BREAKING
Top Ad
Life

A COVID HONEYMOON: සිනමාවට පාර පෙන්වන අධ්‍යක්ෂවරයෙකුගේ සම්ප්‍රාප්තියක්

T

The Leader

June 20, 2021 • 4:06 AM

A COVID HONEYMOON: සිනමාවට පාර පෙන්වන අධ්‍යක්ෂවරයෙකුගේ සම්ප්‍රාප්තියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි.
  •   උදාහරණයක් ලෙස තරුණයා පළඳින මේස් කුට්ටම එහිදී රඟන භූමිකාව එවැනි සියුම් තැනකි.
  • “මොකක්ද මේ ගඳගහන මේස් කුට්ටම මගෙ ඇඟේ ගාන්නෙ?” යි තරුණිය අසන දෙබස් ඛණ්ඩය කෝවිඩ්-19 සීමාකිරීම්වල ආර්ථික හා මානසික පීඩනයේ, ලිංගික ඊර්ෂ්‍යාවේ සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ කූටප්‍රාප්තියක් ඡේදනය කිරීම සඳහා යොදාගෙන ඇති ආකාරය මනරම්ය.
  •   අධ්‍යක්ෂවරයා නළුවන් මෙහෙයවාගෙන තිබෙන ආකාරය දුටු විට පසුගියදා මා තරිඳු උඩුවරගෙදරගේ සටහනකට ප්‍රතිචාර ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු මූලික කරගෙන රංගනය පිළිබඳ තැබූ සටහනක් මෙසේ පළකරමි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි.
 
උදාහරණයක් ලෙස තරුණයා පළඳින මේස් කුට්ටම එහිදී රඟන භූමිකාව එවැනි සියුම් තැනකි. “මොකක්ද මේ ගඳගහන මේස් කුට්ටම මගෙ ඇඟේ ගාන්නෙ?” යි තරුණිය අසන දෙබස් ඛණ්ඩය කෝවිඩ්-19 සීමාකිරීම්වල ආර්ථික හා මානසික පීඩනයේ, ලිංගික ඊර්ෂ්‍යාවේ සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ කූටප්‍රාප්තියක් ඡේදනය කිරීම සඳහා යොදාගෙන ඇති ආකාරය මනරම්ය.
 
අධ්‍යක්ෂවරයා නළුවන් මෙහෙයවාගෙන තිබෙන ආකාරය දුටු විට පසුගියදා මා තරිඳු උඩුවරගෙදරගේ සටහනකට ප්‍රතිචාර ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු මූලික කරගෙන රංගනය පිළිබඳ තැබූ සටහනක් මෙසේ පළකරමි.
 
 
“මේක මට රංගනය කියන කාර්යය පෙනෙන විදිය. හැමෝම රඟපාන චරිතයක් තියෙනවා. ඒක තමන්ගෙ ස්වරූපයෙන් මතුවන එකක්. චරිතය තමන්ගෙ අච්චුවෙන් ප්‍රතිනිර්මාණය කරන එක තමයි රඟපානවාය කියන හැමෝම කරන්නෙ. මං 1988 කාලෙ ගමනායකව ඇසුරු කරලා තියෙනවා. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයෙ ජගත් මනුවර්ණ රඟපාන ගමනායකගෙ භූමිකාවයි ගමනායකගෙ සැබෑ ස්වරූපයයි අහසට පොළව වගේ. බෙන් කිංස්ලිගේ ගාන්ධි චරිතෙ වුණත් එහෙමයි. රංගනය කියන්නෙ තමන්ගෙ චරිතයෙන් මිදිලා වෙනත් චරිතයකට ආරූඪ වෙන්නට දරන ඉතාම අසාර්ථක උත්සාහයක්. ඒ නිසා රංගනය විශිෂ්ට වෙන්නෙ රඟන භූමිකාවෙන් නෙමෙයි. නළුවාගේ හෝ නිළියගේම වටිනාකම්වලිනුයි. අපි කැමති වෙන්නෙ, ගරු කරන්නෙ, සම්මාන දෙන්නෙ නළුවාගේ චරිතයේ ගුණයට මිසක් වෙන මොකකටවත් නෙමෙයි. වඩා වැදගත් වෙන්නෙ නළු පෞරුෂයයි. අපි බලන්නෙ ඒ නළු පෞරුෂය. අධ්‍යක්ෂවරු චරිත නිර්මාණය කරන්නෙ ඒ නළු පෞරුෂයෙන්. ඒක හරි සීමිත දෙයක්. කොයි තරම් මේකප් දැම්මත් අපි දකින්නෙ අපි දන්න නළුවා කරන සීමිත අනුකරණයක් විතරයි. හැබැයි, මේ සීමාව තමයි රංගනය කියන්නෙ. ඕකට මොන ආලවට්ටං දැම්මත් නළුකමේ මහලොකු දෙයක් නැහැ. තමන්ගෙ චරිතය තුළින් තමන්ට රඟපාන්න ලැබෙන භූමිකාව පුළුවන් තරම් අනුකරණය කරන එක තමයි රඟපෑම කියන්නෙ. ඊට වඩා දෙයක් නැහැ. දක්ෂතාව තියෙන්නෙ ඒ සීමාව ඇතුළෙ. එතනදි පුහුණුවත් ඉතා වැදගත්. නිහාල් සිල්වා පුන්තිලා වුණත්, සාජන් නල්ලතම්බි වුණත්, වැදගත් නිහාල් සිල්වාගෙ පෞරුෂය විතරයි. ස්වර්ණායි, අනෝජායි, කෞශල්‍යායි සංසන්දනය කරනකොට අපි කරන්නෙ ඒගොල්ලන් රඟපෑ භූමිකාවන් සංසන්දනය කරන එක නෙමෙයි. අපි කරන්නෙ ඒ පුද්ගලයන් සංසන්දනය කරන එක. එතනදි මං වුණත් කෞශල්‍යාට කැමතියි.නළුකම කියන්නෙ මිනිසුන්ට බලන් ඉන්න ආස හිතෙන විදියට හැසිරෙන්නට කෙනෙකුට තියෙන වාසනා ගුණයක්. රූපය නිසා ඇතිවන ලිංගික ආකර්ශනයත් එතනදි වැදගත් වෙනවා. ‍රඟපාන්නෙ නැති හුඟක් අය දක්ෂ නළුවන් කරන්නට දක්ෂ අධ්‍යක්ෂවරුන්ට පුළුවන්. එතන අමුතු මැජික් එකක් නැහැ. අධ්‍යක්ෂවරයා කරන්නෙ තමන්ගෙ වැඩේට නළුවාගෙ ගුණය පාවිච්චි කරන එක. තරිඳු උඩුවරගෙදරගෙත් විශාල පෞරුෂයක් තියෙනවා. ඒ නිසා තරිඳුටත් සාර්ථක නළුවෙක් වෙන්න පුළුවන්. හැබැයි, හරිහමන් අධ්‍යක්ෂවරයෙකු එක්ක ඒ අවස්ථාව ලැබෙන එක අහම්බයක්.”
 
