BREAKING
Top Ad
Life

ඝන පිළිකා මර්දනයට නව මඟක්: CAR-T ප්‍රතිකාරයේ විප්ලවීය වෙනසක් අත්හදා බලයි

T

The Leader

August 19, 2026 • 1:32 AM

ඝන පිළිකා මර්දනයට නව මඟක්: CAR-T ප්‍රතිකාරයේ විප්ලවීය වෙනසක් අත්හදා බලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පිළිකා සෛල හඳුනා ගැනීමට අලුත් උපාය මාර්ගයක්: අල්ට්‍රා සවුන්ඩ් තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිකාරයේ සාර්ථකත්වය ඉහළට
  • පිළිකා මර්දන ක්ෂේත්‍රයේ දශකයකට අධික කාලයක් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති 'CAR-T' සෛල ප්‍රතිකාරය, මේ වන විට ඝන පිළිකා (Solid Tumors) සඳහා ද භාවිතා කළ හැකි නව තාක්ෂණික මට්ටමකට වර්ධනය වෙමින් පවතී.
  • අමෙරිකාවේ USC Viterbi ඉංජිනේරු විද්‍යා විද්‍යාලයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දී ඇති මෙම නව්‍ය ක්‍රමවේදය, පිළිකා ප්‍රතිකාර සඳහා නව බලාපොරොත්තු දල්වා තිබේ.
  • කෙසේ වෙතත්, මෙය තවමත් විද්‍යාගාර සහ සත්ව ආදර්ශ (Animal Models) මත පමණක් සිදු කර ඇති පර්යේෂණයක් වන අතර, මිනිසුන් සඳහා මෙම ප්‍රතිකාරය යොදා ගැනීමට පෙර ජයගත යුතු අභියෝග රැසක් පවතින බව පර්යේෂකයන් අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*පර්යේෂණාත්මක මට්ටමේ පවතින මෙම නව ප්‍රවේශය, ඉදිරියේදී සායනික ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි විද්වතුන් පෙන්වා දෙයි.


පිළිකා මර්දන ක්ෂේත්‍රයේ දශකයකට අධික කාලයක් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති 'CAR-T' සෛල ප්‍රතිකාරය, මේ වන විට ඝන පිළිකා (Solid Tumors) සඳහා ද භාවිතා කළ හැකි නව තාක්ෂණික මට්ටමකට වර්ධනය වෙමින් පවතී. අමෙරිකාවේ USC Viterbi ඉංජිනේරු විද්‍යා විද්‍යාලයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දී ඇති මෙම නව්‍ය ක්‍රමවේදය, පිළිකා ප්‍රතිකාර සඳහා නව බලාපොරොත්තු දල්වා තිබේ.

නව තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය

සාමාන්‍යයෙන් CAR-T ප්‍රතිකාරය මගින් රෝගියාගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ T-සෛල උත්තේජනය කර පිළිකා සෛල විනාශ කිරීමට සැලැස්වීම සිදු කෙරේ. කෙසේ වෙතත්, ඝන පිළිකා වර්ධනය වන විට ඒවාටම ආවේණික වූ නිශ්චිත ඉලක්කයක් (Target) නොමැති වීම මෙම ප්‍රතිකාරය බාධාවක්ව පැවතිනි.

laboratary medicine

පර්යේෂකයන් විසින් හඳුන්වා දී ඇති 'SHIFTERS' නම් මෙම නව ප්‍රවේශය මගින්, අල්ට්‍රා සවුන්ඩ් (Focused Ultrasound) තරංග භාවිතයෙන් ඝන පිළිකා සෛල මත තාවකාලික හඳුනාගැනීමේ ලකුණක් (Marker) පිහිටුවීම සිදු කරයි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂක සහ ආචාර්ය උපාධි අපේක්ෂක ටියෑන්ෂේ ගෝ (Tianze Guo) පවසන්නේ, පිළිකා සෛල තුළ පවතින අඩු ඔක්සිජන් තත්ත්වය වැනි සංඥා හඳුනා ගනිමින්, වෛද්‍යවරයා ඉලක්ක කරන ස්ථානයට පමණක් මෙම සුවිශේෂී සලකුණ පෙන්වීමට සැලැස්වීම මෙම ක්‍රමයේ මූලික පියවර බවයි. එමගින් CAR-T සෛලවලට පිළිකා ස්ථානය සාර්ථකව හඳුනාගෙන ප්‍රහාරය එල්ල කළ හැකිය.

පර්යේෂණාත්මක සාර්ථකත්වය සහ ඉදිරි පියවර

මූලික අත්හදා බැලීම්වලදී මෙම ක්‍රමය මගින් පිළිකා සෛල විශාල වශයෙන් හැකිලී ගිය බවත්, පිළිකා පටකවලින් 10% - 25%ක ප්‍රමාණයක් මෙම ක්‍රමයට ලක් කිරීමෙන් වුවද ඉතිරි සෛල ද විනාශ කර දැමීමට ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ බලයක් උත්පාදනය වූ බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙය තවමත් විද්‍යාගාර සහ සත්ව ආදර්ශ (Animal Models) මත පමණක් සිදු කර ඇති පර්යේෂණයක් වන අතර, මිනිසුන් සඳහා මෙම ප්‍රතිකාරය යොදා ගැනීමට පෙර ජයගත යුතු අභියෝග රැසක් පවතින බව පර්යේෂකයන් අවධාරණය කරයි. විශේෂයෙන්ම, මෙම ජානමය වැඩසටහන (Genetic Program) පිළිකා සෛල වෙත නිවැරදිව ප්‍රවාහනය කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් (Lipid nanoparticles හෝ Modified viruses) සකස් කර ගැනීම දැනට පවතින ප්‍රධානතම අභියෝගයයි.

cancer

පර්යේෂණ කණ්ඩායම නිකුත් කළ වාර්තාවන්ට අනුව, මෙම තාක්ෂණය සායනික මට්ටමින් භාවිතයට ගැනීමට තවත් වසර ගණනාවක් පර්යේෂණ සහ මූල්‍ය අනුග්‍රහයන් අවශ්‍ය වේ.


මුලාශ්‍රය :

Major Cancer Breakthrough Could Help More Patients Than Previously Thought
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...