BREAKING
Top Ad
විශේෂාංග

පශ්චාත් කොරොනා සෙක්ස් සමය සුන්දරද? -Faculty of Sex

T

The Leader

May 8, 2021 • 7:36 AM

පශ්චාත් කොරොනා සෙක්ස් සමය සුන්දරද? -Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් පලවෙනි සෙක්ෂුවල් රිවොලූෂන් එක සිද්ද වෙලා සියවස් බාගයකටත් වැඩියි. ඒක වුනේ 1960දි.
  •    කින්සි ඉන්ස්ටිටියුට් එකේ විශේෂඥයො පිරිසක් මිනිස්සු 2000 විතර එක්ක පර්යේෂණ කළාට පස්සෙ ඒ අයට මුනගැහුනෙ වෙනස් යතාර්ථයක්.
  • ක්ෂනික තෘප්තිය ඒ අයගෙ අරමුනක් වුනේ නෑ”   අවුරුදු කීපයක් තිස්සෙ කොරොනා භීතිකාව ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු තමන් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන අයගෙන් යම් හැඟුම්මය ගැඹුරු සම්බන්ධයක් ඉල්ලා සිටිනවා.
  • ඇත්තට මුනගැහෙන සම්බන්ධයකට කලින් ඒ අයට ඒ අය ගැන තව බොහෝ දේ දැනගන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):
අපි සෙක්ස් රෙවලූෂන් 2.0 වර්ෂන් එක එනකල් බලන් ඉන්නවා.
 
සෙක්ස් ටෝයිස්, ඩේටින් ඇප්, මිලේනියල්ස්ලා මේ ඔක්කොම තියෙද්දි ඒක වැඩියෙන්ම ට්‍රිගර් කරන කාරණය වසංගතයක් වෙයි කියල කවුරුවත් හිතුවද? 
 
ඔන්න දැන් අපි එතනට ඇවිත් ඉන්නවා. 
 
කොරොනා එක්ක ජීවිතේ දිගම දිග අවුරුදු ගතකරමින් ඊට පස්සෙ එළඹෙන හැමදෙයක්ම වෙනස් වුනු ලෝකයක් දිහා බලාගෙන. 
 
කොරොනාවට පෙර ලෝකය සහ කොරොනාවට පසු ලෝකය කියන්නෙ ලෝක දෙකක්. 
 
ඒ පශ්චාත් කොරොනා අවධියේදි අපේ සම්බන්ධතාවල දැවැන්ත වෙනසක් සිදුවීම අනිවාර්යයි. 
 
අපි ඉන්නෙ නව ලිංගික යුගයක ආරම්භක එලිපත්තෙ. ලිංගික සම්බන්ධතා ගැන විශේෂඥයො මුලින් හිතුවෙ මේ නව යුගය ටොන් ගනං කැෂුවල් සෙක්ස් සිද්ද වෙන කාලයක් වෙයි කියල. ඒත් ඒක වැරදි වෙන්න පුළුවන්.
  
කින්සි ඉන්ස්ටිටියුට් එකේ විශේෂඥයො පිරිසක් මිනිස්සු 2000 විතර එක්ක පර්යේෂණ කළාට පස්සෙ ඒ අයට මුනගැහුනෙ වෙනස් යතාර්ථයක්.
 
ඒක ආස්වාදනීය එකක්ද? ප්‍රීතිමත් එකක්ද?
 
ඒ ගොල්ලො සෙක්ස්වල අනාගතය දැක්කෙ මෙහෙම.
 
හුදකලා වුනත්, ජෝඩු වුනත්, තුන්දෙනෙක් වුනත් මේ මොන විදිහක අය වුනත් වඩා පරිපූර්ණ සහ අලුත් ඉසව් සොයා යන සෙක්ස් ගැන උනන්දුවක් දක්වමින් තියෙනවා. 
 
ඇත්තටම ඒක සෙක්ස් කරන වාර ගණනක් විදිහට අඩුවෙන්න පුළුවන්. 
 
ඒත් වඩාත් ගුණාත්මක ලිංගික සම්බන්ධතා ගැන මිනිස්සු හිතන්න පටන් අරන් තියෙනවා.
 
dsfsd
 
‘මිනිස්සු පුරුදු වෙලා ඉන්න හැසිරීමක් වෙනස් කරන්න හරිම අමාරුයි. හැබැයි මේ වසංගතය අපිව වෙනස් කරන්න ලොකු බලපෑමක් කරනවා’ ලෝගන් යූරි, හින්ජ් ඩේටින් ඇප් එකේ සම්බන්ධතා විද්‍යාව පිළිබඳ අධ්‍යක්‍ෂවරයා කියන්නෙ එහෙමයි. 
 
