BREAKING
Top Ad
විශේෂාංග

කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක් - Faculty of Sex

T

The Leader

April 24, 2021 • 11:27 AM

කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක් - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් අපිට කියන්නෙ ආධ්‍යාත්මික මාධ්‍යයක් හැටියට සෙක්ස්වල වැදගත්කමද?
  • විශේෂයෙන්ම ස්වයං වින්දනයට  තත් 20ට කලින් ඔබේ අත් සහ සෙක්ස් ටෝයිස් සබන් යොදා පිරිසිදු කරගත්තොත් එය ආරක්ෂිතයි කියල කියනවා.
  •       සයිකොඇනලසිස් පාඩමක්...
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
කොවිඩ් 19 නිසා අනිවාර්යෙන්ම ඩිජිටල් සෙක්ස් ගේම්වල වැඩිවීමක් සිද්ද වෙයි. 
 
හැබැයි ඒ වගේම අපේ ශාරීරික සමීපතාවයේ වටිනාකම අගය කරන්නත්, දෙන්නෙක් අතර සෙක්ස් කියන එක ආධ්‍යාත්මික මාවතක් හැටියෙන් තේරුම්ගන්නත් කොවිඩ් අපිව පොළඹවයි.
 
අයිරිෂ් සෞඛ්‍ය බලධාරීන් විසින් කොවිඩ්වලදි සෙක්ස් කළ යුතු ආකාරය ගැන නිර්දේශ වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙ තියෙන ප්‍රධානම නිර්දේශ දෙකක් තියෙනවා. 
 
එකක්, ශාරීරික සහ මුහුණට මුහුණ සම්බන්ධතාවලින් ඈත් වෙලා ඉන්න එක සලකා බැලීම වැදගත් කියන එක, විශේෂයෙන් සෙක්ස් ආශ්‍රිත රැකියා කරන අයට වීඩියෝ ඩේට්ස්, චැට් රූම්ස්, සෙක්ස්ටින් වගේ දේවල් පාවිච්චි කරන්න සලකා බලන්න කියල උපදෙස් දෙනවා. 
 
අනිත් අය එක්ක කීබෝර්ඩ් එක බෙදාගන්නවා නම් පාවිච්චි කරන්න කලින් ඒක විශබීජහරණය කරන්නත් ඕන. 
 
  
අනිත් කාරණය තමයි ස්වයං වින්දනයෙන් කොරොනා වයිරසට බෝනොවෙන බව. විශේෂයෙන්ම ස්වයං වින්දනයට  තත් 20ට කලින් ඔබේ අත් සහ සෙක්ස් ටෝයිස් සබන් යොදා පිරිසිදු කරගත්තොත් එය ආරක්ෂිතයි කියල කියනවා.
  
මේවා ශරීරයෙන් ශරිරයට බෝවෙන වසංගතයක් ඇති කාලෙක සාමාන්‍ය කාරණා. 
 
හැබැයි කෙනෙකුට පේන්න ඕන මේ නිර්දේශයන්ගෙන් ඇත්තටම කරන්නෙ දැනටමත් අපේ ජීවිතේ සිද්ද වෙමින් යන ඩිජිටල්කරනය වඩා හොඳින් ස්ථාපිත කරන එකයි කියල. 
 
සංඛ්‍යා දත්ත වලින් පේනවා මේ වෙද්දි නව යෞවනයෙක් තමන්ගේ ලිංගිකත්වය හොයාගෙන යාමට යොදවන කාලය එයා වෙබ් එකේ ගත කරන කාලයට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රමානයක් කියල.
 
ඒ ගොල්ලො සෙක්ස් කළත් ඒක කරන්නෙත් ඩිජිටල් ස්පේස් එකක. සමහර විට පෝර්න් එක්ක. ඒක ලේසියි වගේම ඉක්මන් තෘප්තියක්.
 
Covid sex.j1 
 
මේ හේතුව නිසාම HBO එකෙන් හයිස්කූල් ශිෂ්‍ය පිරිසක් ඩ්‍රග්ස්, සෙක්ස් සමග අනන්‍යතා, ඛේදවාචක, සෝෂල් මීඩියා, ආදරය සහ යාලුකම් අතර යන ගමනක් කියල යුෆෝරියා සීසන් එක ගෙනෙද්දි ඒ ගොල්ලො ගේන්නෙ දැන් යෞවනයේ නැතිම දේ. 
 
