BREAKING
Top Ad
Life

මෙවර බිග්බොස් රියැලිටියට ලංකාවෙන් දෙන්නෙක්

T

The Leader

October 31, 2022 • 12:37 AM

මෙවර බිග්බොස් රියැලිටියට ලංකාවෙන් දෙන්නෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීන ඉන්දීය රංගන ශිල්පී කමල් හසන් විසින් මෙහෙයවන ''බිග්බොස්'' දමිල රියැලිටි වැඩසටහනේ හය වැනි අදියර ඉකුත් ඔක්තෝබර් 9 වැනි දින
  •   තරගකරුවන් 20 දෙනකුගෙන් සමන්විත මෙවර වැඩසටහනට ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ද තරග වැදීම විශේෂත්වයක්.
  •   22 හැවිරිදි වියේ පසුවන ජනනි ගේ උපන් ගම යාපනය යි.
  • ඇය IBC දමිළ රුපවාහිනී සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කර ඇති අතර වෙළඳ දැන්වීම් නිරූපන ශිල්පිනියක ලෙස ද කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්කර්ෂවත් අයුරින් ආරම්භ කරනු ලැබීය.

 

Bigg Boss Tamil 6 launch 1200


තරගකරුවන් 20 දෙනකුගෙන් සමන්විත මෙවර වැඩසටහනට ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ද තරග වැදීම විශේෂත්වයක්.

 

එම තරගකරුවන් දෙදෙනා වන්නේ දමිළ නිවේදිකාවක් වන ජනනි කුණසීලන් සහ මෙරට ජනප්‍රිය දමිළ ගායකයෙක් වන ආර්යන් දිනේෂ් කනගරත්නම් ය.

janany kunaseelan biography age family wiki and more 6343bb9ee6cb9 1665383326

 

22 හැවිරිදි වියේ පසුවන ජනනි ගේ උපන් ගම යාපනය යි. ඇය IBC දමිළ රුපවාහිනී සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කර ඇති අතර වෙළඳ දැන්වීම් නිරූපන ශිල්පිනියක ලෙස ද කටයුතු කරයි.

 


41 හැවිරිදි වියේ පසුවන දිනේෂ් කනගරත්නම්(ADK), මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ සුරංගනී ගීතයේ නව නිෂ්පාදනයත් සමග ය. ඔහු සංගීත නිෂ්පාදකයෙක් ලෙස ද කටයුතු කරයි.

 

 

 

ජනනි ඉදිරියෙන් 

 

බිග්බොස් හවුස් හි දින 100ක කාලයක් පවත්වන මෙම තරගාවලියේ මේ වනවිට තුන්වැනි සතිය ගෙවී ගොස් ඇති අතර ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා වනවිට ලැබුණු ප්‍රේක්ෂක මනාප අනුව ජනනි ඉදිරියෙන් පසුවන බව ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.  

 


සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇය මේ වනවිට ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයක් අත්කරගනිමින් සිටින්නී ය.

 

Actress Losliya Mariyanesan Latest Photos 2

 

ශ්‍රී ලංකික රංගන ශිල්පිනියක වන ලොස්ලියා මරියනේෂන් ද ජනප්‍රිය වූයේ ''බිග්බොස්'' රියලිටි වැඩසටහනේ තුන්වැනි අදියරට සම්බන්ධ වීමෙන් පසු ය.

 

සිරස මාධ්‍ය ජාලයේ ශක්ති රුපවාහිනි සේවයේ නිවේදිකාවක් ලෙස සිය වෘත්තීය ආරම්භ කළ ලොස්ලියා ''බිග්බොස්'' වැඩසටහනෙන් ලද ජනප්‍රියත්වයෙන් පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසියා ය. ඇයගේ ප්‍රථම සිනමා රංගනය සිදු කළේ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං සමඟිනි.


අභියෝග ජය ගනිමින් දින 100ක් බිග්බොස් හවුස් හි රැඳී සිටීමට හැකිවන තරගකරුට ''බිග්බොස්'' දමිල රියලිටියේ ජය හිමිවනු ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...