BREAKING
Top Ad
Life

මුරලිගේ 800 මෙන්න

T

The Leader

September 6, 2023 • 2:51 AM

මුරලිගේ 800 මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධුර් මිට්ටාල් මුරලි ලෙස
  • ශ්‍රීපති ගේ අධ්‍යක්ෂණයක් සහ තිර රචනයක් අනුව නිර්මාණය වන මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමේ උළෙලට ජනප්‍රිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කාර්, සනත් ජයසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.
  • මුරලිගේ චරිතය නිරුපණය සඳහා මින්පෙර ප්‍රකට කොලිවුඩ් නළු විජේ සේතුපති තෝරා ගෙන තිබුණ ද තමිල්නාඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් ඇතිවුණු තදබල විරෝධය මත සේතුපති ඉන් ඉවත් වීමට කටයුතු කරනු ලැබී ය.
  • සේතුපති ගේ රුව සහිත පෝස්ටරය ඒ අනුව, "ස්ලම් ඩෝග් මිලියනය" සිනමාපටයේ සලීම් ගේ චරිතයට පණ පෙවූ "මධුර් මිට්ටාල්" මුරලිගේ චරිතයට රංගනයෙන් දායක වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරටින් බිහිවූ විශිෂ්ට පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ගේ ජිවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලද ''800'' සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුණි.

එම්.එස්. ශ්‍රීපති ගේ අධ්‍යක්ෂණයක් සහ තිර රචනයක් අනුව නිර්මාණය වන මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමේ උළෙලට ජනප්‍රිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කාර්, සනත් ජයසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

මුරලිගේ චරිතය නිරුපණය සඳහා මින්පෙර ප්‍රකට කොලිවුඩ් නළු විජේ සේතුපති තෝරා ගෙන තිබුණ ද තමිල්නාඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් ඇතිවුණු තදබල විරෝධය මත සේතුපති ඉන් ඉවත් වීමට කටයුතු කරනු ලැබී ය.

 115098108 800 motion poster 1200සේතුපති ගේ රුව සහිත පෝස්ටරය

ඒ අනුව, "ස්ලම් ඩෝග් මිලියනය" සිනමාපටයේ සලීම් ගේ චරිතයට පණ පෙවූ "මධුර් මිට්ටාල්" මුරලිගේ චරිතයට රංගනයෙන් දායක වී ඇත.

මෙම සිනමාපටය මෙම වසරේ ඔක්තෝබර් 6 වැනිදා සිට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...