BREAKING
Top Ad
Life

ඇල්බොරාදා 'ලොග් ලයිනය' ආරක්ෂා කිරීම වෙනුවෙන් වචනයක් -(විදර්ශන කන්නන්ගර)

T

The Leader

February 20, 2022 • 6:43 AM

ඇල්බොරාදා 'ලොග් ලයිනය' ආරක්ෂා කිරීම වෙනුවෙන් වචනයක් -(විදර්ශන කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇල්බොරාදා හි තේමාත්මක 'ලොග් ලයිනය' ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් වචනයක්...!
  • චිත්‍රපටියේ ඇතුළත පිටතට හරවා කරන මගේ විචාරය (විචාරයක් යනු තවත් කියවීමකි) තවමත් ලියැවෙමින් තියෙනවා..ඒක මග එන ගමන්..ඊට කලින් නොකියාම බැරි දෙයක් කියන්නයි මේ පුංචි සටහන දැම්මෙ..
  • කතිකාව, කතිකාවේ සීමාව හා කතිකාවේ දේශපාලනය ගැන මේ වර්ගයේ කියවීම් වල ඇති බොළද කම ගැන චිත්‍රපටියට අදාළව තවදුරටත් මම ඉදිරියේ කතා කරන්න බලාපොරොත්තු වෙනව..
  • අන්තිමට මෙයාලට මතක් කරන්න තියෙන්නෙ අති සරල දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇල්බොරාදා මම දෙපාරක් නැරඹුවා..ඒ පළමුව මාධ්‍ය දර්ශනය ලෙසත් දෙවනුව පෙරේදා පැවැති විශේෂ දර්ශනයේ දීත් ය.

පළමු දර්ශනයෙන් පස්සෙ මම මුකුත්ම ලියන්න ගියේ නැහැ, අවශ්‍ය බහුතර ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටිය නරඹා නැති නිසා..

චිත්‍රපටියේ ඇතුළත පිටතට හරවා කරන මගේ විචාරය (විචාරයක් යනු තවත් කියවීමකි) තවමත් ලියැවෙමින් තියෙනවා..ඒක මග එන ගමන්..ඊට කලින් නොකියාම බැරි දෙයක් කියන්නයි මේ පුංචි සටහන දැම්මෙ..

චිත්‍රපටිය සම්බන්දයෙන් දැන් මතුවෙමින් තිබෙන විවේචන දෙකක් මූලිකව හදුනගන්න පුළුවන්..

එකක් සිනමාත්මකයට අදාළ සත්කාරය පැත්තෙන්..ඒ මානය අපිට සංවාද කරන්න පුළුවන්..ඊට අදාළව චිත්‍රපටිය ගැන මගෙත් විසංවාද සමහරක් තියෙනව.

අනෙක් මානය මතුවෙන්නේ චිත්‍රපටියේ මූලික තේමාත්මක ප්‍රවේශය පැත්තෙන්..එහි එක් තලයක් ඉතාම මුග්ධ අදහසක් නියෝජනය කරනව..

ඒ තමයි පැබ්ලෝ නෙරූඩා සක්කිලි ගැහැණියක් 'පොළඹවා ගැනීමට' කළ බලපෑම 'අහිංසක සංකීර්ණත්වයක්' බවත්, එය 'විලිසංගයක් නැති දූෂණයක්' ලෙස සිනමා නිර්මාණයේ ප්‍රකාශ කර තිබීම අධ්‍යක්ෂවරයාගේ අතාර්කික බලෙන් එබ්බවීමක් ය යන කියවීම..(මේ 'අමන දූෂණය' ගැන තියුණු විශ්ලේෂණයක් ස්ලේවොයි ශිශෙක් සිය Living in the End Times වියමනේ සදහන් කර තිබෙනවා..දැනගත් විදියට ශිශෙක් ගේ මේ කියවීම හදගමගේ සිනමා ගෙතුමට තීරණාත්මකව බලපා තියෙනවා..ඒ ගැන කිදී යන කතා බහක් අපි ඉදිරියට කරමු)


අර නෙරූඩා ගේ කලා ප්‍රතිරූපය ආරක්ෂා කිරීමේ මුවාවෙන් චිත්‍රපටිය සම්බන්දයෙන් ගේන තර්කය තමයි " ඒ කාලෙ ස්ත්‍රී දූෂණය ගැන කතිකාවක් තිබුණෙ නැහැ"..කියන එක. තවදුරටත් "ස්ත්‍රී අයිතිවාසිකම්", 'ළමා අයිතිවාසිකම්', 'මානව අයිතිවාසිකම්' වගේ මතවාද නොතිබුණු කාලයක නෙරුඩා විසින් සක්කිලි ගැහැණියව 'වසග කර ගැනීම' 'දූෂණයක්' කියල දැක්වීම වැරදි කියල තමයි අහවල් කියවීමේ පදනම..


මේ මරි මෝඩ අදහස ලියල තිබුණු එක්කෙනෙක් තමයි චින්තන ධර්මදාස..මට පුද්ගලිකව පුදුමයක් ගෙන එමින් එරික් ඉලයප්පාරච්චි ත් මීට ආසන්න අදහසක් මා, අපි සමග කිව්වා..

කතිකාව, කතිකාවේ සීමාව හා කතිකාවේ දේශපාලනය ගැන මේ වර්ගයේ කියවීම් වල ඇති බොළද කම ගැන චිත්‍රපටියට අදාළව තවදුරටත් මම ඉදිරියේ කතා කරන්න බලාපොරොත්තු වෙනව.. අන්තිමට මෙයාලට මතක් කරන්න තියෙන්නෙ අති සරල දෙයක්.

ඔය මුග්ධ තර්කය අනුව ගියාම යටත් විජිතකරණයෙන් සමාජ-මානව හිංසනයක් වුණා කියන එක වැරදියි. මොකද 'මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයක්' හෝ 'ජාත්‍යන්තර සම්මුතීන්' එවකට තිබුණෙ නැහැ..අත්තනෝමතික රාජාණ්ඩු ක්‍රමයේ ඇති අවුලක් නැහැ. මොකද 'ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය' කියල කතිකාවක් එතකොට තිබුණෙ නැහැ..


අනේ අපොයි..අපේ ළමයි !



(විදර්ශන කන්නන්ගර)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්...)



 



ඇල්බොරාදා විචාරාත්මක ලිපි :

ඇයි හඳයා මෙහෙම? : ඇල්බොරාදා හෙවත් කක්කා බාල්දිය -(චින්තන ධර්මදාස)

අශෝක හඳගම නම් චරිත ඝාතකයා !!! - සුනේත්‍රා පණ්ඩිතරත්න

පෙබරවාරි 14 යනු ආදරවන්තයින්ගේ දිනය ද... ස්ත්‍රී දූෂකයන්ගේ දිනය ද...?



Leader Whats app

 

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...