BREAKING
Top Ad
Life

සිනමා : ගාමිණී ෆොන්සේකා, 71 කැරැල්ල සහ 'පවන රළු විය' -ජයසිරි අලවත්ත

T

The Leader

October 2, 2021 • 1:33 AM

සිනමා : ගාමිණී ෆොන්සේකා, 71 කැරැල්ල සහ 'පවන රළු විය' -ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුරු සටහන: හැත්තෑ එකේ තරුණ නැගී සිටීම
  •   මෙම සිදුවීම් දෙකම එක විට සඳහන් කරන්නට යෙදු‍ණේ ‘‘පවන රළු විය’’ සිනමා නිර්මාණයට හැත්තෑ එක පාදක වීම සහ එහි ප්‍රධාන නළුවා ලෙස ගාමිණී ෆොන්සේකාග් ප්‍රතිරුපය ඔසවා තැබීම හේතුවෙනි.
  • මෙම නිර්මාණයේ ගාමිණී ෆොන්සේකා රඟපෑවේ ඉතා සුළු කොටසකි; එමෙන් එය ‘‘ගරු රඟපෑමක්’’ ලෙස නාමාවලියේ ද දිස්වේ.
  • මුල් සිනමා නිර්මාණයේ ඔහුගේ රඟපැම කොතෙක් වේලාවක් ද යන්න මතකයක් නොමැත.      මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවේ ඔහුගේ රංගන දායකත්වය අන්තර්ගතවන්නේ තත්පර දොළහක් පමණ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
(ධනේෂ්වර පාලකයන් මෙන් ම සමස්ත ධනේශ්වර පංතිය ම මෙය: කැරැල්ලක්, රැජිනගේ ආණ්ඩුවට එරෙහි අවි එසවීමක් හෝ රාජ ද්‍රෝහී ක්‍රියාවක් යැයි සඳහන් කළ අතර පැරණි වාමාංශික පක්ෂ මෙය ඇමරිකන් සී අයි ඒ කෙමනක් ලෙස හැඳින් වූයේ ය. ) සිදුවී මෙම වසරේ අප්‍රියල් පස්වන දිනට වසර පනහක් සම්පූර්ණ විය.
 
‘හෙළ සිනමාවේ සක්විති’ යන මැයෙන් විරුදාවලි ලත් මහා රංගගවේදියා අභාවප්ප්‍රාප්ත වී පසුගිය සැප්තැම්බර් තිස්වන දිනට වසර දාහතක් සම්පූර්ණ විය. එය නිමිති කරගනිමින් බොහෝ පුද්ගලයන් මෙන් ම විවිධ සංවිධාන ද විවිධාකාරයේ ලිපි පළ කළහ. අන්තර්ජාල සාකච්ඡා ද පැවැත්වූහ.
 
මෙම සිදුවීම් දෙකම එක විට සඳහන් කරන්නට යෙදු‍ණේ ‘‘පවන රළු විය’’ සිනමා නිර්මාණයට හැත්තෑ එක පාදක වීම සහ එහි ප්‍රධාන නළුවා ලෙස ගාමිණී ෆොන්සේකාග් ප්‍රතිරුපය ඔසවා තැබීම හේතුවෙනි. යළි මෙම සිනමා නිර්මාණය නැරඹීම සඳහා මා පෙලඹවූයේ ද එහි ප්‍රධාන නළුවා ලෙස ගාමිණී ෆොන්සේකාගේ නම සඳහන් වීම ය. 
 
