BREAKING
Top Ad
Life

50* Not Out! - බම්පි රයිඩ් එකක් ආපු අවුරුදු පනහක්

T

The Leader

December 31, 2021 • 4:44 AM

50* Not Out! - බම්පි රයිඩ් එකක් ආපු අවුරුදු පනහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පනහක් ගහනවා කියන එක ලේසි නෑ. මේ කියන්නේ පනහේ ෂොට් එකක් නෙමෙයි, අර්ධ ශතකයක් ගහන එක. අවුරුදු කීපෙකට කලින් හාඩ් බෝල් විස්සයි
  • ඒත් දැන් සතුටකුත් තියෙනවා, අර්ධ ශතකයකට වඩා “49*” කියන එක ග්‍රැෆිකලි ලස්සනයි.
  • ඒ කියන්නේ 1971 ඉඳලා 2021 වෙනකන්.
  •     ඒ අවුරුදු පනහ ඇතුලේ කලාකරුවෙක් ගෙ විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් ගෙ වුණත් ගමන එසේ මෙසේ එකක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
විස්ස ක්‍රිකට් මැච් එකකදි අන්තිම බෝලෙ දාන්න තියෙද්දී මම ලකුණු හතලිස් හයක් ගහල හිටියේ. අන්තිම බෝලෙට ගහපු ස්ක්වෙයාර් කට් පාර හතරෙ සීමාව ඔන්න මෙන්න තියෙද්දී එකෙක් නැවැත්තුවා. ලකුණු තුනක් දුවා ගත්තා, අන්තිම ලකුණ මදි වුණා. මම හතලිස් නමයයි නොටවුට්. ඒ මගෙ ක්‍රිකට් ජීවිතේ වැඩිම ලකුණු ගාන. ඒ පසුතැවිල්ල සෑහෙන කාලයක් තිබුණා. ඒත් දැන් සතුටකුත් තියෙනවා, අර්ධ ශතකයකට වඩා “49*” කියන එක ග්‍රැෆිකලි ලස්සනයි.
 

හරි! මම මේ කියන්න යන්නේ ක්‍රිකට් ගැන නෙමෙයි. ඊයෙ පෙරේදා නොටවුට් පනහක් ගහපු සුජිත් ගැන.
 
 
සුජිත් ට පනහයි. ඒ කියන්නේ 1971 ඉඳලා 2021 වෙනකන්. මට හිතෙන්නේ ඒ අවුරුදු පනහ ලංකාවෙ වගේම ලෝකෙ වුණත් හරිම අරුම පුදුම, ව්‍යසන, සොයාගැනීම්, අහිමිවීම් පෙළක් තිබුණු අවුරුදු පනහක්. ශ්‍රී ලංකාව විප්ලව, සංහාර, කෝලාහල, යුද්ධ, බෝම්බ, දේශපාලන මඩ ගොහුරු, පාවාදීම්, පළිගැනීම්, සුනාමි, අනිත් ස්වභාවික විපත්, කොරෝනා, නොකොරෝනා, එකී මෙකී නොයෙක් දේවල් එක්ක බම්පි රයිඩ් එකක් ආපු අවුරුදු පනහක් ඒක.
 
 
ඒ අවුරුදු පනහ ඇතුලේ කලාකරුවෙක් ගෙ විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් ගෙ වුණත් ගමන එසේ මෙසේ එකක් නෙමෙයි. ඔය වගේ කාලෙක ඉපදිලා පැවතුණු නොනැවතී, නොසැලී නිර්මාණ කරපු කලාකරුවෙක් ගෙ ජීවිතේ ගැන තවත් මොන කතාද?
 

සුජිත් ගෙ ඉතිහාසය, එයා වරින් වර බෙදා ගත්තු අත්දැකීම් සහ මම දැකල තියෙන එයාගෙ නිර්මාණ වලින් වුණත් මට පේන්නේ එයා ඒ හැම මොහොතකම සජීවීව මැදිහත් වෙලා තියෙනව කියලයි. ඒ අවුරුදු පනහක ඉතිහාසය සුජිත් ගේ චිත්‍ර හරහා වෙනම විදිහකට තිත් යා කරලා කියවගන්න පුළුවන්. මම සුජිත්ව දැනගෙන ලොකු කාලයක් නෑ. අවුරුදු පහක් හයක් විතර කාලයක්. ඒත් ඒ කෙටි කාලය තුල ආර්කිටෙකචර් වැඩ අතරෙ වගේම ඉන් බැහැරවත් මම සුජිත්ව සමීපව ආශ්‍රය කළා.
 
