BREAKING
Top Ad
විශේෂාංග

ක්‍රිප්ටෝකරන්සි වෙළඳ දැන්වීම් 7ක් තහනම් කරයි

T

The Leader

December 22, 2021 • 11:32 PM

ක්‍රිප්ටෝකරන්සි වෙළඳ දැන්වීම් 7ක් තහනම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් රාජධානියේ වෙළඳ ප්‍රචාරණ නිරීක්ෂකයින්, ක්‍රිප්ටෝකරන්සිවලට සම්බන්ධ වෙළඳ දැන්වීම් හතක් තහනම් කර තිබේ.
  • ASA පවසන්නේ ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණය පිළිබඳ නව මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව යි.
  • මෙම දැන්වීම් හත තහනම් කර ඇත්තේ, "පාරිභෝගිකයින්ගේ අත්දැකීම් නොමැතිකම වගකීම් විරහිත ලෙස ප්‍රයෝජනයට ගැනීම මෙන්ම ආයෝජනයේ අවදානම පැහැදිලි කිරීමට අපොහොසත් වීම" හේතුවෙනි.
  • එමෙන්ම, "ඔබ £30 හෝ ඊට වැඩි මුදලක් වැයකරන විට £15ක ඉතිරිකර, Luno වෙතින් £10ක් වටිනා බිට්කොයින් ලබාගන්න!"යි එහි දැක්වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



ප්‍රචාරණ ප්‍රමිති අධිකාරිය (ASA) පවසන්නේ බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ ආයෝජන 'රතු සංඥා ප්‍රමුඛතාවයක්' වන නමුත්, ඒ සඳහා පළකෙරෙන බොහෝ වෙළඳ දැන්වීම් මෙම ආයෝජනයේ අවදානම් සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත්ව ඇති බව යි.

තහනම් වූ දැන්වීම් අතර, පීසා අවන්හල් ජාලයකින් ප්‍රවර්ධනය කෙරූ දැන්වීම් මෙන්ම, කේතන මුදල් විශාල ප්‍රමාණයක හුවමාරුවක් සඳහා පළකළ ෆේස්බුක් දැන්වීම් ද විය.

ASA පවසන්නේ ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණය පිළිබඳ නව මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව යි.

මෙම දැන්වීම් හත තහනම් කර ඇත්තේ, "පාරිභෝගිකයින්ගේ අත්දැකීම් නොමැතිකම වගකීම් විරහිත ලෙස ප්‍රයෝජනයට ගැනීම මෙන්ම ආයෝජනයේ අවදානම පැහැදිලි කිරීමට අපොහොසත් වීම" හේතුවෙනි.

A stock image of bitcoin prices fluctuating

නීති කඩකර ඇති දැන්වීම් පළකළ සමාගම් වන්නේ:

 

#cCoinburp: ක්‍රිප්ටෝකරන්සි විකිණුම් වෙබ්අඩවියක් වන කොයින්බර්ප් ආයතනයට අයත් ට්වීටර් පිටුවක්

 

# eToro (UK): ක්‍රිප්ටෝ කොටස් සහ ක්‍රිප්ටෝකරන්සි විකිණුම් වෙබ්අඩවියක් වන eToro විසින් මුදල් ගෙවා පළකෙරුණු ප්‍රදර්ශක දැන්වීමක්

 

# Payward: ඔන්ලයින් ක්‍රිප්ටෝකරන්සි හුවමාරු මධ්‍යස්ථානයක් වන ක්‍රැකන් සඳහා නිමැවූ ඩිජිටල් පෝස්ටරයක්

 

# Exmo Exchange: ක්‍රිප්ටෝකරන්සි හුවමාරු මධ්‍යස්ථානයක් වන Exmo ප්‍රවර්ධනය කරන YouTube වීඩියෝවක්

 

# Luno Money: ක්‍රිප්ටෝකරන්සි හුවමාරු සේවාවක් වන Luno සඳහා නිමැවූ Apps තුළ ප්‍රදර්ශනය වන දැන්වීමක්

 

# Coinbase Europe: ක්‍රිප්ටෝකරන්සි හුවමාරු වෙබ්අඩවියක් වන Coinbase සඳහා වූ ගෙවන ලද Facebook දැන්වීමක්

 

# Papa John's GB: පපා ජෝන්ස් පීට්සා අවන්හල් ජාලයේ වෙබ් අඩවියේ සහ ට්වීටර් සටහනක ප්‍රචාරය වූ දැන්වීමක්


පපා ජෝන්ස්හි වෙබ් අඩවියේ ප්‍රචාරය වූ තහනම් කරන ලද වෙළඳ දැන්වීම මඟින් පාරිභෝගිකයින්ට පවසා තිබුණේ, "£10ක් වටිනා බිට්කොයින් නොමිලේ ලබා දෙන බව" යි. එමෙන්ම, "ඔබ £30 හෝ ඊට වැඩි මුදලක් වැයකරන විට £15ක ඉතිරිකර, Luno වෙතින් £10ක් වටිනා බිට්කොයින් ලබාගන්න!"යි එහි දැක්වුණි.

A photo of delivery bikes showing the Papa Johns logo

පපා ජෝන්ස් පීට්සාහි බිට්කොයින් ප්‍රවර්ධන වැඩසටහන ASA නීති කඩකරයි. (ඡායා -GETTY IMAGES)

 

පපා ජෝන්ස් සමාගම සඳහන් කළේ එය සිය වාර්ෂික "බිට්කොයින් පීසා දින" සැමරුමේ කොටසක් බව යි. 2010 මැයි මාසයේ දී බිට්කොයින් 10 000ක් ගෙවා පපා ජෝන්ස් පීට්සා දෙකක් මිළටගත් සිද්ධිය සනිටුහන් කරමින් මෙය සැමරෙනබව ඔවුන් ප්‍රකාශ කළේ ය. අද වන විට බිට්කොයින් 10,000ක වටිනාකම පවුම් මිලියන 350කට (ඩොලර් මිලියන 462) අධික ය.