මන්ද සිනමා නිර්මාණය තිරගතවු සමයේ දී ම එය නැරඹුව ද ගාමිණි ෆොන්සේකා එහි රඟපෑ බවට මතකයක් තිබුණ ද සමස්ත නිර්මාණය කියවාගැනීමට නොහැකි විය. නැවත මෙම සිනමා නිර්මාණය නැරඹීමට පෙලඹුණු හේතුව එය යි. මෙම නිර්මාණයේ ගාමිණී ෆොන්සේකා රඟපෑවේ ඉතා සුළු කොටසකි; එමෙන් එය ‘‘ගරු රඟපෑමක්’’ ලෙස නාමාවලියේ ද දිස්වේ. මුල් සිනමා නිර්මාණයේ ඔහුගේ රඟපැම කොතෙක් වේලාවක් ද යන්න මතකයක් නොමැත. 
 
 
මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවේ ඔහුගේ රංගන දායකත්වය අන්තර්ගතවන්නේ තත්පර දොළහක් පමණ ය. නමුත් පළමු නිර්මාණය සමග සසැඳිමේ දි එහි අඩුවක් දක්නට ඇත. එනම් ගාමිණී ෆොන්සේකා රඟපැ ඇතැම් කොටස් කපා දමා ඇත. එයට හේතුව කුමක් ද යන්න අපැහැදැලි ය. 
 
  
කෙසේ වුව ද එකල වුව ද බොහෝ විට එම සිනමා නිර්මාණය වඩාත් ජනප්‍රිය වන්නට ඇත්තේ ප්‍රධාන නළුවා ලෙස ගාමිණී ෆොන්සේකා රඟපාන බව සහ ‘වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය යටතේ තිරගත වූ බැවින් ද විය හැකි ය.  
 
රංජිත් කුරුප්පුගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමා නිර්මාණය තිරගත වන්නේ 1994 වසරේ දී ය. 1995 වසරේ දී පැවති සරසවි සම්මාන උළෙලේ දී එම නිර්මාණයට රංගනයෙන් දායක වූ අයිරාංගනී සේරසිංහ හොඳ ම නිළිය වශයෙන් ද, කුමුදුමලී ගමගේ හොඳ ම සහය නිළිය වශයෙන් ද, නිර්මාණයේ අධ්‍යක්ෂවරයා වූ රංජිත් කුරුප්පු හොඳ ම තිර රචකයා වශයෙන් ද සම්මානයට පාත්‍ර වූහ. ඒ පිළිබද විවාදයක් නොමැත. 
 
ගැටලුව පවතින්නේ නිර්මාණයේ ප්‍රචාරක කටයතු සඳහා ප්‍රධාන නළුවා පසෙකට කර ඉතා සුළු රංගන දායකත්වයක් සපයන ගාමිණී ෆොන්සේකාගේ නම ඔසවා තැබීම ය. එය කෙතරම් දුරට සදාචාර සම්පන්න ද යන්න එදා මතු නොව වර්තමානයේ ද කිසිවකු නොවිමසීම ද ගැටලුවකි.
 
 
 
හොඳ ම සිනමා නිර්මාණය නොවුණේ ඇයි?
 
FGFGF 
 
 
එම අදහසත් සමග ම දැන් අදාළ සිනමා නිර්මාණය පිළිබඳ මගේ කියවීමට ප්‍රවේශ වන්නට අවසර. ඒ සඳහා සිනමා නිර්මාණයේ අන්තර්ගත ලිපියක වාක්‍ය කිහිපයකින් ම ප්‍රවේශ වීම වඩාත් සුදුසු යැයි හැඟුණ බැවින් පළමුවෙන් එම වාක්‍ය කිහිපය දෙස අවධානය යොමු කරමු. එය නීලා (කුමුදුමලී ගමගේ) විසින් සිය පෙම්වතා වන රොඩ්නි (ගාමිනී තිලකරත්න) වෙත එවන ලද ලිපියේ අන්තර්ගත කොටසකි.
 
