BREAKING
Top Ad
Life

Barbie චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්

T

The Leader

July 26, 2023 • 2:06 AM

Barbie චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාර්බි (Barbie) චිත්‍රපටය එක්සත් ජනපදය සහ කැනඩාව තුළ මෙවසරේ මෙතෙක් නිකුත්වූ සාර්ථක ම චිත්‍රපටය බවට පත්ව ඇති බව එහි
  • එය එහි ආරම්භක සති අන්තයේ ඩොලර් මිලියන 155ක ආදායමක් උපයා ඇතැ යි ඇස්තමේන්තුගත බව එම සමාගම සඳහන් කළේ ය.
  • ඒ සමගම සිකුරාදා (ජූලි 22) නිකුත් කරන ලද තවත් නව චිත්‍රපටයක් වන ඕපන්හයිමර් (Oppenheimer) එක්සත් ජනපදය තුළ ඩොලර් මිලියන 93.7ක ආදායමක් උපයා ඇති බව යුනිවර්සල් පික්චර්ස් පැවසීය.
  • මෙම වෘතාන්ත චිත්‍රපට නිකුත් වන්නේ, ස්ට්‍රීමින්ග් සේවා සමග ඇති තරගයෙන් පරාජය වෙමින් සිටින සාමාන්‍ය සිනමාහල් අරගල කරන කාල වකවානුවක ය.
අකුරු ප්‍රමාණය (Font Size):

බෙදාහරින්නා වන වෝර්නර් බ්‍රදර්ස් සමාගම පැවසීය.

එය එහි ආරම්භක සති අන්තයේ ඩොලර් මිලියන 155ක ආදායමක් උපයා ඇතැ යි ඇස්තමේන්තුගත බව එම සමාගම සඳහන් කළේ ය.

ඒ සමගම සිකුරාදා (ජූලි 22) නිකුත් කරන ලද තවත් නව චිත්‍රපටයක් වන ඕපන්හයිමර් (Oppenheimer) එක්සත් ජනපදය තුළ ඩොලර් මිලියන 93.7ක ආදායමක් උපයා ඇති බව යුනිවර්සල් පික්චර්ස් පැවසීය.

මෙම වෘතාන්ත චිත්‍රපට නිකුත් වන්නේ, ස්ට්‍රීමින්ග් සේවා සමග ඇති තරගයෙන් පරාජය වෙමින් සිටින සාමාන්‍ය සිනමාහල් අරගල කරන කාල වකවානුවක ය.

මේ අතර, එක්සත් රාජධානියේ, වීව් (Vue) සමාගම පැවසුවේ, වසර හතරකට පසු එහි සිනමාශාලා දාමයේ කාර්යයබහුලම සති අන්තය අත්විඳීමට මෙම චිත්‍රපට ද්විත්වය ම හේතු වූ බව ය.

230721143531 01 barbie opening weekend fan fashion restricted

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය පුරා සිනමා ශාලා 91ක් ඇති වීව් සමාගම, වසර හතරකට පසු එහි සාර්ථක ම සති අන්තය සහ ප්‍රේක්ෂකයින් ගණන අනුව ඉතිහාසයේ දෙවන සාර්ථක ම සති අන්තය අත්වින්දේ, 2023 වසරේ සාර්ථක ම චිත්‍රපටය බවට පත් වීමට සඳහා Super Mario Bros චිත්‍රපටය අභිබවා ඉඩහසර සකසා ගනිමින් සිටින අධ්‍යක්ෂක ග්‍රේටා ගර්විග්ගේ බාර්බි (Barbie) චිත්‍රපටය හේතුවෙන් බව එම සමාගම ප්‍රකාශ කළේ ය.

මෙම චිත්‍රපට ද්විත්වය මිලියන භාගයක ප්‍රේක්ෂක පිරිසක් වීව් සිනමා ශාලා වෙත ගෙන ආවේ, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය පුරා නැරඹුම් වාර 4,000ක් වෙනුවෙන් වූ ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන් ම අලෙවි කරමින් බව එම සමාගම පැවසීය.

wallpapersden.com oppenheimer movie wxl

කිලියන් මර්ෆි ප්‍රධාන චරිතය රඟ දක්වන, ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඕපන්හයිමර් චිත්‍රපටයේ කතා වස්තුව ප්‍රථම පරමාණු බෝම්බය නිපදවීම වටා ගෙතී ඇත.

බාර්බි චිත්‍රපටයෙන් ගෙනහැර පාන්නේ, තම අනන්‍යතාව සොයා යන, තනි පැවැත්ම තහවුරුකර ගැනීමට තම මිතුරා කෙන් දිරිමත් කරන ළමා චරිතයක් වැඩිවියට පත් වීමේ කතාවකි.

