නමුදු අප බොහෝ විට කළේ එය ගිලීම නොව මව හෝ පියා අසල නොමැති මොහොතක් බලා එම කුඩා ගුළිය සැපීම ය; එතුළින් දිවට දැනෙන රස විඳීම ය. එකල එම ගුළි හැඳින්වූයේ ‘මෝර ගුළි’ යනුවෙනි. එනම් මුහුදු මත්ස්‍යකු වන මෝරාගේ ශරිරයෙන් ලබාගන්නා තෙල් වර්ගයක් ලෙසිනි.
එදා කුමන අරමුණකින් අපි එම ගුළි භාවිත කළ ද, කුමන අරමුණකින් මව හෝ පියා අප වෙත ඒවා ලබා දුන්න ද Fish oil හෙවත් මාළු තෙල් වර්ග භාවිත කරන්නේ අපගේ චර්මය හෙවත් හම ලක්ෂණට තබා ගැනීම සඳහාත්, දෙනෙත් ඉතා හොඳට පෙනීම සඳහාත්, මොළය වර්ධනය කරගැනීම සඳහාත් යන්න අප දැනගන්නේ පසු කාලයක දී ය.
මතු පළවන විඩියෝව ඉදිරිපත් කරන පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) පැහැදිලි කරන්නේ Fish oil හෙවත් මාළු තෙල් යනු මොනවා ද, ඒවා ලබාගන්නේ කෙසේ ද, ආහාරවලින් ඒවා ලැබෙන්නේ කෙසේ ද, Fish oil හෙවත් මාළු තෙල් වර්ගයක් නිවැරැදිව තෝරාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය.
ඔබ දැනටමත් Fish oil හෙවත් මාළු තෙල් භාවිත කරන පුද්ගලයෙක් නම් හෝ භාවිත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන් ම මෙම විඩියෝව නරඹන්න.
(සටහන - ජයසිරි අලවත්ත)
Fish oil හෙවත් මාළු තෙල් පිළිබඳ ඔබ දන්නේ මොනවා ද...? - (වීඩියෝ)
T
The Leader
August 16, 2024 • 12:22 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අප කුඩා කාලයේ: කහ වර්ණයෙන් යුත්, මැණිකක් සේ දිලිසෙන, කුඩා ලොසින්ජරයක් බඳු ගුළියක් අප වෙත දෙන මව හෝ පියා එය ගිලින ලෙස පවසයි.
- එනම් මුහුදු මත්ස්‍යකු වන මෝරාගේ ශරිරයෙන් ලබාගන්නා තෙල් වර්ගයක් ලෙසිනි.
- නමුදු අප බොහෝ විට කළේ එය ගිලීම නොව මව හෝ පියා අසල නොමැති මොහොතක් බලා එම කුඩා ගුළිය සැපීම ය; එතුළින් දිවට දැනෙන රස විඳීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


