BREAKING
Top Ad
Life

ලංකාගේ 'මහසෝනා' මෙවර කාන් සිනමා උලෙළට

T

The Leader

June 6, 2021 • 6:16 AM

ලංකාගේ 'මහසෝනා' මෙවර කාන් සිනමා උලෙළට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන ලංකා බණ්ඩාරනායකගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය "මහසෝනා" ප්‍රංශයේ කාන් සිනමා උලෙළේ කෙටි චිත්‍රපට අංශයට සුදුසුකම් ලබා තිබෙනවා.
  •      "මගේ අලුත් කෙටි චිත්‍රපටය "මහසෝනා" මෙවර ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ "කාන් කෝනර්" අංශයට තේරී ඇත.
  • නිර්මාණයේ සාර්ථකත්වයට උරදුන්, අනේක විද කැපකිරීම් කළ සියලුම ශිල්පීන්ට මගේ හදපිරි ස්තූතිය සහ ආදරය..." යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන අදහස් පළ කරමින් ඇය කියා තිබුණා ය.
  •       74 වැනි කාන්ස් සිනමා උලෙළ ජූලි 6 වැනිදා සිට ජූලි 17 වැනිදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 තරගකාරී නොවන අංශයෙන් ඉදිරිපත් කර ඇති "මහසෝනා" ඇයගේ තෙවැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වේ. සම්ප්‍රදාය (Tradition) සහ උරුමය (Inheritance) ඇය මින්පෙර නිර්මාණය කළ කෙටි චිත්‍රපට වේ.   
 
"මගේ අලුත් කෙටි චිත්‍රපටය "මහසෝනා" මෙවර ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ "කාන් කෝනර්" අංශයට තේරී ඇත. නිර්මාණයේ සාර්ථකත්වයට උරදුන්, අනේක විද කැපකිරීම් කළ සියලුම ශිල්පීන්ට මගේ හදපිරි ස්තූතිය සහ ආදරය..." යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන අදහස් පළ කරමින් ඇය කියා තිබුණා ය.
 
හේසර රන්මිණ කපුගේ, නිස්මන් රණසිංහ, අසංක සායක්කාර, අමරදාස පෙරේරා, කුමුදු කුමාරසිංහ, අමිල කොඩිතුවක්කු සහ චමල් රණසිංහ (සීයාගේ හඬ) රංගන දායකත්වය සපයා ඇති මෙම කෙටි චිත්‍රපටයේ තිර රචනය රන්සිරි පෙරේරා සහ ලංකා බණ්ඩාරනායක විසිනි. 
 
"මහසෝනා" හි කැමරා අධ්‍යක්ෂණය චානක විජයමුනිගේ, සංස්කරණය සහ හඬ සැලසුම්කරණය නන්ද නන්දි ජයකොඩි, අංග රචනය ප්‍රේම්ජයන්ත කපුගේ, කලා අධ්‍යක්ෂණය ලක්මා වීරසේකර, සහය අධ්‍යක්ෂණය චතුරංගි රසිකලා පතිරගේ, නිෂ්පාදන කළමනාකරණය හිමාශි මොරිස්, විශේෂ ප්‍රයෝග අකිල වනිගරත්න, වර්ණ ශ්‍රේණිගත කිරීම් ලහිරු මධුශංක, උපසිරසි උපාලි අමරසිංහ, නිශ්චල ඡායාරූප ධනුෂ්ක විජේසූරිය විසින් සිදු කර ඇති අතර ලංකා බණ්ඩාරනායකගේ නිෂ්පාදනය කි.  
 
 
74 වැනි කාන්ස් සිනමා උලෙළ ජූලි 6 වැනිදා සිට ජූලි 17 වැනිදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වේ.
 
 
(අවාරා)
 
189560597 10226212809805347 4002794011761096339 n
 
 

THE LEADER TV 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...