ඒක මේ කාලෙ නව යෞවනය නෙමෙයි. 
 
ඒ හින්ද ඒක අදාල නැති කාලයක කතාවක් වගේම දැන් මැදිවියේ කාගෙ හරි නොස්තැල්ජියාවක් වගේ වෙනවා.
 
හැබැයි අපි මෙතනින් අඩියක් ඉස්සරහට ගිහින් ඇහුවොත්, ඇත්තටම කවදාවත් එහෙම රියල් සෙක්ස් කියල දෙයක් තිබුනද? 
 
ෆැන්ටසියකින් තොරව පැවතුනු රියල් එකක් ඉතිහාසෙවත් තිබුනද? 
 
ස්වයං වින්දනය කියන එකම සාමාන්‍ය අර්තයෙන් ගත්තොත් වෙන අයව මවාගනිමින් තමන් විසින් කරගැනීම. රියල් සෙක්ස් කියන්නෙ කොහොමත් තව කෙනෙක් එක්ක කරන මාස්ටර්බේෂන් එකක් කියල කිව්වොත්? 
  
මොකක්ද මං ඒකෙන් අදහස් කරන්නෙ? ගාඩියන් එකේ කමෙන්ට් එකක් විදිහට ඊවා වයිස්මන් විසින් ජොන් රොන්සන්ගෙ ඉන්ටර්නෙට් පෝර්න් කම්පනය ගැන කරපු බටර්ෆ්ලයි අෆෙක්ට් කියන පොඩ් කාස්ට් සීරීස් එක මතක් කරනවා. 
 
පෝර්න් සෙට් එකක නළුවාට මගදි බහිනවා. ඒක ආපහු නග්ගගන්න නළුවා කරන්නෙ නිළියගෙන් අනිත් පැත්තට හැරිලා ෆෝන් එකෙන් පෝර්න් හබ් බලබල ස්වයං වින්දනයෙ යෙදෙන එක. නිරුවත් ගෑනියෙක් එයාගෙ කකුල් දෙක ළඟ ඉන්නවා. මේ සිද්දිය ඇයව කම්පනය කළා කියල ඊවා කියනවා.
 
‘සෙක්ස් කියන දේ මොකක් හරි නරක් වෙලා’ ඊවා අවසන් කරන්නෙ එහෙම.
 
 
 
සයිකොඇනලසිස් පාඩමක්...
 
මං එකඟයි. ඒත් මං මේකට සයිකොඇනලසිස් පාඩමක් එකතු කරනවා. 
 
සෙක්ස් කියන එකේ කොහොමත් ස්වභාවයෙන්ම නරක් වෙලා තමයි තිබුනෙ. 
 
මානව ලිංගිකත්වය කොහොමත් විපරීතයි. සැඩොමැසිකිස්ට් දේවල්වලට විවෘතයි. 
 
විශේෂයෙන්ම ඒක රියැලිටියෙ සහ ෆැන්ටසියෙ මිශ්‍රණයක්. 
 
මං මගේ සහකරුවා හෝ සහකාරිය සමග ඉඳිද්දී පවා ඔහු/ඇය සමග මගේ සම්බන්ධය මගේ ෆැන්ටසි එක්ක ගැටගැහිලයි තියෙන්නෙ. 
 
හැම ලිංගික සම්බන්ධයක්ම ගොඩනැගිලා තියෙන්නෙ ඇත්ත සහකරුවෙක් එක්ක ස්වයං වින්දනය කිරීමක් විදිහට. 
 
මං මගේ සහකරුවාගේ මාංශය, ශරීරය පාවිච්චි කරන මගේ ෆැන්ටසිය අත්පත් කරගන්න මෙවලමක් විදිහට.
 
අපිට මේ සහකරුවකුගේ ශරීරමය යතාර්ථය සහ ෆැන්ටසි විශ්වය අතර පරතරය පීතෘමූලික සහ සමාජ ආධිපත්‍යයික ස්වරූපය නිසා හෝ සූරාකෑම නිසා ඇතිවුනු තත්වයක් විදිහට ලඝු කරන්න බෑ. 
 
මේක ආරම්භයේ ඉඳන්ම මෙහෙමයි. 
 
