BREAKING
Top Ad
Life

ඉන්දීය නිළියක් වසර 5කට පසු ලිංගික හිංසන සිදුවීමක් ගැන හඬ අවදි කරයි

T

The Leader

March 8, 2022 • 7:05 AM

ඉන්දීය නිළියක් වසර 5කට පසු ලිංගික හිංසන සිදුවීමක් ගැන හඬ අවදි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2017 වසරේ දී බලෙන් පැහැරගැනීමකට සහ ලිංගික හිංසනයකට මුහුණ දුන් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි භාවනා මෙනන් වසර 5කට පසු
  • "වින්දිතයකුගේ සිට දිවි රැක ගත්තකු දක්වා තමන් පැමිණි ගමන ලෙහෙසි එකක් නොවුණු," බවයි ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ඔස්සේ පළ කර තිබූ පෝස්ටුවක සඳහන් වුණේ.
  • දකුණු ඉන්දීය සිනමාපට 80කට වැඩි සංඛ්‍යාවක් සඳහා රංගන දායකත්වය සපයා ඇති, සම්මාන රැසක් දිනූ මෙනන්ට, මීට වසර 5කට පෙර ඉන්දියාවේ ත්‍රිස්සුර් සිට කොච්චි දක්වා ගමන් කරමින් සිටිය දී පුද්ගලයින් කණ්ඩායමක් විසින් ලිංගික අඩන්තේට්ටම් සිදු කර තිබුණි.
  • මෙම නඩුව මේ වනවිටත් අධිකරණයක විභාග වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සිදුවීම ගැන හඬ අවදි කර තිබෙනවා.

"වින්දිතයකුගේ සිට දිවි රැක ගත්තකු දක්වා තමන් පැමිණි ගමන ලෙහෙසි එකක් නොවුණු," බවයි ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ඔස්සේ පළ කර තිබූ පෝස්ටුවක සඳහන් වුණේ.

දකුණු ඉන්දීය සිනමාපට 80කට වැඩි සංඛ්‍යාවක් සඳහා රංගන දායකත්වය සපයා ඇති, සම්මාන රැසක් දිනූ මෙනන්ට, මීට වසර 5කට පෙර ඉන්දියාවේ ත්‍රිස්සුර් සිට කොච්චි දක්වා ගමන් කරමින් සිටිය දී පුද්ගලයින් කණ්ඩායමක් විසින් ලිංගික අඩන්තේට්ටම් සිදු කර තිබුණි.

 

 123584290 14k dileep2

මලයාලම් සිනමාවේ ප්‍රකට තරුවක් මෙන්ම ඇය සමඟ සිනමාපට විශාල ප්‍රමාණයක රඟ දැක්වූ දිලිප්, මෙම ලිංගික හිංසන සිදුවීමට චූදිතයෙක් වූ අතර ඔහුට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණ චෝදනා ද එල්ල වීය.

තමන්ට එරෙහි චෝදනා දිලිප් ප්‍රතික්ෂේප කළ නමුත් අත්අඩංගුවට පත්වූ ඔහු ඇප මත නිදහස් වීමට පෙර මාස තුනක කාලයක් සිර දඬුවම් වින්දේ ය. මෙම නඩුව මේ වනවිටත් අධිකරණයක විභාග වෙමින් තිබේ.

"වින්දිතයෙක් විදියට ඉඳලා ගොඩ ආපු කෙනෙක් විදියට මේක ලේසි ගමනක් වුණේ නැහැ. අපරාධය කළේ මම නොවුණත් මට නින්දා කරන්න, නිහඬ කරන්න, මා හුදෙකලා කරන්න උත්සාහ කළා. ඒ වගේ අවස්ථාවලදී මට හයියක් වුණ අය හිටියා. දැන් මං වෙනුවෙන් හඬ නගන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඉද්දි, යුක්තිය බලාපොරොත්තු වෙන මේ සටනේ මම තනියෙන් නෙවෙයි කියලා මම දන්නවා.”

 

alsk

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...