BREAKING
Top Ad
Life

B & S සහ R & S : 500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...

T

The Leader

February 27, 2021 • 9:24 AM

B & S සහ R & S : 500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල ලෝක යුද්ධයක් යනවා.
  •   ඔවුන් විසින් ඔස්කා සංවිධානය වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තියෙනවා.
  •   භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ගායකයන් විසින් තම නිර්මාණයක් අවසරයකින් තොරව ව්‍යාපාරික කටයුත්තකට  යොදාගෙන ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම ලිපිය යවා තියෙන්නේ.
  •   චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද එකී ගීතය ඔවුන් විසින් යොදාගෙන බරපතළ බුද්ධිමය දේපළ පැහැර ගැනීමක් සිදුකර ඇති බව R & S චෝදනා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ B & S  සහ R & S අතර.
 
B & S  කිව්වේ භාතිය සහ සන්තුෂ්ට.
 
R & S කිව්වේ ‍රෝහණ වීරසිංහට සහ සුනිල් ආරියරත්නට.
 
මේකයි කතන්දරේ.
 
R & S ගේ සිංදුවක් B & S  හොරෙන් අරන්ලු.
 
ඒකට රුපියල් මිලියනයක් B & S ගෙන් 
R & S වන්දි වශයෙන් ඉල්ලලා තියෙනවා.
 
මෙන්න මෙහෙමයි ඒ ගැන වාර්තා වෙලා තියෙන්නේ.
 
මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන මහත්වරුන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයේ ඔවුන් දරණ ධුරවලින් ඉල්ලා අස්වෙලා.
 
ඔවුන් විසින් ඔස්කා සංවිධානය වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තියෙනවා.
 
භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ගායකයන් විසින් තම නිර්මාණයක් අවසරයකින් තොරව ව්‍යාපාරික කටයුත්තකට  යොදාගෙන ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම ලිපිය යවා තියෙන්නේ.
 
චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද එකී ගීතය ඔවුන් විසින් යොදාගෙන බරපතළ බුද්ධිමය දේපළ පැහැර ගැනීමක් සිදුකර ඇති බව R & S චෝදනා කරනවා.
 
ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියනයක වන්දියක්ද ගෙවීමට භාතිය සන්තුෂ් එකග වුවත් මෙතෙක් එය ගෙවීමට කටයුතු කර නැතැයිද ලිපියේ සදහන් වෙනවා.
 
ඒ එක පැත්තක්.
 
දැන් අපි බලම. B & S මේ ගැන මොනවද කියන්නේ කියලා.
 
 B & S බොහොම ලස්සන පිළිතුරු ලිපියක් මේ සම්බන්ධයෙන් එවා තියෙනවා.
 
ඒක මෙහෙමයි.
 
"ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත…
 
අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටළුව පැන නැගුණා.
 
සර්, මිට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. 
 
නමුත් ඔබ දෙදෙනා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය වල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සදහන් කර තිබීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කරුණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. 
 
එම නිසා නැවත එම කතාවම කියන්නම්,
 

 
 • මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක චිත්‍රපට ගීතයක් තිබුණා. එය “ඇඩ්රස් නෑ” චිත්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලුම ගීත වල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාග පිළිබඳව එකඟවූ අතර, “ඇඩ්‍රස් නෑ” යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිලිබඳ තොරතුරු විමසුවා. 
 
එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා , මෙම ගීතය භාවිතා කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. 
 
මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ද නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍යනම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කල හැකි බවත් දන්වන්න කැමතියි.
 
 
 • ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. 
 
එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සහ කළේ ඔබ හමුවීමටයි. 
 
අප ඔබගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්චාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්චා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා.
 
 ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද ඔබ හමුවීමට උත්සහ කලත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබි ගියා.
 
 
 • සර්, මෙය අපටත් කණගාටුව සහ හිත් වේදනා ගෙනදෙන සුදුවීමක්. 
 
එල්ලවෙන චෝදනා වලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැව්ලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.
 
 
* • එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක මුදලක් එකවර ඉල්ලා සිටින විට, ආයතනික මට්ටමෙන් අපටද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතුවනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසදාගත යුතුවන්නේ, ඔබ පාර්ශවය සහ චිත්‍රපටි නිෂපදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.
 
 
• කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (60,000) බැගින්, රුපියල් එක් ලක්ෂ විසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂා කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම්දුන්නා.
 
 නමුත් යම් හෙයකින් ඔබ දෙපල මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප්‍රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. 
 
ඉහත කී කරුණ අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ ඔබ ගේ ලිපිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුල අප ගෙවීම් පැහැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කණගාටුවට කාරණයක්."
 
මේ කතා දෙකම ඇහුවම පාඨකයන්ට සුල මුල , ඇත්ත නැත්ත, හොර බොරු සේරම හොයාගන්න පුලුවන්.
 
මේ කතාව ඇහුවම පුංචි අතීත කතාවක් සිහිපත් වුණා. 
 
 
80 දශකයේ ජනප්‍රිය වුණු නන්දා මාලිනි ගේ " සත්‍යයේ ගීතය " ප්‍රසංගය අයිති මුදලාලි වුණේ S. ඒ කිව්වේ සුනිල් ආරියරත්න.
 
එහි සංගීතය මෙහෙයුවේ R හෙවත් රෝහණ වීරසිංහ.
 
තමන්ට  කරන ගෙවීම රුපියල් 500 දක්වා ඉහළ නංවන ලෙස එදා රෝහණ  ඉල්ලා සිටි විට සුනිල් කුණුහරුපයෙන් බැනලා රෝහණලා එලවා ගන්නවා 
 
අවුරුදු ගාණක් යනතුරු මේ දෙන්නා මූණ බලලා කතා කරන්නේවත් නෑ.
 
එදා රුපියල් 500 ක් නිසා විරසක වුණු  
R & S තමා අද B & S ගෙන් රුපියල් මිලියනයක් ගන්න එකතු වෙලා තියෙන්නේ.
 
කාලය මැවු වෙනසක අරුමේ!
 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...