ඒ හින්ද මට හොඳටම තේරෙනවා නැවත ප්‍රානවත් වෙන්න පෝර්න් හබ් බලන නළුවාගෙ තත්වය. එයා හොයන්නෙ එයාගෙ පර්ෆෝමන්ස් එකට ෆැන්ටැස්මික උදව්වක්. 
 
 Covid sex.e සෙක්ස් කරද්දි කෙනෙක් අනෙකාට මොනවා හරි කියන්න, ගොඩක් වෙලාවට වල් දේවල් කියන්න කියන්නෙත් මේ හේතුවටමයි. 
 
 
 
අපි අපේ අත්වලින් ඒ දේ, අපේ සහකරුවාගේ ශරීරය අල්ලගෙන හිටියත් අපි ඉල්ලනවා ෆැන්ටසියක උදව්ව.
 
 මේක අර නළුවට හරියටම වැඩකරනවා. මොකද එයා ඒ නිළිය එක්ක ආදර සම්බන්දයක ඉන්නවා නෙමෙයි. ඇගේ ශරීරය එයාට පන තියෙන සෙක්ස්බොට් කෙනෙක් විතරයි. 
 
ඔන්න ඒ නළුවා ඇය සමග අනුරාගී ආදරයකින් පසුවුනා නම් ඒ ශරීරය එයාට දැනෙන්න තිබුන. මොකද එහෙම වුනා නම් ඔහුගේ හැම ස්පර්ශකින්ම ඇගේ ආත්මයේ අරටුව කම්පනය කරන හින්ද. 
 
කෙනෙක් තමන් ආදරය කරන කෙනෙක් සමග සංවාසයේදී ඒ සහකරුවාගේ ශරීරය ස්පර්ශ කිරීම හරිම වැදගත් දෙයක්. 
 
ඒ හින්ද අපිට සිද්ද වෙනවා ලිංගික අනුරාගය ශාරීරිකයි -ආදරය ආධ්‍යාත්මිකයි කියන සාමාන්‍ය පිලිගැනීම වෙනස් කරන්න. 
 
 Covid sex. love
ලිංගික ආදරය ශාරීරීකයි, දැනෙනසුලුයි, ආදරයෙන් තොර ලිංගිකයට වඩා. තවත් විදිහකින් කිව්වොත් ආදරයත් එක්ක සෙක්ස් දැනෙනවා වැඩියි, ආදරයක් නැති සෙක්ස්වලට වඩා.
  
එහෙම නං මේ වසංගතය නිසා ලිංගිකත්වය සීමා වෙලා ආදරය පැතිරෙන්න පටන් ගනීද? ස්පර්ශ කළ නොහැකි දුරින් සිටින ආදරවන්තයා ගැන වර්ණනාත්මක හැඟීම් විකසිත වෙයිද? වසංගතය නිසැකවම ඩිජිටල් සෙක්ස් ගේම්වලට නම් ලොකු තල්ලුවක් දේවි. 
 
ඒ වගේම ලිංගික අනුරාගය ගැන සමීපත්වය ගැන අලුත් විදිහක වටිනාකමක් වසංගතය නිසා මිනිස්සු තේරුම් ගනීවි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. 
 
මෙතනදි ආන්ද්‍රෙයි තර්කොව්ස්කිගෙ පාඩමක් මතක් කරන එක හොඳයි. 
 
තර්කොව්ස්කිට පොලොව කියන්නෙ ඒ පොලොව ඇතුලෙ තියෙන තෙත සහිත බවත් එක්ක, ආධ්‍යාත්මිකබවට විරුද්ධ යමක් නෙමෙයි. 
 
පොලොව කියන්නෙ ආධ්‍යාත්මිකත්වයේ මාධ්‍යයමයි. 
 
තර්කොව්ස්කිගෙ මාස්ටර්පීස් එකක් වුනු මිරර් ෆිල්ම් එකේ එයාගෙ තාත්තා අර්සෙනි තර්කොව්ස්කි මේ වචන කියනවා.
 
 ‘ශරීරයක් නැති ආත්මය පව්කාරයි. හරියටම ඇඳුම් නැති ශරීරයක් වගෙයි’
 
පෝර්න් බලාගෙන මාස්ටර්බේට් කරන එක පව්කාරයි. ශරීරයෙන් ශරීරය ස්පර්ශය ආධ්‍යාත්මිකයට මාර්ගයයි.
 
 Slavoj Žižek
ස්ලැවොයි ජිජැක්
 

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...