BREAKING
Top Ad
Life

'බේකරියේ' ගැබක හිස්කමක අවකාශය

T

The Leader

February 4, 2022 • 5:27 AM

'බේකරියේ' ගැබක හිස්කමක අවකාශය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බේකරිය අවකාශය සමාජ, සංස්කෘතික හා කලා අවකාශයේ පවත්වාගෙන යන කලාත්මක, සංස්කෘතික හා දේශපාලන සංස්ථාවක්. බේකරිය අවකාශයට මේ
  • සාම්ප්‍රදායික සංගීත කලාවෙන් ඔබ්බට ගිය විකල්ප ධාරාවේ සංගීත කලාවේ උත්සාහයක් බේකරිය අවකාශයේ වින්දනයට ලක් වූ බව දකින්න පුළුවන්.
  • සාමාන්‍ය ජීවන විලාශයෙන් පිට ජීවන විලාශයක් ශ්‍රී ලංකාව වැනි රටක නිර්මාණය වී නැති බවයි බේකරියේ කට්ටියගේ අදහස.
  • ඇත්ත සමාජ, සංස්කෘතික, දේශපාලනික ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා වෙනුවට සින්තටික් ප්‍රශ්න ගැන හිතන සංස්කෘතියකට හුරු වී ඇති වටපිටාවක බේකරිය අවකාශය විදිහට ඒ සාම්ප්‍රදායික සංස්කෘතිය වෙනස් වෙන්න ඕන කියලා හිතනවා කියලා ඔවුන් කියන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වන විට වසර පහළොවක් වැනි දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. සාම්ප්‍රදායික සංගීත කලාවෙන් ඔබ්බට ගිය විකල්ප ධාරාවේ සංගීත කලාවේ උත්සාහයක් බේකරිය අවකාශයේ වින්දනයට ලක් වූ බව දකින්න පුළුවන්. චින්තක ගීත්දේව වැනි අයගේ නිර්මාණ, DOWN TOWN SOUTH වැනි සංගීත ප්‍රසංග එවැනි රැල්ලෙන් ඔබ්බට ගිය විකල්ප ධාරාවේ සංගීත නිර්මාණ අතර පවතිනවා.

බේකරිය අවකාශය කියන්නේ එක්තරා විදියක උප සංස්කෘතියක්. සාමාන්‍ය ජීවන විලාශයෙන් පිට ජීවන විලාශයක් ශ්‍රී ලංකාව වැනි රටක නිර්මාණය වී නැති බවයි බේකරියේ කට්ටියගේ අදහස. ඇත්ත සමාජ, සංස්කෘතික, දේශපාලනික ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා වෙනුවට සින්තටික් ප්‍රශ්න ගැන හිතන සංස්කෘතියකට හුරු වී ඇති වටපිටාවක බේකරිය අවකාශය විදිහට ඒ සාම්ප්‍රදායික සංස්කෘතිය වෙනස් වෙන්න ඕන කියලා හිතනවා කියලා ඔවුන් කියන්නේ.

272133609 1109046872992790 8818302043250575233 n

 

ඒ අනුව බේකරිය අවකාශයේ පිරිස විසින් සංවිධානය කරන '' ගැබක හිස්කමක අවකාශය'' - විස්ථාපන කලා ප්‍රදර්ශනය සහ බේකරිය කලා අවකාශය වැඩසටහන පෙබරවාරි 04 වැනිදා සවස 5.00ට ආරම්භ කෙරෙනවා. එහිදී මුළු මාසය පුරාවට චිත්‍ර ප්‍රදර්ශයනයක් පැවැත්වීමට නියමිතයි. එය 4 වැනිදාම ආරම්භ කෙරෙනවා. එම මාසය පුරාම සිකුරාදා දිනයන්වල සංගීත වැඩසටහන් පැවැත්වෙනවා. එහි HAPPY JOURNEY සංගීත කණ්ඩායම වාදනය කෙරෙනවා. සෙනසුරාදා දිනයන්වල වේදිකා නාට්‍ය සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඒවා විචාරය ලක් කිරීමට ද නියමිතයි.



මේ වැඩසටහන මහල්වරාව බේකරිය අවකාශයේ පෙබරවාරි මාසය පුරා පැවැත්වීමට නියමිත අතර මීට සහභාගී වන ලෙස 'බේකරිය කට්ටිය' විවෘත ආරාධනාවකුත් කරනවා.

 
dinamina.lk
 
 
 
 
සබැඳි පුවත්
 
 
 
 
Leader Whats app
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...