‘‘මතක ද දවසක් ඔබ මට පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ දි කිව්ව අපේ රට සමාජවාදයේ ගැබ්බරින් ඉන්නා බවත්, ඔබලාගේ කර්තව්‍ය වන්නේ සමාජවාදය නමැති දරවාට නියමාකාරයක ප්‍රසූතියක් ලබා දීම කියල. නමුත් ඔබ සියලු දෙනා ම ඒ කර්තව්‍යයෙන් පරාජයට පත්වුණා. එමෙන් ම ඔබට දාව මා කුස පිළිසිඳගත් දරුවාට නියම ප්‍රසූතියක් දීමට මාත් අසමත් වුණා.’’
 
නීලාගේ ගැබ ගබ්සා වන්නේ ඇය ඒ වන විට මුහුණපා සිටි වාතාවරණය හේතුවෙන් බව නිර්මාණකරුවා මතුපිටින් පැවසුව ද එහි යටිපෙළ ඊට වඩා දරුණු ඛේදවාචකයක් පිළිබඳ ඉඟි කරයි. 
 
එනම්: සමාජවාදයෙන් ගැබ්බර වී ඇතැයි සිතා සිටිය ද, එය එසේ ම සිදුවී තිබුණ ද එම ගැබ එකවරක් නොව දෙවතාවක් ම ගබ්සා කරන්නට මෙරට පාලක පෙළැන්තිය සමත්වීම ය. 
 
ඊට අමතරව උතුරේ සන්නද්ධ අරගලය ද ගබ්සා කළේ ය. 
 
 
වඩාත් ඛේද ජනක තත්ත්වය වන්නේ උතුරේ අරගලය ගබ්සා කිරීම සඳහා පැරණි සහ නූතන (71 සහ 87 – 89 යුගයේ සමාජවාදය ස්ථපිත කරන්නට වෙර දැරූ) වාමාංශික කණ්ඩායම් ද කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීම ය. 
 
  
සිනමා නිර්මාණයේ මතුපිට රූප රාමු නරඹන අතර එහි යටිපෙළෙහි ලියවී ඇති ගැඹුරු දේශපාලන අරුත්  කියවාගත හැකි වුවා නම් 1995 වසරේ පැවති සරසවි සම්මාන උළෙලේ හොඳම සිනමා නිර්මාණය ලෙස ‘‘පවන රළු විය’’ සම්මානයෙන් පිදුම් ලබන්නට බොහෝ දුරට ඉඩ කඩ තිබුණි. නමුදු විනිශ්චය මණ්ඩලයට මෙම සිනමා නිර්මාණයේ යටිපෙළ කියවා ගැනීමට නොහැකි වී ඇතුවාට සැක නැත.
 
 
 
මතුපිට සහ යටි පෙළ:
 
 
NBNBN 
 
නිර්මාණයට පාදක කරගන්නේ හැත්තෑ එක වසරේ සිදුවූ තරුණ අරගලය හේතුවෙන් පරිහානියට පත්වන මධ්‍යම පාන්තික පවුලක කතාන්දරයක් වුව ද එතුළින් ධනේශ්වර ක්‍රමයේ අධමත්වය, ධනේශ්වර පංතියේ අධමත්වය මෙන් ම විප්ලවීය සගයන්ගේ පුද්ගලික ජීවිතයේ නීරසභාවය ද ප්‍රකට කෙරේ.
 
නිර්මාණයේ ප්‍රධාන චරිතය වන කිංස්ලි නියෝජනය කරන්නේ ධනේශ්වර පාලක පංතියේ පාර්ශ්වය යි; ඔහු යැපෙන්නේ ද (රැකියාව) එකී ධනේශ්වර පාලකයන්ගේ අවශ්‍යතා ඉටු කරන රාජ්‍ය නිලධාරි තනතුරක් හොබවමිනි. 
 
එහෙත් අවසන සිදුවන්නේ කුමක් ද...? නියෝජ්‍ය තානාපතිවරයෙකු වශයෙන් පත්වීමක් ලබන්නට සිටි, රජයේ වාහනයකින් සියලු ගමන් බිමන් ගිය ඔහු ලංගම බස් රථයෙන් ගමන් බිමන් යාම දක්වා පරිහානියට පත්වීම ය. ඒ, සිය සොයුරා විප්ලවාදි දේශපාලන ව්‍යාපාරයේ නායකයක වූ බැවිනි. 
 