ලොක්ඩවුන් කාලෙ කියන්නෙ ඩේටින් ඇප්වලට ආපහු මුල ඉඳන් හිතන්න සිද්ද වුනු කාලයක්. 
 
මිනිස්සු ඩේටින් ඇප්වලින් හොයාගෙන යන්නෙ හුදු තෘප්තියක් නෙමෙයි, ඊට වඩා යම් දෙයක් කියල ලෝගන් තමන්ගේ මේ වසංගත සමයේ සම්බන්ධතා තේරුම් ගැනීම ගැන කතා කරනවා.
 
‘අපේ පර්යේෂණවලදි මුනගැහුනු හැමෝම කැෂුවල් සෙක්ස් ගැන කිසිම ගරුත්වයකින් කතා කළේ නෑ’ සානා ව්රැන්ගලෝවා ලිංගික පර්යේෂිකාව කියනවා.
 
‘මිනිස්සු ආශාව, හැකියාව, අනුරාගය හැමදෙයක්ම යොදවලා ක්ෂනික සතුටක් හොයාගෙන යනවා නෙමෙයි. අපි කවදාවත් හිතුවෙ නෑ අපිට මේ වචන ලියන්න වෙයි කියල. වන් නයිට් ස්ටෑන්ඩ් කියන දේ අභාවයට යනවා.
 
 “අපේ පර්යේෂණයෙන් අඩකටත් වඩා පිරිසක් කිව්වෙ තවදුරටත් ඒ වගේ සම්බන්ධයකට තමන් ලෑස්ති නෑ කියල. ඒ වගේම තමන් ඩේටින් ඇප් එකකින් පවා යම් ගැඹුරු සම්බන්ධයක් හොයනවා කියලයි බහුතරයක් කිව්වෙ. ක්ෂනික තෘප්තිය ඒ අයගෙ අරමුනක් වුනේ නෑ”
 
අවුරුදු කීපයක් තිස්සෙ කොරොනා භීතිකාව ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු තමන් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන අයගෙන් යම් හැඟුම්මය ගැඹුරු සම්බන්ධයක් ඉල්ලා සිටිනවා.
  
කාර්යක්ෂමබව ගැන අලුත් ප්‍රවනතාවයක් මෙතනින් පටන්ගන්නවා. 
 
ස්වයිප් කරලා එසැනින් බීමකට හෝ නැත්තං කාමරයකට යන සම්බන්ධතා ස්වරූපය වෙනුවට ස්වයිප් එකකින් පස්සෙ අපේ කෙමිස්ට්‍රී එක ගැන ටිකක් බලමුද, නැත්තං අපි ටිකක් කතා කරමුද වගේ තත්වයක් වැඩිදෙනෙකුට ඕන වෙනවා. 
 
33%ක් විතර අපේ පර්යේෂණයට සහභාගි වුනු අය කිව්වෙ මුනගැසීමට පවා තරමක කාලයක් ගන්න ඒ අය කැමතියි කියල. 
 
ඒ වගේම ලිංගික සම්බන්ධයකට යන්න තවත් කාලයක් අවශ්‍යයි කියල. 
  Without sex
 
ව්රැන්ගලෝවා කියන විදිහට අපි දැන් ඉගෙනගෙන තියෙනවා සෙක්ස් නැතුව ටික කාලයක් හිටියා කියල ලෝක විනාසය සිද්ද වෙන්නෙ නැති වග. 
  
මේ හින්දම වසංගත කාලෙදි වීඩියෝ චැටින් පටන්ගත්ත අයගෙන් 70%ක්ම තවදුරටත් සම්බන්ධය ඒ විදිහට පවත්වාගෙන යන්න කැමතියි. ඇත්තට මුනගැහෙන සම්බන්ධයකට කලින් ඒ අයට ඒ අය ගැන තව බොහෝ දේ දැනගන්න ඕන.
 
ලොක්ඩවුන් කාලෙදි එකටම ගතකරන්න වීමෙන් දික්කසාද වීමේ සහ සම්බන්ධතා බිඳී යාමේ සෑහෙන ප්‍රවනතාවයක් තිබුනත් ඒ බහුතරයක් නැවත සොයමින් හිටියෙ කැපවීමක් ඇති සම්බන්ධතාවයක්. 
 
