BREAKING
Top Ad
Life

හඳගමගේ ඇල්බොරාදා කේරළ අන්තර්ජාතික සිනමා උලෙළට

T

The Leader

March 16, 2022 • 4:33 AM

හඳගමගේ ඇල්බොරාදා කේරළ අන්තර්ජාතික සිනමා උලෙළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අශෝක හඳගමගේ සිනමා නිර්මාණයක් වන "ඇල්බොරාදා" මෙවර කේරළ අන්තර්ජාතික සිනමා උලෙළේ (IFFK) ලෝක සිනමාව අංශයට නිළ වශයෙන්
  • සිනමා උලෙළ සෑම වසරකම දෙසැම්බරයේ පැවැත්වුන ද 2021 වසරේ සිනමා උලෙළ කොවිඩ් වසංගත තත්වය නිසා 2022 මාර්තු තෙක් කල් දැමුණි.
  • මෙවර උලෙළ රජයේ සෞඛ්‍ය නීතීන්ට අනුව පැවැත්වෙන බව සංවිධායකයෝ නිවේදනය කර ඇත.
  • උලෙළට රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් කාණ්ඩ 15ක් යටතේ සිනමාපට 173ක් සුදුසුකම් ලබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සුදුසුකම් ලබා තිබෙනවා.

kerala

26 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ මාර්තු 18 වැනිදා සිට 25 වැනිදා දක්වා කේරළයේ තිරුවානන්දපුරම් හි දී පැවැත්වීමට නියමිත ය.

සිනමා උලෙළ සෑම වසරකම දෙසැම්බරයේ පැවැත්වුන ද 2021 වසරේ සිනමා උලෙළ කොවිඩ් වසංගත තත්වය නිසා 2022 මාර්තු තෙක් කල් දැමුණි. මෙවර උලෙළ රජයේ සෞඛ්‍ය නීතීන්ට අනුව පැවැත්වෙන බව සංවිධායකයෝ නිවේදනය කර ඇත.

උලෙළට රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් කාණ්ඩ 15ක් යටතේ සිනමාපට 173ක් සුදුසුකම් ලබා තිබේ.

 

albo d

 

34වෙනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළේ තිරගතවීමෙන් පසු ප්‍රේක්ෂක විචාරක අවධානයට ලක් වූ "ඇල්බොරාදා" ආදරයේ කවියා ලෙස ලෝ සුපතල පැබ්ලෝ නෙරුදා, ලංකාවේ චිලියානු තානාපති ලෙස 1929 - 31 වකවානුවේ ජීවත්වුණු සමයේ සිදුවීමක් අලලා සැකසුනු සිනමාපටයකි.

 

දේශීය සහ විදේශීය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වන ඇල්බොරාදා චිත්‍රපටෙයේ ප්‍රධාන භූමිකාවන්, ස්පාඥ නළු ලුවිස් රොමෙරෝ, ප්‍රංශ රංගන ශිල්පිනී ඈන් සොලෙන් සමඟ මැල්කම් මචාඩෝ, රිතිකා කොඩිතුවක්කු, ඩොමිනික් කෙලර්, නිමායා හැරිස්, සමන්තා බාලසුරිය, තුසිත ලක්නාත් සහ කෞශල්‍යා මෙන්ඩිස් විසින් පණ පොවා ඇත.

alborada 1

චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුමෙන් ද, දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් ද, චත්‍ර වීරමන් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සැකසුමෙන් ද, සමරසිරි කඳනගේ අංග රචනයෙන් ද, පියතිස්ස අකුරම්බොඩ ඇඳුම් නිර්මාණයෙන් ද දායක වන ඇල්බොරාදා හි සංගීතය අජිත් කුමාරසිරි සහ නාමිනී පංචලා ගෙනි.

ඉරන්ති අබේසිංහ රේඛීය නිෂ්පාදනයෙන්, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් සහ වතීශ් වරුණන් සහය අධ්‍යක්ෂණයෙන් එක්වන ඇල්බොරාදා සම නිෂ්පාදනය කුමුදිනි හපුතන්ත්‍රි, චන්දු හපුතන්ත්‍රී සහ චන්ද්‍රි හපුතන්ත්‍රී ගෙනි. සරසවි සිනෙරූ වෙනුවෙන් ඇල්බොරාදා නිෂ්පාදනය කළේ එච් ඩී ප්‍රේමසිරි විසිනි.   

 

 

 

සබැඳි පුවත් :

හඳගම ගේ ඇල්බොරාදා ආදරවන්තයින් ගේ දිනයේ සිට රිදී තිරයට

 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...