BREAKING
Top Ad
Life

අජන්ත සෙනෙවිරත්නගෙන් 'Father For A Buddha'- සැප්. 19 එළිදකී

T

The Leader

September 13, 2023 • 11:55 PM

අජන්ත සෙනෙවිරත්නගෙන් 'Father For A Buddha'- සැප්. 19 එළිදකී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීන සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව සැප්තැම්බර් 19 වන දා සවස් 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වීමට නියමිතය.
  • ලෞකික ස්ථානයක සිට පියවරෙන් පියවර ගොඩ නගමින් උසස් අධ්‍යාත්මික තත්වයක් සාක්ෂාත් කර ගැනීම දක්වා  කතුවරයා විසින් සුද්ධෝදන චරිතය, ඉතා අලංකාර ලෙස ගොඩ නගා තිබේ.
  • විවිධ ක්ෂේත්‍ර අලළා දැනටමත් සිංහල පොත් විස්සක් රචනා කර ඇති අජන්ත සෙනෙවිරත්නයන්ගේ පලමු ඉංග්‍රීසි නවකතාව "Father for a Buddha" වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එය සුද්ධෝදන මහරජතුමාගේ ජීවිත කතාව අලළා ලියැවුණු එකකි. අජන්තගේ නවතම සාහිත්‍ය කෘතිය "සර්වකාලීන සහ විශ්වීය තේමාවක්" සහිත එකක් වනුයේ එය මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පෞරුෂයක් වන සුද්ධෝදන රජු වටා ගෙතුණු කතාවක් බැවිනි.

තම පුතු කෙරෙහි තිබුණු උතුරා යන ආදරය නිසා ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දුන් සුද්ධෝදන රජතුමා අවසානයේ දී තමන් මුහුණ දුන් සියලු පසුබෑම් නොතකා සංසාරය ජය ගත්තේය. 

PHOTO 2023 09 14 10 41 12
දක්‍ෂ ලේඛකයෙකු වන අජන්ත, සුද්ධෝදන රජුගේ චරිතයට අදාළ ජීවන කරුණු එක්රැස් කර ඒවා නිසි පිළිවෙළට සකස් කරමින්, ඉහළ නිර්මාණශීලී කලාත්මක බවකින් යුතු ආඛ්‍යානයක් ප්‍රතිනිර්මාණය කර ඇත. එමෙන්ම එහි අවසාන ප්‍රතිඵලය වී තිබෙණුයේ සාහිත්‍යය තුළ අමරණීය වූ ඓතිහාසික පෞරුෂයක් ශේෂ කිරීමය. ලෞකික ස්ථානයක සිට පියවරෙන් පියවර ගොඩ නගමින් උසස් අධ්‍යාත්මික තත්වයක් සාක්ෂාත් කර ගැනීම දක්වා  කතුවරයා විසින් සුද්ධෝදන චරිතය, ඉතා අලංකාර ලෙස ගොඩ නගා තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ, ආචාර්ය ස්පෙන්සර් ජොන්සන්ගේ "Who Moved My Cheese" කෘතියේ සිංහල පරිවර්තනය අජන්ත සෙනෙවිරත්න විසින් රචනා කරන ලද්දකි. ඔහු විසින් රචිත “රාහුලයෙක් උපන්නා” සහ “පුත් පෙමින්” ඓතිහාසික සිංහල නවකතාවන් බෞද්ධ සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ ප්‍රසිද්ධය. විවිධ ක්ෂේත්‍ර අලළා දැනටමත් සිංහල පොත් විස්සක් රචනා කර ඇති අජන්ත සෙනෙවිරත්නයන්ගේ පලමු ඉංග්‍රීසි නවකතාව "Father for a Buddha" වේ.

මෙය සරසවි ප්‍රකාශනයකි.

PHOTO 2023 09 14 10 41 12 2


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...