BREAKING
Top Ad
Life

මොස්කව් Food Market සවාරිය ලෝකේ පුරාම රටවල කෑම කඩ 75ක්! (වීඩියෝ)

T

The Leader

May 8, 2024 • 9:49 AM

මොස්කව් Food Market සවාරිය ලෝකේ පුරාම රටවල කෑම කඩ 75ක්! (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකේ පුරාම විවිධ රටවල කෑමවලින් පිරුණු කෑම කඩ 75ක් තියෙන රුසියාවේ මොස්කව් අගනුවර දෙපෝ (Depo) කියන
  •   2019 මේ ෆුඩ් මාර්කට් එක විවෘත කරන්න කලින් මෙතන තිබිල තියෙන්නේ බස් ඩිපෝ එකක්.
  • ඒ අතරේම මෙතන එළවලු සහ පළතුරු මාකට් එකකුත් තියෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):

Food Market එකේ සවාරියකට අද මම ඔබ කැඳවාගෙන යන්නම්.  

2019 මේ ෆුඩ් මාර්කට් එක විවෘත කරන්න කලින් මෙතන තිබිල තියෙන්නේ බස් ඩිපෝ එකක්. ඇත්තටම ට්‍රෑම් ඩිපෝ එකක්. ඒ නිසා තවමත් ට්‍රෑම් රථ කිහිපයකුත් මෙතන නවත්තල තියෙනව. ඒ ට්‍රෑම් රථවලත් කෑම කඩ දාල.

කෑම කන්න උඩ තට්ටුවෙත්, පහළ තට්ටුවෙත් පොදුවේ ආසන දාල තියෙනව. ඒ අතරේම මෙතන එළවලු සහ පළතුරු මාකට් එකකුත් තියෙනව.

රාත්‍රියට මෙතන සංගීතයත් තියෙනව. නැති කෑම ජාතියකුත් නෑ. ඉතින් මොස්කව් වැසියෝ බීර වීදුරුවක් තොල ගාල, කෑම ටිකකුත් කාල සංගීතයත් එක්ක නර්තනයේත් යෙදෙනවා. විශේෂයෙන්ම සති අන්තයේ. ඉතින් සාමාන්‍යයෙන් හවස් වෙනකොට දෙපෝ එකේ දහස් ගණනක් සෙනග පිරිලා.  

මොස්කව් නගරයේ දකින්න ලැබෙන විශේෂ ස්ථාන වගේම රුසියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් ගැන විස්තරත් රැගෙන ඉක්මනින් යළිත් ඔබ හමුවෙන්නම්.

(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
sarojpathi@gmail.com

 

 

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...