BREAKING
Top Ad
Life

හොඳම සිනමාපටය ඇතුළු BAFTA සිනමා සම්මාන 4ක් Nomadland දිනයි

T

The Leader

April 12, 2021 • 10:20 AM

හොඳම සිනමාපටය ඇතුළු BAFTA සිනමා සම්මාන 4ක් Nomadland දිනයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා හා රූපවාහිනී කලා (Bafta) සම්මාන උලෙළේ හොඳම සිනමාපටය,
  •   ඒ අනුව, වසර 53ක ඉතිහාසයකට හිමිකම් කියන හොඳම අධ්‍යක්ෂණය සම්මාන කාණ්ඩය යටතේ එම සම්මානය දිනූ දෙවැනි අධ්‍යක්ෂවරිය ඇය වේ.
  •   74 වැනි වරට සංවිධානය කළ සම්මාන උලෙළ ඉකුත් දා වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැත්වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
හොඳම රංගන ශිල්පිනිය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණය යන ප්‍රමුඛ සම්මාන 4ක් දිනා ගැනීමට ක්ලෝයි සාඕගේ “Nomadland” චිත්‍රපටය සමත් විය.
 
ඒ අනුව, වසර 53ක ඉතිහාසයකට හිමිකම් කියන හොඳම අධ්‍යක්ෂණය සම්මාන කාණ්ඩය යටතේ එම සම්මානය දිනූ දෙවැනි අධ්‍යක්ෂවරිය ඇය වේ.
 
හොඳම රංගන ශිල්පිනිය ලෙස “Nomadland” සිනමාපටයේ රඟපෑ ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් සම්මාන දිනා ගත්තා ය. 
 
“The Father” සිනමාපටයේ රඟපෑ සර් ඇන්තනි හොප්කින්ස් හොඳම රංගන ශිල්පියා ලෙස එහිදී සම්මාන දිනා ගත්තේ හොඳම රංගනය වෙනුවෙන් සිය පළමු Bafta සම්මානය ලබා වසර 27කට පසුව වීම විශේෂත්වයකි. 
 
විශිෂ්ටතම බ්‍රිතාන්‍ය සිනමාපටය ලෙස Promising Young Woman ඇගයීමට පාත්‍ර විය.
 
74 වැනි වරට සංවිධානය කළ සම්මාන උලෙළ ඉකුත් දා වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැත්වුණි.
 
Bafta සම්මාන උලෙළේ සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
 
 
හොඳම සිනමාපටය : Nomadland
විශිෂ්ටතම බ්‍රිතාන්‍ය සිනමාපටය : Promising Young Woman
හොඳම රංගන ශිල්පිනිය : Frances McDormand - Nomadland
හොඳම රංගන ශිල්පියා : Sir Anthony Hopkins - The Father
හොඳම සහය රංගන ශිල්පිනිය : Yuh-Jung Youn - Minari
හොඳම සහය රංගන ශිල්පියා : Daniel Kaluuya - Judas and the Black Messiah
හොඳම අධ්‍යක්ෂණය : Chloé Zhao -Nomadland 
නැගී එන තරුව (මහජන ඡන්දයෙන්) : Bukky Bakray
බ්‍රිතාන්‍ය තිර රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක්ගේ විශිෂ්ටතම කුළුඳුල් සිනමාපටය : His House - Remi Weekes (තිර රචක/අධ්‍යක්ෂ)
හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය (ඉංග්‍රීසි නොවන): Another Round
හොඳම වාර්තා චිත්‍රපටය : My Octopus Teacher
හොඳම සජීවිකරණ චිත්‍රපටය : Soul
හොඳම මුල් තිරපිටපත : Emerald Fennell - Promising Young Woman 
හොඳම අනුවර්තිත තිරපිටපත : Christopher Hampton, Florian Zeller - The Father 
හොඳම සංගීත අධ්‍යක්ෂණය : Jon Batiste, Trent Reznor, Atticus Ross - Soul 
හොඳම කැමරා අධ්‍යක්ෂණය : Joshua James Richards -Nomadland 
හොඳම ඇඳුම් නිර්මාණය : Ann Roth- Ma Rainey's Black Bottom 
හොඳම සංස්කරණය : Mikkel EG Nielsen - Sound of Metal 
හොඳම නිෂ්පාදන සැලසුම : Donald Graham Burt, Jan Pascale - Mank 
හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් : Matiki Anoff, Larry M Cherry, Sergio Lopez-Rivera, Mia Neal - Ma Rainey's Black Bottom 
හොඳම ශබ්ද සැලසුම් : Jamie Baksht, Nicolas Becker, Phillip Bladh, Carlos Cortes, Michelle Couttolenc - Sound of Metal 
හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග : Scott Fisher, Andrew Jackson, Andrew Lockley - Tenet 
හොඳම කෙටි චිත්‍රපටය : The Present
හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය : The Owl and the Pussycat
සිනමාව උදෙසා කැපී පෙනෙන දායකත්වය : Noel Clarke
 
 
(අවාරා)

 

 

 


 

THE LEADER TV

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...