 
temperature gauge
 
අලුත්ම මර්දන උපකරණයක් වන උණ බලන පිස්තෝලය
 
 
රංගනය ගැන මට නම් තිබෙන්නේ ඉතා සාහසික කියවීමකි. මා දකින ආකාරයට රංගනය වනාහි නිර්මාණාත්මක අධ්‍යක්ෂණයේ ඉතා සීමිත නිර්මාණාත්මක කාර්යයකි. කතා කළ හැකි ඕනෑම කෙනෙකුට නිවේදකයකු බවට පත්විය හැකිය. රංගනය ඊටත් එහාය. ඕනෑම කෙනෙකුට නළුවකු විය හැකිය. 
 
නළුකම විශිෂ්ට වන්නේ චරිත නිසා නොව, නළුවාගේ හෝ නිළියගේ පෞරුෂය නිසාය. නළුවන් විය හැකි බොහෝ අය නළුවන් නොවන්නේ ඔවුන්ට අධ්‍යක්ෂවරයකු හමු වී නැති නිසාය. 
 
ඊයේ බැලූ මලයාලම් චිත්‍රපටයක මීයෙකු විශිෂ්ට රංගනයක යෙදෙයි. ඒ මීයා මෙන්ම ඕනෑම නළුවකු හෝ නිළියක ද අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකි. රංගනය අන් සියල්ලට වඩා ප්‍රමුඛ වී තිබෙන්නේ ශාරීරික ලිංගික ආකර්ශනයේ අතුරු ඵලයක් ලෙස යයි මට සිතේ.
 
 
udan thumb 
උදන් ප්‍රනාන්දු
 
මලයාලම් සිනමාව වර්තමානයේ ලංකාවේ ද ජනප්‍රියය. චරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ දුටු කේරල සිනමාව ඔස්සේ මා නම් සිතන්නේ ලංකාවේ සිනමාකරුවන්ට ද මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ කතා රසබර ලෙස, සරලව කිව හැකිනම්, මහා ලොකු වියදම් නැතුව අනන්‍යතාවක් සහිත දේශීය සිනමාවක් නිර්මාණය කරගත හැකි බවයි. 
 
උදන් ප්‍රනාන්දු නම් අධ්‍යක්ෂවරයාට එවැනි විභවයක් ඇති බව ප්‍රදර්ශනය කර තිබේ.
 
A Covid Honeymoon චිත්‍රපටයේ විනාඩි 20 තුළ ඔහු සිංගප්පූරු අගමැතිවරයාගේ කතාවක්, ලංකාවේ ප්‍රවෘත්ති විකාශයන් වැනි ‘ඉවතලන ද්‍රව්‍ය’ හා නොමිලේ හෝ අඩු වියදමකින් සපයාගත හැකි රූප ආදිය පවා සිය නිර්මාණය සඳහා යොදාගෙන තිබෙන ආකාරය අති විශිෂ්ටය.
 
 
(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
##########
THE LEADER TV 
වරායේ ජෙනරාල් ඉවත්කළ ඇතුලේ ගැටුම?
 
ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...