තිර චකයා එහි වගකීම පවරන්නේ තරුණ අරගලකරුවන් වෙත ය; සමාජවාදය බිහිකිරීමට සිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශපාලන ව්‍යාපාරයක් වෙත ය.
 
 
 
අදාළ සංවිධානයේ අඩුලුහුඬුතා අනන්ත ය; අප්‍රමාණ ය. නමුදු එදා මෙදා තුර (අධිරාජ්‍යවාදින්ට එරෙහි පැවති අරගලවල සිට මේ දක්වා) පැවති සියලු අරගලවල දී ජිවිත පරිත්‍යාගයෙන් කටයතු කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ යැපෙන්නන් වෙනුවෙන් කිසිවකු වගවූයේ නැත. නිර්මාණකරුවා එය පිළිබිඹු නොකරන්නේ ඔහුගේ දෘෂ්ටිවාදය හේතුවෙන් ද යන්න අපහැදිලි ය. 
 
  
නමුදු යට සදහන් කළ පරිදි ධනේශ්වරයේ මුග්ධත්වය ඉතා මැනවින් පිළිබිඹු කරන්නට හෙතෙම සමත්වී ඇත. ඊට කදිම නිදසුන ද යට කී පරිදි කිංස්ලිට අත්වන ඉරණම යි.
 
 
 
විප්ලවවාදියාගේ ඉරණම:
 
රොඩ්නි යනු විප්ලවවාදියා ය. පාලක පංතියට අනුව කැරලිකරුවා ය; රාජ්‍ය ද්‍රොහියා ය. ධනේශවර පාලක පෙළැන්තිය විසින ඔහුගේ ජීවිතය පිළිබඳ ගනු ලැබූ තීරණය ධනේශ්වරයට අනුව සාධාරණීකරණය කළ ද ඔහුගේ සොයුරාට අත් කර දුන් තත්ත්වය කෙතරම් අමානුෂික ද යන්න යමෙකු සිතිය හැකි ය. 
 
එහෙත් ධනේශ්වර පාලනයට, පාලකයන්ට උලපන්දම් දෙමින්, ඔවුන්ට කත් අදිමින් තම ජීවන පැවැත්ම සකසා ගන්නා ඕනෑම පුද්ගලයෙකු අවබෝධ කරගත යුතු යථාර්ථය ද එයයි. එනම් ඒ ඕනැම පුද්ගලයෙකු, ඕනෑ ම මොහොතක ධනේශ්වරයේ ගොදුරක් බවට පත්විය හැකි බවයි. ඒ අනුව ගත්විට මෙම නිර්මාණයේ වඩාත් ප්‍රබල චරිතය වන්නේ රොඩ්නි නොව කිංස්ලි ය.
 
 
මධ්‍යම පාන්තිකයන්ගේ කිලිටි ගත:
 
gsds 
 
කිංස්ලි, රෝඩ්නි සහ ග්ලෝරියා යනු හිටපු නගරාධිපතිවරයකුගේ දරුවෝ ය. නමුදු පියාගේ අභාවයෙන් ඉක්බිති ඔවුන් මුහුණ පාන ඛේදවාචකය සමග ම එම මධ්‍යම පාංතික, කිලිටි ජීවිත වටා දවටා සිටින ශුද්ධ සළු-පිළි ලෙහා දමන්නට නිර්මාණකරුවා සමත් වී ඇත. 
 
