BREAKING
Top Ad
Life

හඳගම ගේ ඇල්බොරාදා ආදරවන්තයින් ගේ දිනයේ සිට රිදී තිරයට

T

The Leader

February 10, 2022 • 12:50 AM

හඳගම ගේ ඇල්බොරාදා ආදරවන්තයින් ගේ දිනයේ සිට රිදී තිරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අශෝක හඳගම ගේ අලුත්ම සිනමා නිර්මාණය ඇල්බොරාදා ආදරවන්තයින්ගේ දිනය වන පෙබරවාරි 14 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය
  • අපි පවුකාරයන් කියා කවියන්ගේ වැඩ විනාශ කරන්න යනවා නම්, අපිට විද්‍යාඥයින් ගේත්, දේශපාලඥයින් ගේත්, ජෙනරාල්ලා ගේත්, නව නිපැයුම් කරුවන් ගේත්, සංගීතඥයින් ගේත් ආදී වශයෙන් බොහෝ අයගේ වැඩ විනාශ කරන්න වෙනවා.
  •   34වෙනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළේ තිරගතවීමෙන් පසු ප්‍රේක්ෂක විචාරක අවධානයට ලක් වූ "ඇල්බොරාදා" ආදරයේ කවියා ලෙස ලෝ සුපතල පැබ්ලෝ නෙරුදා, ලංකාවේ චිලියානු තානාපති ලෙස 1929 - 31 වකවානුවේ ජීවත්වුණු සමයේ සිදුවීමක් අලලා සැකසුනු සිනමාපටයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා මුදා හැරෙයි.

 

34වෙනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළේ තිරගතවීමෙන් පසු ප්‍රේක්ෂක විචාරක අවධානයට ලක් වූ "ඇල්බොරාදා" ආදරයේ කවියා ලෙස ලෝ සුපතල පැබ්ලෝ නෙරුදා, ලංකාවේ චිලියානු තානාපති ලෙස 1929 - 31 වකවානුවේ ජීවත්වුණු සමයේ සිදුවීමක් අලලා සැකසුනු සිනමාපටයකි.

 

ඇල්බෝරාදා පිලිබඳ චිලියේ El Mostrador මංගත සඟරාවට ඊඩා ක්ලේරි (Eda Cleary) නම් සමාජ සහ දේශපාලන විද්‍යාඥවරිය ලියූ විචාරයක් කියවූ ලෝ පතල ලේඛිකා ඉසබෙල් අයන්ඩේ ප්‍රකාශ කර තිබුනේ

 

Isabel Allende Net Worth"ඔබ චිත්‍රපටය ගැන සහ එමගින් මේ වනවිට අභියෝගයට ලක්වෙමින් තිබෙන පීතෘමූලිකත්වයේ විෂකුරු බව පිලිබඳ කෙරෙන විශ්ලේෂණය හරිම ආකර්ශනීයයි. ස්ත්‍රීවාදයේ අවසන් ඉලක්කය විය යුත්තේ මේ පීතෘමූලිකත්වය වඩාත් යුක්ති සහගත, සමානාත්මතාවාදී සහ කාරුණික ශිෂ්ඨත්වයකින් විස්ථාපනය කිරීමයි. මම හිතන්නේ පිළිරූ එහි වේදිකාවන් ගෙන් ගලවා බිමට බෑම වැදගත් කියලා. අපි හැමෝම වගේ ඒ අයත් දෝෂ සහිත මිනිසුන්. ඒ වුනත් ඔවුන් කල කාර්යයන් අවලංගු කරන්න බැහැ. අපි පවුකාරයන් කියා කවියන්ගේ වැඩ විනාශ කරන්න යනවා නම්, අපිට විද්‍යාඥයින් ගේත්, දේශපාලඥයින් ගේත්, ජෙනරාල්ලා ගේත්, නව නිපැයුම් කරුවන් ගේත්, සංගීතඥයින් ගේත් ආදී වශයෙන් බොහෝ අයගේ වැඩ විනාශ කරන්න වෙනවා. කිසිවෙකු ඉතිරි වෙන්නේ නැහැ,“ කියායි.

 

albo d

 

දේශීය සහ විදේශීය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වන ඇල්බොරාදා චිත්‍රපටෙයේ ප්‍රධාන භූමිකාවන්, ස්පාඥ නළු ලුවිස් රොමෙරෝ, ප්‍රංශ රංගන ශිල්පිනී ඈන් සොලෙන් සමඟ මැල්කම් මචාඩෝ, රිතිකා කොඩිතුවක්කු, ඩොමිනික් කෙලර්, නිමායා හැරිස්, සමන්තා බාලසුරිය, තුසිත ලක්නාත් සහ කෞශල්‍යා මෙන්ඩිස් විසින් පනගන්වා ඇත.

 

alborada 1

 

චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුමෙන් ද, දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් ද, චත්‍ර වීරමන් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සැකසුමෙන් ද, සමරසිරි කඳනගේ අංග රචනයෙන් ද, පියතිස්ස අකුරම්බොඩ ඇඳුම් නිර්මාණයෙන් ද දායක වන ඇල්බොරාදා හි සංගීතය අජිත් කුමාරසිරි සහ නාමිනී පංචලා ගෙනි.

 

ඉරන්ති අබේසිංහ රේඛීය නිෂ්පාදනයෙන්, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් සහ වතීශ් වරුණන් සහය අධ්‍යක්ෂණයෙන් එක්වන ඇල්බොරාදා සම නිෂ්පාදනය කුමුදිනි හපුතන්ත්‍රි, චන්දු හපුතන්ත්‍රී සහ චන්ද්‍රි හපුතන්ත්‍රී ගෙනි. සරසවි සිනෙරූ වෙනුවෙන් ඇල්බොරාදා නිෂ්පාදනය කලේ එච් ඩී ප්‍රේමසිරි.

 

 

 

 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...