මෙම චිත්‍රපට ද්විත්වය ම සිකුරාදා (ජූලි 22) නිකුත් වූ අතර, ඒ අතර ඇති තරගය සමාජ මාධ්‍ය තුළ 'බාබන්හයිමර්' (Barbenheimer) ලෙස හඳුන්වයි.

මාර්ගෝ රොබී සහ රයන් ගොස්ලින් රංගනයෙන් දායක වන බාර්බි චිත්‍රපටය, ප්‍රවේශපත්‍ර අලෙවිය අතිසාර්ථක චිත්‍රපටයක් වූ Super Mario Brosහි ආරම්භක සති අන්තයේ ප්‍රවේශපත්‍ර අලෙවිය අභිබවා ගොස් ඇත.

ලොව පුරා, බාර්බි චිත්‍රපටයේ මංගල දර්ශනය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 337කි.

ට්විටර්හි එක් පරිශීලකයෙකු පැවසුවේ, චිත්‍රපටයක් නැවත නැරඹීමට සිනමාහලක් වෙත යාමට හැඟුනේ මින් වසර ගණනාවකට පෙර වුව ද, බාර්බි චිත්‍රපටය නිසාවෙන් ඇය එසේ ගිය බව ය. එය "වසර ගණනාවක් පුරාවට සදාකාලික විශිෂ්ට නිර්මාණයක් ලෙස පවතීවි - අදහස් ඇත්තට ම සදාකාලිකයි," ඇය පැවසුවා ය.

එක්සත් රාජධානියේ ඕඩියන් (Odeon) සිනමා සමාගම පැවසුවේ, චිත්‍රපටය නිකුත් කිරීමටත් පෙර ප්‍රවේශපත් 200,000කට වඩා මිල දී ගෙන තිබුණු බව යි. ආරම්භක සති අන්තයේදී චිත්‍රපට නරඹන්නන් 10,000ක් පමණ බාර්බි සහ ඕපන්හයිමර් යන චිත්‍රපට දෙක ම නැරඹීමට අපේක්ෂා කළ බව ද එය පැවසීය.

මේ අතර, බාර්බි චිත්‍රපටය නිකුත් කිරීමට පෙර ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම් "මේ වසරේ නිකුත් කරන ලද අනෙක් ඕනෑ ම බ්ලොක්බස්ටර් චිත්‍රපටයකට වඩා ඉහළ අගයක පැවති" බව බ්‍රිතාන්‍යයේ වීව් සිනමා සමාගම් සිකුරාදා වාර්තා කළේ ය. වසංගතයෙන් පසු සිකුරාදා දිනක පැමිණි ඉහළ ම ප්‍රේක්ෂකයින් ගණන පැමිණියේ පසුගිය සිකුරාදා දිනයේ (ජූලි 22) වන අතර එය ඔවුන්ගේ සිනමා ශාලාවල තුන්වන සාර්ථක ම සිකුරාදාව විය.



යුනිවර්සල් පික්චර්ස් පැවසුවේ, ඔපන්හයිමර් සිකුරාදා සිට එක්සත් රාජධානිය සහ අයර්ලන්තය පුරා පවුම් මිලියන 8.05ක ආදායමක් උපයා ඇති බව ය.

ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ අනෙකුත් බ්ලොක්බස්ටර් චිත්‍රපට වන, අභ්‍යවකාශ තේමාවෙන් යුත් 'ඉන්ටර්ස්ටෙලර්', යුද්ධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන 'ඩන්කර්ක්' සහ විද්‍යා ප්‍රබන්ධයක් වූ 'ඉන්සෙප්ෂන්' යන චිත්‍රපටවලට වඩා ඕපන්හයිමර් එහි පළමු දින තුන ඉහළ අදායමක් උපයනු ඇතැ යි පුරෝකථනය කර තිබුණු බව එම සමාගම තවදුරට ත් සඳහන් කළේ ය.

Life

Emily Blunt, Cillian Murphy සහ Florence Pugh නළු නිළියන් Oppenheimer සිනමාපටයේ මංගල දර්ශනයේ දී

ජූලි මස මුලදී, හොලිවුඩ් චිත්‍රපට සෑදීම සහ ඒවා රචනා කිරීම කෘත්‍රිම බුද්ධිය විසින් ආක්‍රමණය කරනු ලැබීම ඇතුළු මැසිවිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩ වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් නළු නිළියන් ඕපන්හයිමර්හි මංගල දර්ශනය අවසන් වීමට ප්‍රථම සිනමා ශාලාවෙන් පිටව ගියහ.

මෙම චිත්‍රපටය ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඩොලර් මිලියන 93.7ක ආදායමක් උපයා ඇති අතර, ඒ අනුව එය ගෝලීය වශයෙන් ලද මුළු අදායම ඩොලර් මිලියන 174.2ක් දක්වා ඉහළ යන බව යුනිවර්සල් පික්චර්ස් වැඩිදුරට ත් පැවසීය.

BBC සිංහල සේවය


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...