BREAKING
Top Ad
Life

බලාගෙනයි! 'ඩයට්' (diet) බීමත් සෞඛ්‍යයට අහිතකරයි! - අලුත්ම අධ්‍යයනයක් හෙළි කරයි | Saroj Pathirana

T

The Leader

October 16, 2025 • 6:50 AM

බලාගෙනයි! 'ඩයට්' (diet) බීමත් සෞඛ්‍යයට අහිතකරයි! - අලුත්ම අධ්‍යයනයක් හෙළි කරයි | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීනි සහිත බීම වර්ග හා සමානවම (සමහරවිට ඊටත් වැඩියෙන්) සීනි අඩු කළ, නැත්නම් "ඩයට්" කියල හැඳින්වෙන බීම වර්ග පානය කිරීම මගිනුත් අක්මා රෝග වැළඳිය හැකි බව අලුත්ම අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙනවා.
  • ඒ නිසා සීනි සහ කෘත්‍රිම රසපානයන් යන දෙකම සීමා කිරීම සෞඛ්‍යය රැක ගැනීමට වැදගත් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
  • සීනි බීම අඩු කිරීමෙන් MASLD අවදානම 12.8% කිනුත්, “ඩයට්” බීම අඩු කිරීමෙන් 15.2% කින් පහළ යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


MASLD විදියට හැඳින්වෙන අක්මාව සම්බන්ධ රෝගයට සීනි වගේම කෘත්‍රිම රසපානයන් සහිත බීම කියන දෙවර්ගයම බලපෑ හැකි බව අධ්‍යයන වාර්තාව සාධක සහිතව පෙන්නලා දීල තියන බවත් SciTechDaily වෙබ් අඩවිය වාර්තා කරනවා.  

මීට ඉහතදී අක්මාව සම්බන්ධ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරපු බ්‍රිතාන්‍ය වාසීන් 123,788ක් යොදාගෙන කරපු පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය කිරීම මගින්, සීනි බීම පානය කරන්නන්ගේ MASLD අවදානම 50%කිනුත්, “ඩයට්” බීම පානය කරන්නන්ගේ අවදානම 60%කින් වැඩිවන බවත් හෙළි වී තියෙනව.

t56y5n

ඒ නිසා සීනි සහ කෘත්‍රිම රසපානයන් යන දෙකම සීමා කිරීම සෞඛ්‍යය රැක ගැනීමට වැදගත් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. සීනි බීම අඩු කිරීමෙන් MASLD අවදානම 12.8% කිනුත්, “ඩයට්” බීම අඩු කිරීමෙන් 15.2% කින් පහළ යයි. විද්‍යාඥයින් කියන්නේ, ඔබට මේ අවදානම අඩුකර ගැනීමට අවශ්‍ය නම් diet බීම වර්ග පානය කරනවා වෙනුවට ජලය පානය කරන්න කියල.

v46u56umxry

 

ප්‍රධාන පර්යේෂිකා Lihe Liu කියන විදියට සීනි සහිත බීම වර්ග - sugar-sweetened beverages (SSBs) - ගැන කාලාන්තරයක් මුළුල්ලේ අවධානය පළ වෙලා තිබුණත් සාමාන්‍යයෙන් "ඩයට්" බීම වර්ග සැලකුණේ වඩා සෞඛ්‍යාරක්ෂිත විකල්පයක් හැටියට. "කොහොම වුණත්, මේ දෙවර්ගයම බහුලව භාවිතයට ගැනුන වගේම ඒ මගින් අක්මාවට කෙරෙන බලපෑම එතරම් පැහැදිලිව හඳුනාගෙන තිබුණෙ නැහැ."  

අඩු සීනි හෝ  diet කියල හැඳින්වෙන බීම වර්ග - low- or non-sugar-sweetened beverages (LNSSBs) - දවසකට එක කෑන් වගේ සුළු ප්‍රමාණයක් භාවිත කළත් සීනි සහිත බීම වර්ග පානය කරනවාටත් වඩා එහි බලපෑම වැඩි බව අධ්‍යයනයෙන් හෙළි වූ බවත් විද්‍යාඥවරිය පෙන්වා දෙනවා. "ඒ නිසා අපේ සොයා ගැනීම මගින්, ඩයට් බීම වර්ගවලින් සෞඛ්‍යයට හානියක් නැහැ කියන සම්මතයට අභියෝග කරනව."

(SciTechDaily වෙබ් අඩවියේ වාර්තාවක් ඇසුරෙනි)

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...