සමාගම පවසන්නේ මෙම ප්‍රවර්ධනය ක්‍රිප්ටෝකරන්සි හෝ ආයෝජන සඳහා එහි යෝග්‍යතාවය පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් නොකරන බව යි.

නොමිලේ බිට්කොයින් පිරිනැමීම, පාරිභෝගිකයෙකුට තම මුදල් මූල්‍ය නිෂ්පාදනයක් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙන සෙනාරියකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත් මෙම ආයතනය පවසා තිබේ.

නමුත් ASA පවසන්නේ මෙම දීමනාවෙන්, "ක්‍රිප්ටෝකරන්සි පිළිබඳ සීමිත දැනුමක් තිබිය හැකි පිරිසකට, බැරෑරුම් සහ වියදම් අධික මූල්‍ය තීරණයක් සුළුකොට පෙන්වා දීම" සිදුකර ඇති බව යි.


ක්‍රිප්ටෝ වෙබ් අඩවි


ASA වෙත පැමිණිල්ලක් ලැබුණු ක්‍රැකන් සඳහා වූ දැන්වීම, ලන්ඩන් බ්‍රිජ් දුම්රිය ස්ථානයේ ඩිජිටල් පෝස්ටරයක් මත ප්‍රදර්ශනයකර තිබෙණු දක්නට ලැබුණි.

එහි දීර්ඝ වගකීමෙන් මිදීමේ ප්‍රකාශයක් අඩංගු වුව ද ASA පවසන්නේ, "මේ සම්පූර්ණ වගකීමෙන් මිදීමේ ප්‍රකාශයම දුටුවා වුවත්, එහි අඩංගු කරුණු තේරුම් ගැනීමට පාරිභෝගිකයින්ට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බැවින්" එය ප්‍රමාණවත් නොවන බව යි.

ලන්ඩනයේ දුම්රිය සහ බස් රථවල කිසිදු ක්‍රිප්ටෝකරන්සි වෙළඳ දැන්වීමක් ප්‍රදර්ශනය කළ යුතු ද යන්න ඇතැම් දේශපාලනඥයන් ප්‍රශ්න කරනා බැවින් මෙම තීරණය ගෙන තිබේ.

නොවැම්බරයේ දී, ප්‍රකෝටිපතියෙකු වන ඊලොන් මස්ක්ගේ සුනඛයාගේ නමින් නම්කරන ලද බව කියන ක්‍රිප්ටෝකරන්සිය - ෆ්ලොකි ඉනූ නම් "මීම් කොයින්" එක - වෙනුවෙන් උමං දුම්රිය මාර්ගවල දී ප්‍රදර්ශනය කළ වෙළඳ දැන්වීම් විමර්ශනය කරන බව ASA නිවේදනය කළේ ය.

ෆ්ලොකි ඉනූ ඔවුන්ගේ දැන්වීම් නීතිරීතිවලට අනුකූල වන ලෙස ප්‍රදර්ශනය කළ බව දිගින් දිගටම ප්‍රකාශ කළ ද, ASA පවසන්නේ සිය පරීක්ෂණය දිගටම ක්‍රියාත්මක බව යි.


'අධි අවදානම්'



මෙම දැන්වීම් තහනම් කිරීම පුළුල් ව්‍යාපෘතියක කොටසක් වන අතර, ලබන වසරේ දී එමඟින් ක්‍රිප්ටෝ ප්‍රචාරණය සඳහා යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශයක් ලැබෙනු ඇත.

ASAහි පැමිණිලි සහ විමර්ශන අධ්‍යක්ෂ මයිල්ස් ලොක්වුඩ් මෙසේ පැවසුවේ ය: "ක්‍රිප්ටෝ වත්කම් කියන්නේ අපට නම් රෙඩ් ඇලර්ට් ප්‍රමුඛතා ගැටලුවක්."

"ක්‍රිප්ටෝ වත්කම් වෙනුවෙන් ආයෝජනය කිරීමේ අවදානම ගැන පාරිභෝගිකයින් දැනගත යුතු යි වගේම, තමන් පළ කරන දැන්වීම් මෙම සංකීර්ණ සහ චංචල වත්කම් පිළිබඳව පාරිභෝගිකයින්ට ඇති අඩු දැනුවත්භාවයෙන් ප්‍රයෝජන ගනිමින් ඔවුන් නොමඟ යවන හෝ, සමාජමය වශයෙන් වගකීම් විරහිත නොවන ඒවා බවට සමාගම් වග බලාගත යුතු යි," ඔහු පැවසීය.

ඉදිරි මාස කිහිපය තුළ ක්‍රිප්ටෝකරන්සි සඳහා පමණක් නොව, NFT සහ Fan ටෝකන සඳහා ද වන ක්‍රිප්ටෝ වත්කම් පිළිබඳ වෙළඳ දැන්වීම් සමාලෝචනය කිරීම දිගටම සිදුවනු ඇතිබව ද ASA පවසා තිබේ.

 



(BBC සිංහල සේවය)



කියවන්න


ක්‍රිප්ටොකරන්සි කියන්නේ මොනවා ද?




Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
රාජපක්‍ෂලාට දේව කණ්නලව්වත් හරහට !| මොණරවිලගේ ලියමන්
 
 
ආණ්ඩුවෙම අය බැසිල්ට ගහන එක අගමැතිගෙ වැඩක්?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...