BREAKING
Top Ad
Life

සෝෂල් මිඩියා වල පෙන්වන තරම් ඇත්ත ජීවිතවල සුන්දර නැහැ | Anisha Jayakody

T

The Leader

October 1, 2025 • 2:33 AM

සෝෂල් මිඩියා වල පෙන්වන තරම් ඇත්ත ජීවිතවල සුන්දර නැහැ | Anisha Jayakody

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාර්ථා වලට අනුව මිනිස්සු අසාමාන්‍ය විදිහට ෆෝන් එකට ඇබ්බැහි වීම නිසා මානසික රෝග තුන් ගුණයකින් විතර වැඩි වෙලා !
  • ඔයාගෙ අකුරු , ඔයාගෙ කමෙන්ට් , ඔයාගෙ අගය කිරීම් , ඔයාගෙන් ලැබීම් නැති උන දාට ඒ කිසි කෙනෙක් ඔයාට නැහැ.
  • ඇබ්බැහි වෙලා නෙමෙයි සමහර මිනිස්සුන්ට ඕකෙන් තොර ලෝකයක්ම නැති වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇබ්බැහි වෙලා නෙමෙයි සමහර මිනිස්සුන්ට ඕකෙන් තොර ලෝකයක්ම නැති වෙලා.

විනාඩි දහයක් ෆෝන් එක ළඟ නැති වුනාම , පිස්සුවෙන් දඟලන මිනිස්සු ඕන තරම් ඉන්නවා.

ඔයා නොදන්නවා උනාට Social media ඇබ්බැහිය ඒ තරමටම දරුණුයි

 


ඔයාට ,

අඬන ළමයට කන්න නොදී ෆෝන් එක ඔබ ඔබ ඉන්න හිතෙනවනම් ,

මහත්තයට කෑම උයන්න තියන වෙලේ මැසෙන්ජර් එකේ කා එක්ක හරි ඕපයක් කියවනවනම් ,

පෙම්වතිය online තියාගෙන වෙන අයව හුරතල් කරන්න හිතෙනවනම් ,

ෆේස් බුක් එකේ , ඉන්ස්ටා එකේ , ටික් ටොක් එකේ , Like ටික කමෙන්ට් ටික followers ලා ටික දැකල අනේ මට මිනිස්සු පුදුම කැමතියි මම මාර පොරක් මට මාර සෙනගක් ඉන්නවා කියල හිතෙනවනම්,

තමන්ගෙ මිනිස්සු ටික, තමන්ගෙ පවුල අංක දෙකට දාලා ජීවිතේ අංක එක සෝෂල් මිඩියා වෙලා තියනවනම් ,


පව් ඔයා අහුවෙලා....

මම කියනවට එක සති දෙකක් ෆෝන් එක off කරලා ඉඳල බලන්න

ඔය කියන පෙන්නන කව්රුත් අපි ළඟ නෑ..

ඔයාගෙ අකුරු , ඔයාගෙ කමෙන්ට් , ඔයාගෙ අගය කිරීම් , ඔයාගෙන් ලැබීම් නැති උන දාට ඒ කිසි කෙනෙක් ඔයාට නැහැ.

අඩු ගානෙ නමවත් මතක නැහැ...

සෝෂල් මිඩියා වල ලක්ෂ ගණන් සෙනග එක්ක හිටපු මිනිස්සුත් මැරුණම මිනිය ළඟ හිටියෙ ගෙදර ඉන්න කීප දෙනයි ,

හදිස්සියට ලෙඩට දුකට තනියට ඉන්නෙ හැමදාම හිටපු පරණ යාළුවො එකා දෙන්නා විතරයි ,

 

A woman is lying down on a bed and using a smart phone at night.

ඒකාකාරී ජීවිතේට වෙනසක් ගන්න සෝෂල් මිඩියා වල සැරිසැරුවට ජීවිතේ සෝෂල් මිඩියා වලට උගස් තියන්න එපා ,

සින්න වෙනකොට සින්න වෙන්නෙ ඔයාවත් එක්කම ,

ඒ නිසා අම්මට තාත්තට නෝනට මහත්තයට දරුවට හෝ  තමන්ගෙම එවුන් ටිකට දෙන්න තියන කාළය ව්‍යාජ බැඳීම් වලට අනවශ්‍ය විදිහට නාස්ති කරන්න එපා ,

ඇත්තම කිව්වොත් වචන වලින් අපි ළඟ ඉන්න කවුරුත් ඇත්තට

අපි එක්ක නෑ ,

enjoy family
සයිබර් ලෝකෙ අතරමන් නොවී යතාර්ථයට බර දෙන්න ,

ඔයාගෙ බරම ටික ඔයාගෙ ඇත්ත මිනිස්සුන්ට දෙන්න

මිනිස්සු ඔය සෝෂල් මිඩියා වල පෙන්වන තරම් ඇත්ත ජීවිතවල සුන්දර නැහැ .

anisha
(සටහන | අනිශා ජයකොඩි )
Psychological counsellor

(උපුටා ගැනීම - Anisha Jayakody ෆේස්බුක් පිටුවෙන්...)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...