ඊට කදිම උදාහරණය නෝමා ය. ඇය කනවැන්දුම් ගැහැනියකි. ඇය, තම වියදම සරිකරගැනීම සඳහා ඇගේ ශරීරය අලෙවි කරන්නී ය. නමදු ඒ ප්‍රසිද්ධියේ නොව අප්‍රසිද්ධියේ ය; තම ස්වාමියාගේ ම යහළුවකු වෙත ය. කිංස්ලි මෙය දැනගත් මොහොතේ පවසන දෙබස ද යට කී කරුණ එනම් මධ්‍යම පාංතික ජීවිතයේ කිලිටි පාර්ශ්වය කදිමට නිරාවරණය කෙරෙන්නේ ය. 
 
එම අවස්ථාවේ දී කිංස්ලි සිය සොයුරියට පවසන්නේ ‘‘වේසකං උනත් කරන පිළිවෙළක් තියෙනව’’ යනුවෙනි. සාමාන්‍ය දුගී දුප්පත් පවුල්වල මතු නොව මධ්‍යම පාංතික ජීවිත තුළ ද ඔවුනොවුන්ගේ ජීවන පැවැත්ම උදෙසා අප්‍රසිද්ධියේ ම ගණිකා වෘත්තියේ යෙදන බව මෙයින් ගම්‍ය කෙරේ.
 
 
 
ලිංගික අව්‍යශතාවේ ප්‍රබලත්වය:
 
මෙබඳු පවල්වල වෙසෙන, විවා දිවියට පත්විම අතපසු වූ තරුණියන්ගේ ශාරීරික (ලිංගික) අවශ්‍යතා ඉවසා සිටීමේ සීමාවක් පවතින බවත්, එකී සිමාව ඉක්ම ගිය මොහොතේ එබඳු තරුණියන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවස්ථාවක් ලද විගස එය ඉටු කරගන්නේ කිසිදු සමාජ තත්තවයක් නොසලකමින් බව ද මෙම නිර්මාණය තුළ විදාරණය කෙරේ. 
 
ඒ, ග්ලෝරියා නිවසේ මෙහෙකරුවා සමග කාම සම්භෝගයේ යෙදීමෙනි. එය ද එක් පසෙකින් යට කී පරිදි පිරිසිදු සළුපිළිවලින් දවටා තිබෙන මධ්‍යම පාංතික ජීවිතවල පවත්නා කිලිටි පැතිකඩකි.
 
 
අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ: ධනේශ්වරයේ මුග්ධත්වය ද, සමාජවාදය බිහිකිරීමට යත්න දැරූ අය තුළ පවා පැවති දුර්වලතා ද, මධ්‍යම පාංතික ජීවිත තුළ පවත්නා ගූඪභාවය ද යන මේ සියලු ප්‍රපංච ඉතා සියුම් ලෙස ඔප්නංවමින් නිමවා ඇති නිර්මාණයක් ලෙස ‘‘පවන රළු විය’’ සිනමා නිර්මාණය ඉදිරියෙන් පවතින බවයි. 
  
එමෙන් ම: ගාමිණී ෆොන්සේකා රඟන සිනමා නිර්මාණයක් හෝ ‘වැඩිහිටියන්ට පමණයි’ නමැති ලේබලය යටතේ තිරගතවූ සිනමා නිර්මාණයක් නැරඹුවා හෝ නරඹනවා යන පටු අදහස ඉවතලා මෙම නිර්මාණය නරඹා, විඳ, කියවාගත හැකි නම්, එය සිනමා ප්‍රේක්ෂක ප්‍රෙක්ෂිකාවන්ගේ  සහ නිර්මාණකරුවාගේ ද ජයග්‍රහණයක් ලෙස ද සැලකිය හැකි ය.
 

 
 
jayasiri 04 e1619629387941
 
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක 
 
2021/10/02
 
 
 
 
ජයසිරිගේ සිනමා විචාර කිහිපයක් :
 
 
 
 
 
 
 
 
 

 


 

THE LEADER TV 
 
 
ජනාධිපති ගෝඨා ගැන පුතා කියපු කතාව!
 
 
පාස්කු ප්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...