 
ගිය අවුරුද්දේ අපි කරපු “Wounded artist” කෙටි චිත්‍රපටය හරහා ඒ බැඳීම, වටහා ගැනීම තවත් තීව්‍ර වුණා. ඔය කාලෙ ඇතුලත මම සුජිත් ගෙන් ප්‍රශ්න බර තොගයක් අහලා ඇති. වැන්ගෝ ගැන, ෆ්‍රිඩා ගැන, පිකාසෝ ගැන, කීට් ගැන, බාවා ගැන, මම නොදත් කරුණු රැසක් සුජිත් එකක් කතාකරලම මම දැන ගත්තා. ඒ වගේම සාහිත්‍යය, ආර්කිටෙක්චර්, කලාව, වර්ණ, සම්පිණ්ඩනය, සිනමාව, සංගීතය, දේශපාලනය, ජීවිතය විතරක් නෙමෙයි විහිළු තහළු සහ මිතුරු දම් හරහා අපි කට්ටිය සෑහෙන දුර ගියා. ඒ කිසිම මොහොතක් අලස නෑ, විචිත්‍රවත්. ඒ හැම දෙයක් කෙරෙහි ම සුජිත් යොමුකරන දැක්ම මාව සෑහෙන්න කුළුගැන්නුවා. ඒ දැක්ම සහ දැනුම හරිම තියුණුයි, නොපසු බස්නා සුළුයි, නිර්භීතයි වගේම අවංකයි.
 


මේක ලියන දැනුත් මට සුජිත් ගෙ ඇඟිලි අතරේ වෙලාවකට බුරුලට තවත් වෙලාවකට කියයි කිටියේ තදවෙන චාකෝල් කෑල්ලක් මැනිලා කොළයක ඇඳෙන කොට එන සද්දේ ඇහෙනවා වගේ. ඒ වෙලාවට සුජිත් චිත්‍රෙ ඇතුලට කිමිදෙන විදිහ බලන්න කෙනෙක්ට ලේසියෙන් හම්බ වෙන්නෙ නෑ. මම දැකල තියෙනවා.
 
 
මට හිතෙනවා මොන මත දැරුවත් සුජිත් ගේ චිත්‍ර වල කැටි වෙන අවංකත්වය, ප්‍රාගුණ්‍යය සහ ප්‍රබලත්වය අකාලිකයි කියලා. ඒ හැම චිත්‍රෙකටම සුජිත් තමන්ගේ ආත්මයේ ගැඹුර ගලායන්න ඉඩ දෙනවා. ඒක ඒ චිත්‍ර අස්සේ ඝනීභවනය වෙලා. මම හිතන්නේ නෑ ඒවගේ චිත්‍ර මීට කලින් හෝ මීට පස්සේ වෙන කවුරු හරි අතින් ඇඳිලා තියෙනවා හෝ ඇඳෙයි කියලා. ඒවා ඒතරමටම පුද්ගලානු බද්ධයි, සුජිතානුකයි.
 

ඊයෙ සුජිත් ගේ Fifty ප්‍රදර්ශනයේ සමාරම්භක දර්ශනය වෙලාවේ මම සුජිත් ගෙන් මෙහෙම ඇහුවා.

“සුජිත් දැන් ඊළඟ පනහ කොහොමද ගහන්නේ?”

සුජිත් තෙත් ඇස් වලින් හිනාවුණා. එතන තිබ්බෙත් අර හරිම නොපසුබටනා සුළු, තියුණු, ධෛර්යමත් සතුටක්. මට Kim Ki-Duk ගෙ Bow චිත්‍රපටයේ එන අදහසක් මතක් වුණා.

“Strength and the beautiful sound like in the tautness of a bow, I want to live like this untill the day I die”

– සුමුදු අතුකෝරල ෆේස්බුක් සටහනකි
 
 
 
{gallery}Sujith 50{/gallery}
 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...