BREAKING
Top Ad
Life

අනායාස මරණය (Euthanasia) සහ මියයාමට ඇති අයිතිය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader

July 7, 2023 • 6:42 AM

අනායාස මරණය (Euthanasia) සහ මියයාමට ඇති අයිතිය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිය වසරේ දෙසැම්බර් මාසයේ තිරගත වූ හින්දි චිත්‍රපටයක් වන Salaam Venky චිත්‍රපටියේ සාකච්ඡා කරන මාතෘකාව වන්නේ රෝගියෙකුට මිය යාමට ඇති අයිතියයි.
  • Salaam Venky මාංශ පේශි අකර්මණ්‍ය වීමෙන් ක්‍රමයෙන් මරණය කරා ළඟා වෙමින් සිටී වෙන්කටෙෂ් අනායාස මරණයක් සඳහා ආන්ද්‍රා ප්‍රදේශ්  මහාධිකරණයට නඩුවක් මගින් ඉල්ලීමක් සිදුකොට තිබිය දී 2004 දෙසැම්බර් 17 දින මිය ගියේය.
  • ඉන්දියාවේ සංවාදයට බඳුන් වන මෙම මාතෘකාව සංකල්පයක් ලෙස බටහිර රටවල්වල විශාල ලෙස වර්ධනය වී ඇත.
  • වෛද්‍යවරයෙකු විසින් තීරණය කරන මෙම මරණය අවම වේදනාවක් සහිතව සිදුකිරීමට කටයුතු සලසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කොලවෙන්නු වෙන්කටේෂ් නැමැති තරුණයෙකුගේ සත්‍ය කතාවක් මෙම චිත්‍රපටයට පාදක කොට ගෙන ඇත.

salaam venkySalaam Venky

මාංශ පේශි අකර්මණ්‍ය වීමෙන් ක්‍රමයෙන් මරණය කරා ළඟා වෙමින් සිටී වෙන්කටෙෂ් අනායාස මරණයක් සඳහා ආන්ද්‍රා ප්‍රදේශ්  මහාධිකරණයට නඩුවක් මගින් ඉල්ලීමක් සිදුකොට තිබිය දී 2004 දෙසැම්බර් 17 දින මිය ගියේය. 2018 වසරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගලයකුට ගෞරවාන්විතව මිය යාමට ඇති අයිතිය පිළිගත්තේය (Common Cause vs Union Of India)

මේ අනුව තමා ගැන තීරණ ගත හැකි මට්ටමේ සිටින රෝගීන්ට ජීවිතාරක්ෂක උපකරණ භාවිතය ප්‍රතික්ෂේප කිරීමටත් වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සිටීමට ඇති අයිතියත් පිලිගත්තේ ය. ඉන්දියාවේ සංවාදයට බඳුන් වන මෙම මාතෘකාව සංකල්පයක් ලෙස බටහිර රටවල්වල විශාල ලෙස වර්ධනය වී ඇත.
 
අනායාස මරණය යනු සුව කළ නොහැකි හා වේදනාකාරී රෝගයකින් හෝ ආපසු හැරවිය නොහැකි කෝමා තත්ත්වයකින් පෙළෙන රෝගියෙකු වේදනා රහිතව දිවියෙන් සමු ගැනීමට අවස්ථාව සලසා දීමයි (the painless killing of a patient suffering from an incurable and painful disease or in an irreversible coma.) වේදනාව දරා ගත නොහැකි රෝගයකින් පෙළෙන පුද්ගලයකුට අනායාස මරණයක් තෝරාගත හැකි ආකාරයට බටහිර රටවල් රාශියක නීතිය වෙනස් වී තිබේ. වෛද්‍යවරයෙකු විසින් තීරණය කරන මෙම මරණය අවම වේදනාවක් සහිතව සිදුකිරීමට කටයුතු සලසා ඇත.
 91277972 gettyimages 481515643
 
 
බෙල්ජියම, කැනඩාව, ස්විස්ටර්ලන්තය, කොලොම්බියාව, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ස්පාඤ්ඤය ඇතුළු රටවල් ගණනාවක අනායාස මරණය නීතිගතව තිබේ. එසේම බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වල මෙන්ම රුසියාවේ ද අනායාස මරණය නීතිවිරෝධීය. පුද්ගලයකුට සිය දිවි තොර කර ගැනීමට ඇති අයිතිය බොහෝ ආගමික සංකල්ප හා ගැටේ. නමුත් මේ තත්ත්වය නීතිය හා පුද්ගල නිදහසේ දියුණු අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය.
කැනඩාව පමණක් අනායාස මරණයෙන් මියගිය පිරිස 10064කි. ඒය නෙදර්ලන්තයේ 7666කි. බෙල්ජියමේ අනායාස මරණය තෝරාගත් පිරිස 2690. මේ වන විට අනායාස මරණය නීතිගත නොවූ රටවල් වලින් පැමිණවෛද්‍ය උපදෙස් මත දිවි තොර කර ගැනීමට අනායාස සංචාරකයන් පෙළඹී තිබීම හේතුවෙන් මෙම රටවල මෙම අගය මෙතරම් ඉහළට ගොස් තිබේ.

සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන රෝගියකුට එවැනි අනායාස මරණයක් තෝරාගැනීමට නෙදර්ලන්තයේ ඉඩ ලබා දී දශක පහක් ගත වී ඇත. රෝගියෙකුට අනායාස මරණය ළඟා කර දෙන වෛද්‍යවරයෙකු එම රෝගියා ගෙන් මුදල් අය කරන්නේ නැත. රක්ෂණ සමාගම් මගින් එම මුදල් ප්‍රතිපුර්ණය කරනු ලබයි.
 
euth
අනායාස මරණය සඳහා එම රෝගියා තමන් ගෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව එම රෝගියා කියා අභිමතය පරිදි ක්‍රියා කළ බවත් වෛද්‍යවරුන් බලධාරීන්ට වාර්තා කළ යුතුය.

බෙල්ජියම වැනි රටවල මෙම සංකල්පය කොතරම් පුළුල් වී ඇත්ද යන්න දැඩි දරාගත නොහැකි හිසරදයෙන් පෙළෙන තරුණ පුද්ගලයන්ට පවා වෛද්‍ය නිර්දේශ මත අනායාස මරණය තෝරා ගැනීමට ඉඩ දීමෙන් පෙනී යයි.

නමුත් බ්‍රිතාන්‍ය වැනි අනායාස මරණයට එරෙහි රටට රෝගියෙකුට දිවි තොරකර ගැනීමට අනුබල දීම වෛද්‍යවරයෙකුට අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබීමට හේතු  වන ක්‍රියාවක් විය හැකිය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 2018 වසරේ කෝමා තත්ත්වයේ (VEGETATIVE STATE) සිටින රෝගියකුගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවන පරිදි නීතිය ලිහිල් කළේය.

සටහන :
Rasangaනීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com


Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...