The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ප්‍රතික්ෂේපයෙන් නොකැළඹී ක්ලැරන්ස්, ප්‍රතිනිර්මාණය කළ 'කිරි මුහුද කළඹාලා'

T

The Leader Desk

October 13, 2022 • 4:14 AM

ප්‍රතික්ෂේපයෙන් නොකැළඹී ක්ලැරන්ස්, ප්‍රතිනිර්මාණය කළ 'කිරි මුහුද කළඹාලා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එම ගීතය ලියූවේ ගීත ලොවේ ඔහුට නැගී සිටීමට මහත්සේ උපකාර කල විජය කොරයා මහතාට උපහාරයක් ලෙස විජය කොරයා මහතාගේ විරාන් පුතු ඉපදුනු වෙලාවේදීය.
  • එහෙත් බලාපොරොත්තු නොවූ පරිදි විජය කොරයා මහතා ක්ලැරන්ස්ගෙන් ඉල්ලා සිටියේ එම ගීතය කිසිදා ප්‍රචාරය නොකරන ලෙසය.
  • මන්ද ගීතයෙහි විරාන් නම ඇතුලත්ව තිබීම නිසාය.
  • ක්ලැරන්ස් ඒ මොහොතේම ආපසු ස්ටූඩියෝ එකට ගොස් විරාන් නම ඇතුලත් පලමු verse එක පමණක් වෙනස්කොට කිරි මුහුද කළඹාලා ලෙස යලි පටිගත කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එම ගීතය ලියූවේ ගීත ලොවේ ඔහුට නැගී සිටීමට මහත්සේ උපකාර කල විජය කොරයා මහතාට උපහාරයක් ලෙස විජය කොරයා මහතාගේ විරාන් පුතු ඉපදුනු වෙලාවේදීය.

ක්ලැරන්ස් මෙම ගීතය පටිගත කරගෙන කොරයා මහතා වෙත පැමිණ කැසට් පටය ඔහු අත තැබීය. එහෙත් බලාපොරොත්තු නොවූ පරිදි විජය කොරයා මහතා ක්ලැරන්ස්ගෙන් ඉල්ලා සිටියේ එම ගීතය කිසිදා ප්‍රචාරය නොකරන ලෙසය.

මන්ද ගීතයෙහි විරාන් නම ඇතුලත්ව තිබීම නිසාය.

ක්ලැරන්ස්ගේ ඩිල්හානි ගීතය ප්‍රචාරය වීමෙන් අනතුරුව හැම තැනම ඩිල්හානිලා මතුවිය. ඩිල්හානි මෝටර්ස්, ඩිල්හානි මාළු වෙළෙඳ සැල, ඩිල්හානි සැලොන් ආදී වශයෙන්.

විජය කොරයා මහතා බියවූයේ විරාන්ටත් එම ඉරණමම අත්වේය කියාය.

ක්ලැරන්ස් ඒ මොහොතේම ආපසු ස්ටූඩියෝ එකට ගොස් විරාන් නම ඇතුලත් පලමු verse එක පමණක් වෙනස්කොට කිරි මුහුද කළඹාලා ලෙස යලි පටිගත කරන ලදී.

අවුරුදු පනහකට පෙර බිහිවූ එම මුල් ගීතය කිසිදා ගුවන්විදුලියෙන් හෝ වෙනයම් මාධ්‍යයකින් හෝ ප්‍රචාරය නොවින.

එහෙත් 2022 ඔක්තෝබර් 08 එම මුල් ගීතය ඉතිහාසයේ පලමුවරටත් අවසාන වරටත් ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීමට විජය කොරයා මහතා අවසර දුනි. ඔබ කිසිදා නොඇසූ ඒ දුර්ලභ ගීතය මෙන්න.

 

මේ තැටියට නැංවූ "කිරි මූද කළඹාලා " ගීතය යි. මේ ගීතය නිකුත් කළේ විජය කොරයාට අයත් " වික්ටරි" ලේබලයෙනි.


 



(මුහුණු පොතෙන් උපුටා ගැනිණ )
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රතික්ෂේපයෙන් නොකැළඹී ක්ලැරන්ස්, ප්‍රතිනිර්මාණය කළ 'කිරි මුහුද කළඹාලා' | The Leader