මේ කියන්නෙ විවාහයකින් කෙලවර වෙන සාම්ප්‍රදායික සම්බන්ධයක් කියන එක නෙමෙයි. 
 
කාලයක් පුරා එකිනෙකා අතර දේවල් බෙදාහදාගන්නා මිනිස් ඇසුරක උවමනාවයි එතන තිබුනෙ.
 
ඒ වගේම සමහරු තමන්ගේ බිඳවැටෙමින් තිබුනු සම්බන්ධතා කොරොනා කාලෙ අලුත් කරගෙන තිබුන. ඩේටින් ඇප්වල ගෝස්ටින්, චේසින් වගේ නරක ඇබ්බැහිවලට පුරුදු වෙලා හිටපු බහුතරයක් තමන් යම් හරයක් ඇති සම්බන්ධතා වෙනුවෙන් උනන්දු බව කිව්වා.
  
පැහැදිලිව තේරුම් ගන්න ඕන. මේ කියන්නෙ ඉස්සරහට සෙක්ස් කියන දේ පට්ට බෝරිං වෙනවා කියල නෙමෙයි. හැමෝම හුදු ශාරීරික සම්බන්ධයක් වෙනුවට ජීවිතේ යම් ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ඇති ඇසුරු කිරීමේ රටාවකට මාරුවෙමින් ඉන්නවා කියන එක. 
 
අපි සම්බන්ධයකදි කෙනෙක්ගෙන් හුදු සෙක්ස්වලට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අරගෙන.
 
ඒ වගේම අපිට උවමනා තරම් අත්හදාබැලීම් ලිංගික කලාපයේ කරන්න බැරිවීමක ආතතියකුත් තියෙනවා. දැන් කලේ නැත්තං වැඩක් නෑ වගේ හැගීමක් ඒක.
 
මේ හින්ද සම්බන්ධතා ඇතුලෙත් ඉන් පිටතත් පැහැදිලිව දකින්න පුළුවන් අලුත් දේවල් හොයාගෙන යාමේ නැඹුරුවක් ඇති වග ව්රැන්ගලෝවා කියනවා. 
 
අනාගතයේදි වඩා විවෘත සම්බන්ධතාවලට, ඒ කියන්නෙ ඕපන් රිලේෂන්ෂිප් වලට යාමේ වැඩි ප්‍රවණතාවයකුත් දකින්න තියෙනවා. 
 
ඒ වගේම ශෘංගාර කලාපවල, අන්‍යොන්‍ය ස්වයං මෛථුනයේ සිට ටෝයිස් පාවිච්චිය වගේ විවිධ අත්හදාබැලීම්වලට තරුණ පිරිස් පෙළඹිලා තියෙනවා.
 
sdfsd
 
සෙක්ස් ටෝයි ඉන්ඩස්ට්‍රී එක නම් මේ වෙද්දි ඉන්නෙ තොලකට ලෙවකමින්. ඒත් මේ ඉල්ලුම ඉහලයාමත් එක්කම මේ ටෝයිස් වඩාත් පුද්ගලානුබද්ධ වීමේ උවමනාවකුත් වැඩියෙන් දැනෙන්න අරන් තියෙනවා. 
 
ෆියුචර් ඔෆ් සෙක්ස් පොඩ්කාස්ට් එක කරන බ්‍රයොනි කෝල් කියන විදිහට සෙක්ස් ටෝයිස් නිර්මාණය කරද්දි ඊළඟට මුහුණ දෙන ගැටලු වෙන්නෙ, ‘කොහොමද ස්ත්‍රී පුරුෂ දෙකටම අයිති නැති අයව ආශක්ත කරගන්නෙ’, ‘කොහොමද ආබාධිත ප්‍රජාවට ආමන්ත්‍රණය කරන්නෙ’ වගේ දේවල්.
 
පසු වසංගත කාලෙ සෙක්ස් කියන්නෙ ගොඩක් සෙක්ස් කරන එක නෙමෙයි. වඩා හොඳින් අත්දැකීම්වල උපරිමය ග්‍රහණය කරන එක. යන්තම් සැනහීම වෙනුවට පූර්ණ තෘප්තියක් හොයාගෙන යන එක.
 
 
 
(ChinthaChinthana Dharmadasa)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම - facultyofsex.com)

 

 


 

THE LEADER TV

ලොකුගේට ඇක්ෂන් එකක් නොගත්ත එකනම් නෝන්ඩි 'ස'

  

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස් මෙන්න - විධිමත් පරීක්ෂණයක් කරන්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...