන 7 සීමාව පවා ඉක්මවා යා හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය කාලසීමාව තුළ මෙම පවුඩර් නඩු සම්බන්ධයෙන් අධිකරණයෙන් මිශ්‍ර තීන්දු ලැබී ඇති අතර, ඇතැම් නඩුවලදී සමාගම නිදහස් වූ අතර තවත් නඩුවලදී අතිදැවැන්ත වන්දි ගෙවීමට අධිකරණය නියෝග කළේය. මෑතකදී කැලිෆෝනියා අධිකරණයක් විසින් මෙසොතීලියෝමා (Mesothelioma) නැමැති පෙනහළු පිළිකා තත්ත්වයෙන් මියගිය කාන්තාවකගේ පවුලකට ඩොලර් මිලියන 966ක වන්දියක් ගෙවන ලෙස සමාගමට නියෝග කළ අතර, සමාගම ඊට එරෙහිවද අභියාචනා ඉදිරිපත් කර ඇත.

 

මුලාශ්‍රය :

Johnson & Johnson offers up to $5.5 billion to settle baby powder cancer lawsuits | By Anna Cooban

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...