BREAKING
Top Ad
Life

ග්‍රෑස්ට්‍රයිටිස් (Gastritis) හෙවත් ආම්ලිකතාව වැලඳෙන විධිය සහ සුව කරන විධිය (වීඩියෝ)

T

The Leader

July 26, 2024 • 12:07 AM

ග්‍රෑස්ට්‍රයිටිස් (Gastritis) හෙවත් ආම්ලිකතාව වැලඳෙන විධිය සහ සුව කරන විධිය (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘හොඳට නරකට දෙකට කට ම ය’’ යන කියමන ඔබ සැවොම අසා ඇතිවාට සැක නැත. එම වදන් පෙළ බොහෝ විට යොදාගන්නේ එසේත් නොවේ නම් භාවිත
  • ඒ අරුතින් පවසන යට සඳහන් වදන් පෙළ දන්තාලේප ආයතන ද තම ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කර ඇති බව ද ඔබ සැවොම දන්නා කරුණකි.
  • ඒ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ද නොයෙක් ප්‍රතිකාර පවතී; එම රෝගයෙන් පෙළෙන පිරිස් මෙම වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් අදාළ රෝගයෙන් මිදීමට යත්න දරති.
  • නමුත් ඒ සඳහා කොතෙක් ප්‍රතිකාර කළ ද තමන් ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍ය අනුව මෙම රෝගය කිසිදු ආකාරයකින් සුවපත් කළ නොහැකි බව මේ වන විට වෛද්‍ය විද්‍යා පර්යේෂණ මගින් සාක්ෂාත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙරෙන්නේ ‘‘කට පරිස්සම් කරගන්න’’ යන යෙදුමට ද සමාන්තරව ය.

එහි දී ද ‘‘කට පරිස්සම් කරගන්න’’ යනුවෙන් භාවිත කෙරෙන්නේ කිසිවකුගේ මුවින් නිකුත් වූ වචන ආපසු ඇද ගත නොහැකිය යන අරුතෙනි. තවත් සරලව පවසන්නේ නම් යම් වචනයක් පැවසීමට පෙර සිතා බලන්න යන අරුතිනි.

ඒ අරුතින් පවසන යට සඳහන් වදන් පෙළ දන්තාලේප ආයතන ද තම ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කර ඇති බව ද ඔබ සැවොම දන්නා කරුණකි. නමුදු මෙම ලියවිල්ලේ දී ‘‘හොඳට නරකට දෙකට කට ම ය’’ යන කියමන භාවිත කරන්නේ ඊටත් වඩා වෙනස් අරුතකිනි.

වර්තමානයේ පවතින බෝ නොවන රෝග අතර ග්‍රෑස්ට්‍රයිටිස් (Gastritis) හෙවත් ආම්ලිකතාව යනු බහුතර ප්‍රජාවක් පෙළන රෝගයකි; එමෙන් ම එය දැඩි පීඩාකාරි රෝගයකි.

ඒ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ද නොයෙක් ප්‍රතිකාර පවතී; එම රෝගයෙන් පෙළෙන පිරිස් මෙම වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් අදාළ රෝගයෙන් මිදීමට යත්න දරති. නමුත් ඒ සඳහා කොතෙක් ප්‍රතිකාර කළ ද තමන් ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍ය අනුව මෙම රෝගය කිසිදු ආකාරයකින් සුවපත් කළ නොහැකි බව මේ වන විට වෛද්‍ය විද්‍යා පර්යේෂණ මගින් සාක්ෂාත් කර ඇත.

එසේ නම් ඔබ ග්‍රෑස්ට්‍රයිටිස් (Gastritis) හෙවත් ආම්ලිකතාව රෝගයෙන් මිදෙන්නේ කෙසේ ද...? ඒ සඳහා කදිම පිළිතුරක් මෙන් ම ක්‍රමවේදයක් පිළිබඳ ඔබ දැනුවත් කරන විඩියෝවක් පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) විසින් අන්තර්ජාලය වෙත මුදා හරිනු ලැබ ඇත.

පහත පළ වන්නේ එම විඩියෝව ය. ඔබ එය හොඳින් නරඹා, එම වෛද්‍යවරයා පවසන ආකාරයට ආහාර වේල ද කලමනාකරණය කරගන්නේ නම් ඔබ මෙතෙක් පීඩා විඳි ග්‍රෑස්ට්‍රයිටිස් (Gastritis) හෙවත් ආම්ලිකතාව රෝගයෙන් මිදීමට හැකි වනු නොඅනුමාන ය.

(ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...